දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයම කැළඹෙයි.. රිවස් කල ලොරියට යට වී ව්‍යාපාරිකයා මිය යයි..
January 4, 2018 at 6:48 pm | lanka C news
2018 ජනවාරි 4 දින උදාසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවලු රැගන යෑමට පැමිණි කොළඹ අගුලාන ප්‍රදේශයේ පදංචි 64 හැවිරිදි පුද්ගලයකු ආර්ථිකයට එළවලු ගෙනා ලොරි රථයකට යටවිමෙන් මියගොස් ඇත .
මෙම අණතුර සිදුවි ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථනයේ A පේලියේ වෙළද සැලක් අසලදිය.
දමුල්ල ආර්ථිකයට වටිටක්කා ගෙන ආ ලොරි රථයක් වෙළද සැලක් අසලට ගැනිමට පිටුසට දාවන කරමින් සිටියදි මෙම අණතුර සිදු වි ඇත .
ලොරි රථයට හැප්පුණ පුද්ගලයා දිනපතා දඹුල්ල ආර්තිකයෙන් එළවලු රැගන යැමට පැමිනෙන පුද්ගලයක් බව පැවසේ .
අණතුර සිදුවිමත් සමග බිම වැටුන පුද්ගලයා මතින් ලොරි රථයේ පිටුපස රොදය ගොස් ඇති අතර ඒ මෙහොතේම අදාල පුද්ගලයා දඹුල්ල රොහලට ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් මිය ගොස් සිටි බව දඹුල්ල රොහල් ආරංචි මාර්ග පවසයි. මල සිරුර දඹුල්ල රොහලේ තැන්පත් කර ඇත.
මිය ගොස් ඇත්තේ දුම්රිය පොලපාර අගුලානේ පදිංචි විදානගමගේලාගේ සිරිසෙන න(64) නැමැත්තෙකි.
ලොරි රථය හා රියදුරා දඹුල්ල පොලසිය මගින් අත්වඩංගුවට ගෙන ඇත සිද්ධිය පිලිබදව වැඩි දුර පරික්ෂන දඹුල්ල පොලිසිය පවත්වයි
– මහින්ද උදයසිරි
Parissamin reverse karanna epai. U high speed reverse karai