දඹුල්ලේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට සැකපිට ව්‍යාපාරික බිරිද අත්වඩංගුවට ගනි..

November 22, 2018 at 2:10 pm | lanka C news
දඹුල්ලේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට සැකපිට  ව්‍යාපාරික බිරිද අත්වඩංගුවට ගනි..

අදින් වසර දෙකට ආසන්න කාලකට පෙර ජනවාරි පලමු වෙනිදාට දිනකට පෙර 2016 දෙසැම්බර් 31 දින ගෙලවැලා ගෙන මිය ගිය දඹුල්ල නගරයේ විසු ප්‍රකට තරුණ ව්‍යාපාරිකයෙකු වු පාදුක්කේ දොන් චන්දන සමන් ගුණවර්ධණ මහතාගේ මරණයට සැකපිට එම මහතාගේ තරුණ බිරිද මාතලේ පොලිස් අපරාධ අංශයේ නිලධාරින් විසින් අත්වඩංගුවට ගෙන ඇත.

ඒ සමග ඇගේ අනියම් සැමියායැයි කියන පුද්ලගයකුද අත්වඩංගුවට ගෙන ඇත.

මොවුන් විසින් වසර දෙදකට පෙර සිදුවු ව්‍යාපාරිකයාගේ මරණයට සැකපිට අත්වඩංගුවට ගෙන ඇත් තේ පොලිසිය මගින් සිදුකල දීර්ඝ විමර්ෂණයකින් අණතුරුවයි.

මෙම තරුණ ව්‍යාපාරික කාන්තාවද කැකිරාව ප්‍රාදේශය සභාවේ එජාප මංත්‍රිවරයෙකුගේ සහොදරියක් ලෙසින් පොලිසිය හදුනාගෙන ඇතැයි පැවසේ.

මෙම ව්‍යා පාරිකයාගේ මරණය පිලිබදව සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයේදි එය ගෙලවැලාගැනිමක් නොවන බවත් ඝාතනයක් විය හැකි බවට වෛද්‍යවරුන් නිගමනය කොට තිබුණ අතර මිය ගිය ව්‍යාපාරිකයාගේ සහෝදරයා හා මව විසින්ද පොලිසියට හා පොලිස් පතිවරයාට පැමිණිලි කරමින් එම මරණය සැක සහිත බවත් පරික්ෂණ සිදු කරණ ලෙසත් ඉල්ලා සිටියේය.

මෙම පිලිබදව පිරික්ෂණ කල දඹුල්ල පොලිසියේ නිලධාරින්ට අමතරව මාතලේ පොලිස් විශේෂ අපරාධ විමර්ෂන ඒකකය මගින් පරික්ෂණ සිදුකරණ ලද අතර එහි ප්‍රථිපලයක් ලෙසට මෙම සැකකරිය හා සැකකරු අත්වඩංගුවට ගෙන ඇත.

සැකකාර පුද්ගලයා දුරකථන අලවිකරන්නෙකු වශයෙන් සිටි පුද්ගලයකු බවද තිදෙරු පියෙකු බවත් මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහුගේ දරුවන් හා බිරිද ඇතැර මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිද සමග ඇසුරක් පැවැත්වු පුද්ගලයකු බව පොලිස් පරික්ෂණ වලින් අනාරවරනය කොටගෙන ඇත.

මෑත කාලයේ මෙම සැකකරුවන් දෙදනාම විසින් රඹුක්කන ප්‍රදේශයේ කෘෂි උපකරණ හා ද්‍රව්‍ය අලවි සැලක් පවත්වගෙන ගොස් ඇතිබවත් පොලිසිය කියයි

අත්වඩංගුවට ගත් පුද්ගලයින් දැනට දඹුල්ල පොලිසියේ රදවා සිටින අතර ඔවුන්ව දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
සිද්ධිය පිලිබදව මාතලේ දිස්ත්‍රික් පොලිස් අපරාධ විමර්ෂන එකය මගින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි

– දඹුල්ල මහින්ද උදයසිරි

33 views

7 Comments to “දඹුල්ලේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට සැකපිට ව්‍යාපාරික බිරිද අත්වඩංගුවට ගනි..”

  1. ගන්ජ බන්ඩා says:

    කවුරැ කවුරැත් තම තමන්ගේ බිරින්දෑවරැන් ගැන ඇස් ඇරගෙන හිටියොත් යහපත් බව මගේ දැක්මය්.

  2. ගන්ජ බන්ඩා says:

    කවුරැ කවුරැත් තම තමන්ගේ බිරින්දෑවරැන් ගැන සහ සැමියන් ගැන ඇස් ඇරගෙන හිටියොත් යහපත් බව මගේ අත් දැකීමය්.

  3. Disce ammata discede says:

    ගැණිත් එක්ක හොර ඇසුරක් තිබුනා, මිනිහ මැරුනට පස්සේ එකට බිස්නස් කළා ආදී දේ මිණී මැරුමක් ඔප්පු කරන්න හැකි සාධක නොවේ.

  4. Love nature says:

    කුරුල්ලකු, කිරිල්ලියක ඉන්න පවුල් ජීවිත මෙන්ම දෙවියෙක්‌ දෙවඟනක හා සමානවම ඉන්න පවුල් ජීවිත ඉතා වාසනාවන්තයි කියලා. එවැනි සුන්දරත්වයෙන් පිරි පවුල් ජීවිත විනාශ කිරීමට වෙනත් පුරුෂයෙක්‌ හෝ ස්‌ත්‍රියක්‌ මැදිහත් වේ නම් එය බරපතල පාපයක්‌.

  5. paul peiris says:

    kohomath ada kale nidahasa soyana tharuna kanthawan thama swamiya mahansiwee jeewithaya goda nagaaganeemata weheseema owunata nurusna kaaryayaki.owun binduwakudu sithanne naha me siyalla karanne apa pawule mathudiunuwa thakaa neda kiyana eka gana…kaarya bahulawa samiya anaagathaya wenuwen wehesena wita mewani tharuniyan karanne wenath asurakin owun ge manadola sansinduwaa ganeemai…pudagalaya kawaraku uwada kamnatha..awsya pirimiyek weema pamanai….ada saamaajaye pawathina yathaarthaya meyai…

  6. Nishantha says:

    Dennatama sabbuwa hambawei.ohoma hitapiyaw

Main News