දමිලයන් ඊලාම් සිහිනයේ ජීවත් වෙනවාට වඩා සිංහලයන්ගේ විශ්වාශය දිනාගත යුතුයි..- සුමන්තිරන්

January 14, 2019 at 1:20 pm | lanka C news
දමිලයන් ඊලාම් සිහිනයේ ජීවත් වෙනවාට වඩා සිංහලයන්ගේ විශ්වාශය දිනාගත යුතුයි..- සුමන්තිරන්

දෙමළ ඊලාම් සිහිනයක් තුල ජීවත් වෙනවාට වඩා දෙමළ ජනතාව සිදු කළ යුත්තෙ සිංහල ජනතාවගේ විශ්වාශය දිනා ගැනීම බවත් ඒකීය රටක් තුල ජීවත් වීමට සූදානම් බව පවසමින් දෙමළ ඊලාමකට කටයුතු කිරීම අනමත කල නොහැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) යාපනය වීරසිංහම් ශාලාවේදී රටේ වත්මන් දේශපාලනික තත්වය පිළිබඳ උතුරේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ,

‘එදා එල්.ටී.ටී.ඊය මේ ප්‍රදේශ පාලනය කරපු කාලයේ තනි රටක් ඉල්ලපු අවස්ථාවේදී අපිට තනි රටක් එපා එකීය රටක් තුල විසඳුම් ලබා දෙන්න කියලා එදා කට හරි වේදිකාවකට නැගල කියන්න පුලුවන් වුනාද එහෙම කයලා එයාට පන පිටින් ඉන්න පුලුවන් වුනාද.

2015 සැප් 14 වෙනිදා ආණ්ඩුවේ අමාත්‍යවරු කිව්වේ දෙමළ ජනතාවගේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විසඳුමක් ගෙන එන නැවත යුධ අපරාධ සිදුනොවන අකාරයේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්බන්ධන් මහත්මයා මේ ගැන මතක් කරමින් මේ ප්‍රශ්නේ ඇහුවා . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ දිනවල යුද්ධය අවසන් කිරීම සඳහා උදව් ඉල්ලමින් ලෝකයට සහ ඉන්දියාවට දීපු පොරොන්දු මොනවද ?.

අපිට මතකයි යුද්ධය අවසන් කිරීමට උදව් කළොත් බලය බෙදීම අර්ථවත් ලෙස කරනවා කියලත්, 13 වන සංශෝධනය බලාත්මක කරමින් ඊට එහා ගිය විසඳුමක් ලබා දෙනවා  කියලත් මහින්ද මහත්මයා ඒ කාලේ කිව්වා.

දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නේ නෑ නේද ? කාලයා‍ගේ ඇවෑමෙන් ජනතාවගේ අවශ්‍යතා වෙනස් ‍වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම් වලට අපි විරුද්ධවීමෙන් ඵලක් නැහැ. අපි ඒකීය රටක් ඇතුලේ ජීවත් වෙන්න සූදානම් කියලා ‍සිංහල ජනතාවට කියන අතරේ දෙමළ ඊළාම් සිහිනයත් එක්ක අපි ජීවත් වීම වැරදියි.අපි කියන දේවලුත්, අපි හිතන දේවලුත් එකම අරමුණක් වෙනුවෙන් සිද්ධ වෙන්න ඕ‍නේ. යනුවෙනි.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ සියලුම පාරලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු පලාත්සභා මැති ඇමතිවරුන් ඇතුලු සිවිල් සංවිධාන නායකයින් හා ආගමික නායකයින් ඇතුලු සාමාන්‍ය වැසියන් පිරිසක්ද සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

42 views

16 Comments to “දමිලයන් ඊලාම් සිහිනයේ ජීවත් වෙනවාට වඩා සිංහලයන්ගේ විශ්වාශය දිනාගත යුතුයි..- සුමන්තිරන්”

  1. sirilal says:

    Dont trust

  2. sunimal says:

    ඉංග්‍රීසින් මුන්ට කථා කලේ කුලී කියලා මුන් සිංහලයන්ට වදින්න ඕනේ

  3. NAK says:

    The mistake this idiot is making is, he is taking all the Sinhalese for fools.

  4. david milibanda says:

    Muge katha Katussek ge paata maaru wenawa wage.

    Moota Wikipedia eke ratak nehe. AHIKUNTAKAYEK OR KALLATHONIYEK.

Main News