දඹර අමිල ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත් ලයිස්තුව මෙන්න..

December 1, 2018 at 9:20 am | lanka C news
දඹර අමිල ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත් ලයිස්තුව මෙන්න..

පසුගිය ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට ලිට්රෝ ගෑස් සමාගමේ ගිණුමකින් මාසිකව ලබාදුන් දීමනාවන් සහ එම නම් ලැයිස්තුව අනාවරණය කර ගැනීමට හැකි විය.

එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර පූජ්‍ය දඹර අමිල හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිපති පදවිය දරන ප්‍රකට හිමි නමකගේ සොහොයුරියක්ද වෙති.

ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස 44 දෙනකුට සහ අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරුන් ලෙස අට දෙනකුටද සීමාසහිත ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමෙන් පස් දෙනකුටද මුදල් ගෙවා තිබේ.

ඔවුන් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් විසිදහස දක්වා වන විවිධ මට්ටමේ දීමනාවන් මාසිකව ගෙවා තිබේ.

මේ පිළිබඳව මුල් වරට හෙළි වූයේ පසුගියදා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයකදී ලිට්රෝ ගෑස් සමාගමේ රහසිගත ගිවිසුමකින් පූජ්‍ය දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000ක මුදලක් ගෙවූ බවට කරුණු සැලවීමත් සමඟය.

ඉන් පසුව සිදු කරන ලද ගවේෂණාත්මක විමර්ශනයකදී අනෙකුත් නම් සියල්ලද අනාවරණය කර ගැනීමට අපට හැකි විය. දඹර අමිල හිමියන්ට අමතරව එහි සඳහන් නම් ලැයිස්තුව සහ ඔවුන්ට ගෙවන ලද දීමනා පහත සඳහන් වේ.

– mawbima

258 views

33 Comments to “දඹර අමිල ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත් ලයිස්තුව මෙන්න..”

  1. amila says:

    make kotanne nathiwa baya nathinam face to face waraw do.

  2. dilky says:

    Don’t call him පූජ්‍ය දඹර අමිල. Just call දඹර අමිල

  3. OBAGEY HADICI KUKING KATAUTU SADAHA DABAR AMILA gas amathannna.

Main News