දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමයි.. එළවලු වෙලදාම ඔන්ලයින් ක්‍රමයට…

April 7, 2020 at 6:48 pm | lanka C news
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමයි.. එළවලු වෙලදාම ඔන්ලයින් ක්‍රමයට…

ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට ‌ ‌ෙවෙළද සංගමය හා කලමනා කරණ භාරය කටයුතු කර ඇත.

රටේ පවතින තත්ත්වය පිළිබඳව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන විශාල ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් සහ මෙම වෛරස් තත්ත්වය පැතිර යෑමේ දැඩි අවදානම පිළිබඳව ‌ෙසෞඛ්‍ය අංශ නිතර දැනුවත් කිරිමත් ‌වෙළද සංමයේ ‌වෙළදුන්ගේ ඉල්ලිමත් පදනම් කරගෙන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමඟ වෙළෙඳ සංගමය දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට වෙළදුන්ටත් ‌ෙගොව්නටත් සහනයක් සිදුවන පරිදි සාධාරණ මිල ගනන් යටතේ ‌ගොවි නිශ්පාදන මිලදි ‌ගෙන ප්‍රදේශිය ‌ෙලේකම් කාර්යල මට්ටමින් ජනතාවට ලබාදිමට ක්‍රමවේදයක් සකසා ‌‌ෙමෙම අන්දමින් දඹුල්ල ආර්ථිය වසා දමා ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින තුනක් වසා තබා ‌හෙට 08 වන දින නැවත විවෘත කිරීමට කලින් නියම කරගෙන සිටියද ‌ෙමේ අනුව දින නියමයක් ‌ආර්ථිකය වසා තබනු ඇත.

මෙම වසා තබන කාලයේදි ආර්ථියයේ කටයුතු කලමණා කරණ භාරය ‌වෙළද සංගමට ‌ගොව්න් සම්බන්ධ කරගෙන සිදුකිරිමට නියමිත අතර ඒ අදියර 4ක් යටතේ ‌ෙමසේ සිදුකිරිමට නියමිතය.

*දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් එළවළු ඇණවුම් කිරීම.*

  1. එළවළු හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය අවශ්‍ය ව්‍යාපාරිකයන්ට /  පාරිබොගික / ‌විවිධසංගම් තම බල ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම් කාර්‍යාලයට ඇණවුම් කළ යුතුය
  2. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විසින් එම ඇණවුම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති විශේෂ මෙහෙයුම් ඒකකය වෙත යොමු කෙරේ.
  3. ඔබ විසින් ඉල්ලුම් කළ එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත නියමිත පරිදි සැපයුම් කීරිම
  4. ඒ අනුව ‌වෙළද / පාරිබොගික / ‌විවිධසංගම් ‌වෙත ඉල්ලුම් කළ ප්‍රදේශීය ලේකම් කාර්‍යාලය මගින් අදාළ ආහාර ද්‍රව්‍ය ඔබ වෙත භාර දෙනු ලැබේ.
  5. ලංකාවේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල දඹුල්ල ආර්ථික ම්ධ්‍යෂ්ථනයේ පිහිටුවා ඇති මෙහේයුම් මැදිරිය අමතා අදාල ඇණවුම ලබාදිය හැකිය.

දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානය

දුරකතන – 06622 85181 / 066 3684920
පැක්ස් අංක – 0662285448
WatsApp/Viber – 0714459505
Email – dambulladcc@gmail.com

මේ පිලිබදව අදහස් දක්වන දඹුල්ල ප්‍රාදේශිය ලේකම් හා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානේ කළමණාකරණ භාරයේ ලේකම් ප්‍රාදේශිය ලේකම් පියල් ජයසූරිය මහතා මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

මෙම වැඩ සටහන කොරොනා ව්‍යාප්තිය අවම කරගෙන වියසනයෙන් රට මුදවා ගන්න තෙක්ම සිදුකිරිමට නියමිතය.

