දඹුළු ලෙන් විහාරය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට..?
July 14, 2017 at 4:40 pm | lanka C news
ඓතිහාසික දඹුළු ලෙන් විහාරය තව දුරටත් ලෝක උරුම ලයිස්තුවේ පවත්වාගන යන්නේදැයි ශ්රී ලංකා රජයේ ස්ථාවරය එන දෙසැම්බර් මස 01 වැනිදාට පෙර දන්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අරමුදල (යුනෙස්කෝ) රජයට රාජතාන්ත්රික මටටමේ ලිපියක් යොමු කරමින් දන්වා ඇත.
විෂය භාර ඇමති ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා මෙරට රජයේ ස්ථාවරය යුනෙස්කෝව වෙත දැනුම් දිය යුතු වන අතර දඹළු ලෙන් විහාර රැක ගැනීමට අදාල දැනුම් දීම නොකරන්නේ නම් දෙසැම්බර් මාසයෙන් පසු එම විහාරය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.