දඹර අමිල හිමි, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය ඉන්න ඔ්නෑ පිස්සන් කොටුවේ.. වැරදීමකින් එලියෙ ඉන්නේ..- විජේදාස

June 27, 2017 at 11:20 am | lanka C news
දඹර අමිල හිමි, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය ඉන්න ඔ්නෑ පිස්සන් කොටුවේ.. වැරදීමකින් එලියෙ ඉන්නේ..- විජේදාස

දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය සංවිධානයේ පිරිසක් විසින් ප‍්‍රසිද්ධ කර තිබූ පුවත්පත් දැන්වීමක් ගැන අදහස් පල කරමින් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ පිස්සන් කොටුටේ සිටිය යුතු පිරිස් එලියේ සිටින බවට හොදම සාධකයක් වන්නේ මෙම පිරිසගේ හැසිරීම බවයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ පැවති සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

247 views
Main News