දබරැගිල්ලෙන් විදෙස් කොටි තැති ගැන්වූ බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කර නිදහස් කෙරේ..
March 18, 2019 at 10:40 am | lanka C news
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කර ඇත.
ලබන මැයි 07 වැනිදා මීට අදාළ නඩුව නැවත කැඳවීමේ දින නියම කරමින් එමා අර්බත්නෝට් විනිසුරුවරිය සඳහන් කර ඇත්තේ අධිකරණ කාර්යමණ්ඩලයේ අත්වැරදීමකින් මෙම නඩුවට අදාළ වැදගත් ලියකියවිලි කිහිපයක්ම අතපසු වීම හා බ්‍රිගේඩියර්වරයට එරෙහිව නඩු තීන්දුව ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු එම ලියකියවිලි වලට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම නොතකා හැර තිබීම එයට ප්‍රධාන හේතුව බවයි.
පසුගිය වසරේදී ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවැති නිදහස් දින සමරු උත්සවයට බාධා කරමින් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වෙත එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලයේ කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක අභිනයකින් ඔවුන්ට මරණ තර්ජන සිදු කළැයි පවසමින් පැනවූ නඩුව වසරකටත් වැඩි කාලයක් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විභාගයට ගැනුණු අතර ශ්‍රී ලංකා රජය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා බ්‍රිතාන්‍ය රජයට දැන්වූයේ බ්‍රිගේඩියර්වරයාට රාජතාන්ත්‍රික මුක්තිය ඇති බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීම හෝ අධිකරණ නියෝග ලබා දීම සිදු කළ නොහැකි බවයි.
– aruna
අන්න එහෙම එන්න … ඕස්ට්‍රේලියාවට බ්‍රැන්ටන් වගේ කොල්ලෝ ඉන්නකොට අපිටත් ඉන්නවා ප්රියංකරලා!
දැන් වරදකරු කළහම හරිනේ…මේව තමා සුද්දන්ගෙ නීති ගැට..බයියන්ට චූන්
රටේ පාලකයෝ “රට-ජාතිය-ජම්මය” ගැන නොසිතා සත්තු වගේ හැසිරෙනකොට මේ වගේ දර්ශනයක් දැක්කාම ඇඟට පණ එනවා!
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විරුවාට ජාතියේ උත්තමාචාරය ..අපේ රටට අවශ්‍ය ඔබවැනි විරුවන්ය
බැරි කොට සටන් වැද හෙළයන් පරදන්ඩ
ඇති කොට බේද උඩ ගෙඩි දෙති හෙළයන්ඩ
සිහි කොට නොදී ලද නිදහස නැතිවෙන්ඩ
දිවි කොට රකිව් නිදහස රට රැකගන්ඩ
දිනු බිම රකින්නට දිවි දුන් රණ විරුවෝ
මවු බිම කියන අභිමානය හිත දැරුවෝ
රණ බිම ජය බිමක් කරගත් හෙළ විරුවෝ
දණ බිම තබා නමැදිය යුතු පින් කරුවෝ
Don’t be silly. Priyankara is not a murderer like Brenton. Don’t try to compare.
Brantonda mokada wage ahinsaka minissunta wedi thiyapu halparuwek nemei ban Mr.priyankara kiyanne. Wedi kagena ahinsaka minissu bera gattha army ekaka niladaruwek.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර නීතිරීති ගැන මෙලෝ හසරක් නොදන්නා අයෙක්.
සෑම තානාපති නිළධාරියෙක්ම මනා හික්මීමකින් සහ ශික්ෂණයකින් කටයුතු කළ යුතුයි. ආවෙිගකාරීන්ට ආවෙිගයෙන්ම පිළිතුරැ දීම තානාපති නිළධාරියෙකුට නොගැලපෙන්නක්.
මෙතුමන්ලා ශ්රීලංකාවෙදි අරන්තලාවෙ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කපාකොටා ඝාතණය කළ කරැණා අමිමාන්ට සහ පිල්ලෙයාන්ට සැලියුටි ගැහුවා.
විදේශ රටවල තානාපති කාර්යාලවල තනතුරැ අරගෙන මෙවැනි බහුබූත දේවල් කරමින් වියානා සමිමුතියෙන් ආරක්ෂාවෙනවා.
ගරු ජනාධිපති තුමන්ට සහ අගමැති තුමන්ට අපේ උපහාරය.
බ්‍රිගේඩියර්ව පාවා දෙන්න හදපු වෙලාවේ ඒකට විරුද්ධව විශාල ජන මතයක් ගොඩ නගපු පුද්ගලයින්ට මාගේ ප්‍රණාමය!
ජන මතය ශක්තිමත් වුනා නම් ජිනීවා වලදී රණ විරුවන් පාවා දෙන එකත් නවත්තගන්න තිබුනා.
බ්‍රිගේඩියර්වරයා වෙනුවෙන් හඞ අවදි කල ජාතියේ සුජාත පුතුන්ට අපේ ප්‍රණාමය.නොදන්නා දේ දොඩනා සුසීට අපේ අනුකම්පාව.
උපන්න මව්බිම රකින්න ගිය…
මගෙ සූර වීර වූ සෙබල පුතේ…
නිවන් දකින්නට ඒ පිංකම ඇති…
මතු බවයෙදි රත්තරන් පුතේ..
“ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා”
“රටත් ජාතියත් සමයත් කරණ කොට
තුවක් කුවට කඩුවට ගල්මුල් වලට
ඉලක්කයක් වන්නට ඇත්නම් අපට
සැපක් තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”
ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