– මහින්ද උදයසිරි රත්නායක

645 views

12 Comments to “දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමයි.. එළවලු වෙලදාම ඔන්ලයින් ක්‍රමයට…”

  1. gorilla says:

    ශ්‍රී ලංකාවේ ආර්තිකයේ හදවත බස්නාහිර පලාතයි.වහාම pcr පරීක්ශන කරවා මුලින්ම බස්නාහිර පලාතේ සැකකටයුතු පුද්ගලයන් පරීක්ශාකිරීමට පටන්ගන්න.දින කිහිපයකින් මෙය කලහැකිවෙයි. ඉන්පසුව අවශ්‍යනම් තවදුරටත් සැකකටයුතු ප්‍රදේශ වසා දමා අනික් ප්‍රදේශවල ඇදිරි නීතිය ඉවත්කල හැක. උණ කැස්ස හෙම්විරිස්සාව සහිත ඔනැම අයෙකුට පාරට බැසීම තහනම්කර ඔවුන්ට උපදෙස් ගැනීමට වැඩකරන දුරකතන අංකයක් දෙන්න. වෙලදසැල්හෝ අනික් ආයතනවලට යැමේදී පිලිපැදියයුතු ආරක්ශිත ක්‍රම අනුගමනය නොකරන අයට රුපියල් 1000 දඩයක් ලියාදීමට පොලිස්සියට බලය ලබා දෙන්න.

    • sanasuma says:

      පවතින තත්ත්වයෙන් ගොඩ එන්න පුරවැසියෙක් විදියට වචනයකින් හරි උදව් වෙන දෙයක් කියන එක මේ වෙලාවේ වටිනව. අපි හැමෝම ලොකු අවදානමක ඉන්නේ. මේ වෙලාවේ අනවශ්‍ය කතාවලින් වැලකිල යමක් රට වෙනුවෙන් කළ හැකි නම් ඒක තමන්ගේ ජීවිතයත් තම පවුලේ අයගේ ජීවිතත් බේර ගන්න උදව් වෙනව.

  2. Jagath says:

    Good move !

  3. Heera says:

    මීට පස්සෙ එළවළු සහ පළතුරු කුණු වෙන්නේ ගොවියන් ගාවමය. මේ සෙල්ලම කරන්නේ දඹුල්ලට භාණ්ඩ එක්වීම නිසා ඒවා විකුණාගැනීමට නොහැකිවීම යට ගැසීමටය.

  4. RW says:

    Theoretically and also in the long run, it’s a good decision . I am doubtful about the success starting in a rush at a critical situation like this .

  5. Liyanage says:

    We feel extremely sorry about this county’s real life, the poor farmers. You’re now suffering because of a small monied and rich group of pilgrims brought virus and spreading. The threat earlier existed due to employees from Italy and coria as well as students from China now over.

  6. කැලුම් says:

    අපි වවමු රට නගමු

    • nimalsiri says:

      vavaapanko thoge kalu suruttu paiya saha ewate ethi mayilgoda. kelum.

    • nimalsiri says:

      vavapan thoge kalu suruttuwa:VAVALA KANDA DEEPIYA ARA CHATHURA,naanasaara,aluthgamage,keheliya,
      rilaasiri,sb disanayaka,iththekande iththwo kana kalu ura,vimal weerawansa saha thavath munwage rata huran
      kana naasthikaara sinhala ballanta.

  7. sana says:

    Please learn from China’s food delivery method that helped keep country going during corona outbreak. They developed the best supply and delivery networks. No other example for us.

  8. df says:

    කාර්ය සාධක බලකායට හදිසි තත්වයන් සම්බන්ධයෙන් සිදුවන අපහසුතාවයන්ගෙන් සියලුම පාර්ශවයන් ආරක්ෂා කරගැනීමේ සැලසුම් තියෙනවද

  9. FC says:

    Bottom line is poor farmers are suffering. Can we form a commity and get involved 400 to 500 Forces.fix purchasing price for all the items and set selling prices for all the items with Mark up. Assign few officers with accountant and monitor the delivery net work. Initially invest one million and follow the whole process with proper records.directly purchase from farmers and deliver door steps.