දඹුල්ල රෝහලේ බලෙන් වද සැත්කම් සිදු කල අවසන් වාර්තාව ලැබේ..

March 14, 2017 at 5:30 pm | lanka C news
දඹුල්ල රෝහලේ බලෙන් වද සැත්කම් සිදු කල අවසන් වාර්තාව ලැබේ..

දැඩි ආන්දොලනයකට තුඩු දූන් දඹුල්ල මූලික රෝහලේ මවිවරුන්ට උපත් පාලනය සදහා බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදූ කළ මූලික පරීක්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මැදිහත්වීම මත මෙම පරීක්ෂණය සිදූ කෙරුනි. අදාල සිද්ධිය සමබන්ධයෙන් මවිවරුන්ගෙන් සහ පියවරුන්ගෙන් ලද ලිඛිත හා නිර්ණාමික පැමිණිලි මත සහ එම රෝහලේ ප්‍රසව හා නාරිවෙද ඒකකයේ වෛද්‍යවරුන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලයෙන් ලබාගත් ප්‍රකාශ මත පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර ඇත.

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රසව හා නාරිවෙිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදූම්ලත් මණ්ඩලයක් මගින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

මෙි අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී පස් මස් ගැබිණි මාතාවක් ඩෙංගු රෝගයට බිලිවීමෙන් මියයාමෙි සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත්ව ඇති චෝදනා විමර්ෂණය කිරිම සදහා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ත්‍රී පුද්ගල කමිටුවක් පත් කර ඇත. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා, අයි.ඩි.එචි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඩෙංගු රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම යන මහත්වරුන් එම කමිටුවට ඇතුළත්. ඉදිරිපත්ව ඇති චෝදනා විමර්ශණය කිරීමෙන් පසු ඒ පිළිබද වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට දැනුම් දී ඇත.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

33 views

3 Comments to “දඹුල්ල රෝහලේ බලෙන් වද සැත්කම් සිදු කල අවසන් වාර්තාව ලැබේ..”

  1. Suba Anagathayak says:

    දඹුල්ලේ නොව පොළොන්නරුවේ රෝහලේ බලෙන් හරි වඳ සැත්කම කරලා තිබුනානම් මේ අපතයා රටට බිහි නොවන්නට ඉඩ තිබුණි.

    • යුක්තිය says:

      අැයි බං කළුතර..අර, විජය එක්ක වැඩ කරෙ..අපි ලොකු මිනිස්සු ඒක නිසා අපිට චන්දෙ ඕන කියන විජයගෙ නම විකුනං කන තාත්තයි පුතයි…

  2. YAMA DUTHA says:

    YAMAPALANA bunch belives only HOMOSEX, with light support from KEPPASIRA

Main News