දප්පුල ලිවේරා ඇතුළු නීතීඥ මණ්ඩලයම බැදුම්කර නඩුවෙන් ඉවත් කෙරේ.. නඩු පැවරීම අපරාධ අංශයෙන් සිවිල් අංශයට..

January 22, 2018 at 9:20 am | lanka C news
දප්පුල ලිවේරා ඇතුළු නීතීඥ මණ්ඩලයම බැදුම්කර නඩුවෙන් ඉවත් කෙරේ.. නඩු පැවරීම අපරාධ අංශයෙන් සිවිල් අංශයට..

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභවේ නිර්දේශ මත චෝදනා එල්ල වන පුද්ගලයන්ට නඩු පැවරීම් ඇතුළු ඉදිරි නීතිමය කටයුතු වලින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ලිවේරා මහතා ඉවත් කර ඇත.

ලිවේරා මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නීති අංශය භාර ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා වෙයි.

ඔහු වෙනුවට පත් කර ඇත්තේ සිවිල් නීති අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධීපති නීතීඥ මුර්දු ප‍්‍රනාන්දු මහත්මියයි.

එමෙන්ම ලිවේරා මහතා සමග බැදුම්කර කොමිසමේදී ප‍්‍රශ්න කිරීම සදහා සම්බන්ධ වූ ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ, ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවාන ඇතුළු එම කොමිසමේදී හරස් ප‍්‍රශ්න ඇසු නීතීඥ මඩුලේලේ කිසිවෙකු නඩු කටයුතු සදහා සම්බන්ද කරගෙන නැත.

මේ අතර ජනාධීපති නීතීඥ මුර්දු ප‍්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් විසින් නඩු පැවරීම සදහා බැදුම්කර වාර්තාව අධ්‍යනය කරමින් සිටින බවද වාර්තා වෙයි.

127 views

14 Comments to “දප්පුල ලිවේරා ඇතුළු නීතීඥ මණ්ඩලයම බැදුම්කර නඩුවෙන් ඉවත් කෙරේ.. නඩු පැවරීම අපරාධ අංශයෙන් සිවිල් අංශයට..”

  1. ජසයා says:

    පුහ්……. මේවා අපි බලාපොරොත්තු වුන දේවල්,…… පුදුම වෙන්න හේතුවක් නැහැ.

    • Alapaluwa says:

      සහෝදරවරුනේ මෝඩ නොවෙල්ලා මෙය වන්නට පුළුවන අවුරුදු 3 කට පසු තමන් අතට අරන් කරපු පළවෙනිම සංග්‍රාමය.කටින් බතල හිටවන හිටං අප්පුගෙන් තවමොනවද අලුත් දෙයක් දකගන්නේ? ලබාපු පරිප්පු වලට අමතර අලුත් දෙයක් බලාපොරොත්තු වියහැකිද ? හොඳට සිතා 10 වෙනිදා කතිරය ගසන්න මේ අමන මීහරක් ගොන්රැල දක්කන්න නිරයට.

      • සුර්ය ශක්ති says:

        රාජ්‍ය දේපල වංචා කිරීම සිවිල් වරදක් නෙවෙයි අපරාද වරදක් මේක මහා අපරාදයක් මේ අපරාදයෙන් රවී ,රනිල්, ඇලෝසියස් ,මහේන්ද්‍රන් ලා ගලවාගෙන උන්ව අත්අඩංගුවට පත්වෙන එක වලක්වා හිමිහිට හිමිහිට නඩු අහ අහා කාලය ගතකරන්න තමයි මේ හදන්නේ .

