දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ..

April 5, 2020 at 8:02 am | lanka C news
දඹුල්ල  විශේෂිත ආර්ථික  මධ්‍යස්ථානය වසා දැමේ..

නොනිදන දඹුල්ල නගරයේ පිහිටි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 05-06-07 දින තුන වසා තැබීමට තීරණය කර ඇත.

දැනට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දිවයිනේ රෝගීන් වාර්තා වීම හා ප්‍රදේශ කිහිපයක් අධි අවධානම් කලාප නම් කර තිබිමත් හෙතුවෙන් දඹුල්ල ආර්ථික සංගමය මෙම තීරණය ගෙන ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන වෙළද කේන්ද්‍රයක් වීම හේතුවෙන් දිවයිනේ සැම ප්‍රදේශයකින්ම එළවලු හා පලතුරු රැගෙන එන පුද්ගලයන් බොහෝ පිරිසක් දිනපතා එක් රැස් වේ.

අවධානම් සහිත වසංගත රෝග තත්වයක් යටතේ ලංකාවටම බල පැවැත්වෙන පරිදි යොදා ඇති ඇදිරි නීතිය සදුදා දින ඉවත් කිරීමට නියමිත බැවින් මධ්‍යස්ථානයේ උග්‍ර තදබදයක් ඇතිවීමත්, පිරිස් පාලනය අපහසු වීමත්, සොඛ්‍යය උපදෙස් නිසි පරිදි ක්‍රියා කිරීමට නොහැකි විමටත් ඇති ඉඩකඩ වැඩිය හැකි බවට දඹුල්ල මහා නගර සභවේ සෞඛ්‍ය වෛද්‍යවරයා හා නගරාධිපතිවරයාගේ ඇතුලු සෞඛ්‍ය අංශ විසින් ලද උපදෙස් පරිදි වෙළද සංගමය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව වසා තබන දිනවලදි රටට අවශ්‍ය එළවලු පලතුරු ප්‍රාදෙශිය ලේකම් කාර්යාල හරහා ලබාදීම සිදුකිරිමට ක්‍රමවේදයක් සකසන බවද වාර්තා වේ.

– මහින්ද උදයසිරි දඹුල්ල

226 views

2 Comments to “දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ..”

  1. Anti corona says:

    අසරන රෝගීන් දහස් ගනනක් අමාරුවෙ වැටිල ඉන්නෙ අවශ්ය බෙහෙත් ටික ගන්ඩ හරි විදිහක් නැතුව. සමහර ඵාමසි වල සමහර බෙහෙත් ඉවර වෙලා . රජය මේකට මොකක් හරි විසන්දුමක් දෙන්න ඕනෙ. නැත්තන් කොරෝන වලට කලින් බෙහෙත් නැතුව මිනිස්සු මරෙයි..

  2. Dilan says:

    Mooda thiranayak….karanna oone meeka neweyi …meka kalamanakaranaya karana kramawedayak hadana eka…… dan corona neweyi minissu kanna nathiwa marenna puluwan …..like india

Main News