දමිළ පාසලකට පොලීසියෙන් පාසල් නිලඇඳුම්…
March 28, 2019 at 2:06 am | lanka C news
වව්නියාවේ දුෂ්කර දමිළ පාසලක් වූ පුදුකුලම් ප්‍රාථමික විදුහලේ සිසු දැරියන් වෙනුවෙන් පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහනක් වව්නියාව පොලීසිය විසින් සංවිධානය කොට තිබුණි.
වව්නියාව ප්‍රජ පොලිස් ඒකකය විසින් සංවිධානය කරන ලද එම වැඩසටහන වෙනුවෙන් උතුරු පලාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
එලඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාසල් දරු දැරියන්ට මෙම නිල ඇඳුම් බෙදා දීම සිදු වූ අතරම වව්නියාවේ දුෂ්කර පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රජා පොලිස් ඒකකය විසින් ක්‍රියාත්මක සහන වැඩසටහන යටතේ එක් පියවරක් වශයෙන් මෙසේ පුදුකුලම් ප්‍රාථමික විදුහලේ පාසල් දරුදැරියන් 160 දෙනෙකුට නිලඇඳුම් ලබා දීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.
නිල ඇඳුම් ලබා දීමේ අවස්ථාවට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ගනේෂනාදන්, සහකාර පොලිස් අධිකාරී මල්වලගේ සහ වව්නියවා මූලස්ථාන පධාන පොලිස් පරික්ෂක මහින්ද විල්ලෝරආරච්චි මහතා ඇතුලු පාසලේ ගරුවරුන්ද සහබාගී වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