        අර විදුහල්පතිගේ සිද්දියත් එක්ක අලුත් අදහසක් ආවා
        රටේ ජනතාවට බැරිද උද්ගොසනය කරන්න රාජ්‍ය සේවකයෙක්ට ඔවුන්ගේ නිතියානුකුල රාජකාරි පරාසයෙන් පිට යම්කිසි දෙයක් යම් දේශපාලකයෙක් කරන්න කිවොත් ඒ අණ ඉටුකිරීමට පෙර විපක්ෂයෙන් සහ රටේ අනෙකුත් සුළු පක්ෂ වලින් සහ රටේ පිළිගත් බුද්දිමත් උගත් කමිටුවකට එම නියෝගය පිලිබඳ දැනුම් දෙන්න ..එවිට එම නීති විරෝදී අණ පිලිබඳ කටයුතු කිරීම වඩා විවුර්තව කල හැකි සේම රාජ්‍ය නිලදාරීන් මේ දේශපාලුවන්ගේ නීති විරෝදී අණ ඉෂ්ට කිරීම නිසා අමාරුවේ වැටීම නවතීවි එසේම දේශපාලුවන් රාජ්‍ය සේවයට කරන අත පෙවීමත් නවතීවි .
        මේ ආකාරයේ වගන්තියක් ආයතන සංග්‍රහයට ඇතුල් කිරීමට බල කරන්න බැරිද සමස්ත රාජ්‍ය සේවකයෝම එක්වෙලා

  2. Dev says:

    Horu samaga Heluwen

  3. Manel says:

    Sirisena is the biggest thief. How can he let this team of lawyers to appear at any court proceedings? The biggest scam in the history has been diluted to a size of a penny. FCID is sleeping. no one is there to put the culprits behind bars. This is Sirisena’s Operation 2.

  4. daham says:

    ethakota aveechiyata yawanna one eka mokaada?

  5. විශ්ලේෂකයා says:

    දප්පුල ද ලිවේරා මහතා අගමැතිගෙන් හරස් ප්‍රශ්ණ අහන්න දැම්මොත් අගමැතිගේ කෝට් එක ගැලවෙන බව දන්න හින්දා තමයි අගමැතිට ප්‍රශ්ණ පත්තරයක් යවලා උත්තර පත්තරයක් ගෙන්න ගත්තේ.. මෙන්න මෙව්වට තමයි ඡනයාගේ අධිපතිගේ කොමිෂන් කියන්නේ…

  6. Ms silva says:

    Not only that as usual the incidents “like suicidal attempt jumping from upper floor” or “hitting a raft on the head” “car accident” might take place as usual since we are in yahapalana government era,the most peaceful ways of ending lives of those opposed to real corrupt. There we need to protect their lives by any mean.

  7. samuvel says:

    අවසානයේ සින්ගපූරුවේ සිටින මහේන්ඩ්‍රන් පමනක් වැරදි කරුවී ඔහු ගෙන්වා ගන්නට බැරිව නඩුව නවතිනවා ඇත. බැන්කු රහස් පිටවීම වෙනුවෙන් මහ බැන්කු ආරක්ශක සමාගමට නඩු දමා ඔවුන්ට පොඩි දඩයක් ගසනු ඇත. බය නැති මැති ඇමතීන් සියල්ල රට වෙනුවෙන් තව දුරටත් කැපවී සේවය කරනු ඇත.

    • sanidu sooriarachchi says:

      ඒ කොමිසමට සේම මේ නඩුවටත් අපේ බදු මුදල් වැය වෙනු ඇත. කාලය කා දමමින් අපි නඩුවේ අවසානය දෙස බලා සිටිනු ඇත. අන්තිමට ….. තමයි.

  8. Sepala says:

    I am not wonder in the near future, Ranil and Ravi will file a defamation case against Dappula De Livera and other lawyer’s in the Attorney General dept. and send them into the jail.

  9. Nandasoma says:

    මේව ගැන අපි දැනගෙන හිටියෙ….
    බොරුවෙන් රටම මුලා කරල, අපරාධ කාරයන්ට කිසිම දඬුවමක් නොදී, කොහෙහරි ඉන්න අහිංසකයෙක් පිටින් සියලුම වැරදි පටවල, කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ නීතිය ක්‍රියාත්මක වෙනව කියල….!

    යූ ඇන් පී ආණ්ඩුවේ රනිල් ඇතුලු මහබැංකු මංකොල්ල කාරයන්ට ජනාධිපති කොමිසමේ වාර්තාව දීල, එයාලට අවශ්‍ය විදියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දීල, ජනාධිපති කයිවාරු ගහනව…!!

  10. Hitang says:

    අවසානයේ සියල්ල සතුටින් විසිරී ගියහ .
    අසා සිටි ඔබ සැමටම ස්තුති .
    මීට යහපාලනය .

Main News