දඹුලු විහාරයේ ආදායම රජයට ගත යුතුයි.. එක් භික්ෂුවක් කෝටි 800ක් උපයලා..- දඹර අමිල හිමි
June 26, 2017 at 5:30 pm | lanka C news
දඹුලු රජ මහා විහාරයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට බලය තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදට නිසා එම කටයුතුවලට බාධාකරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
1996 වසරේ සිට මේ දක්වා එම විහාරස්ථානයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් කෝටි 800කට වැඩි මුදලක් එක් භික්ෂූන් වහන්සේ නමක් ලබාගෙන ඇතැයිද පවසන අමිත හිමියෝ එම මුදල් සංරක්ෂණයට යෙදවිය යුතුව තිබූ ඒවා යයිද කියයි.
මෙම තත්වය වහා නිවැරදි කිරීමට සූදානම් වෙද්දී විවිධ අරමුණු සහිත භික්ෂූන් වහන්සේලා විරුද්ධවීම අනුමත කළ නොහැකි යයිද පවසන උන් වහන්සේ භික්ෂූන්වහන්සේලාගේ විනය පවත්වාගත යුතුයයිද කියා සිටිති.