දඹුලු විහාරය රජයට පවරා ගැනීම ඉංග‍්‍රීසි පාලන සමයේදීවත් සිදු නොවූ පහත් ක්‍රියාවක්‌..

June 24, 2017 at 3:00 pm | lanka C news
දඹුලු විහාරය රජයට පවරා ගැනීම ඉංග‍්‍රීසි පාලන සමයේදීවත් සිදු නොවූ පහත් ක්‍රියාවක්‌..

රංගිරි දඹුලු රජමහා විහාරය රජයට පවරා ගැනීමට අකිල විරාඡ් කාරියවසම් මහතා උත්සාහ ගැනීම ඉංගී්‍රසි පාලන සමයේදීවත් සිදු නොවූ පහත් ක්‍රියාවක්‌ බව රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ගොඩගම මංගල හිමියෝ පැවසූහ.

ලෝක උරුම සිද්ධස්‌ථානයක්‌ වන මෙම විහාරය රජයට පවරා ගෙන එහි පරිපාලන කටයුතු සංස්‌කෘතික ත්‍රිකෝණය යටතට පවරා විහාරයට පැමිණෙන බැතිමතුන්ගෙන් රුපියල් සියයක මුදලක්‌ අයකිරීමට සැලසුම් සකස්‌ කර ඇති බව දැනගන්නට ඇතැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පුරාවිද්‍යා හෝ සංස්‌කෘතික ත්‍රිකෝණයට පුද්ගල සන්තක විහාරස්‌ථානයකට ඇතුළු විය හැක්‌කේ විහාරාධිපතීන් වහන්සේගේ පූර්ව අවසරයකින් පසුව වුවත් අදාළ අමාත්‍යවරයා කිසිදු දැනුම් දීමකින් තොරව අමාත්‍ය මණ්‌ඩලය මුලාවට පත් කොට විහාරයේ අයිතිය ලබා ගැනීමට කටයුතු කරන බවත්, දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගෙන් හා බැතිමතුන්ගෙන් මුදල් කඩා වඩා ගෙන විහාරය මුදල් ඉපැයීමේ මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කිරීමට ක්‍රියා කරන බවත් මෙය බෞද්ධ උරුමයට සිදුකරන නිගාවක්‌ බවත් මංගල හිමියෝ පැවසූහ.

ගැටඹේ විහාරයටද කටුකම්බි ගැසූ අතීත පාලකයන් අද මේ රජයේද සිටින බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

– දිවයින

237 views
Main News