දයාන් ජනාධිපති අපේක්‍ෂකයෙකුට කඩේ යනවා.. තානාපතිකම ගලවනු..- මැතිවරණ නිරීක්‍ෂකයෝ කියති..

October 31, 2019 at 8:02 am | lanka C news
දයාන් ජනාධිපති අපේක්‍ෂකයෙකුට කඩේ යනවා.. තානාපතිකම ගලවනු..- මැතිවරණ නිරීක්‍ෂකයෝ කියති..

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතාට එරෙහිව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරන්නේ ඔවුන් සඳහන් කරන්නේ දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරයේ යෙදෙන බවය.

ඔහුගේ සමාජ ජාල ගිණුම් මගින් ජනාධිපති අපේක්ෂක ප්‍රවර්ධනය කරන බවද නිවේදනයේ සදහන්ය.

66 views

15 Comments to “දයාන් ජනාධිපති අපේක්‍ෂකයෙකුට කඩේ යනවා.. තානාපතිකම ගලවනු..- මැතිවරණ නිරීක්‍ෂකයෝ කියති..”

  1. sirimal says:

    දයාන් ජයතිලක කියන්නේ ප්‍රේමදාස කලේ ජේ ආර් , ලලිත් ගාමිණී ට ගහන්න අනුරුද්ධ තිලකසිරි නමින් ලිපි ලියු හාදය. මෙය කොබ්බැකඩුව ගේ මළගෙදර ඇවිත් ඇඳුම් නැතුව දිව්වා මතකයි

    • Karu says:

      දයාන් කියන්නෙ මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම දර්ශනිකයා කියල හිතා ඉන්න මිනිහෙක්.බලයේ ඉන්න ඕනැ කෙනෙකුට පන්දම අල්ලලා මොකක් හරි කර ගන්නවා.මහින්ද කාලෙත් එහෙමයි.අන්ත අවස්ථාවාදියෙක්.සජිත් වගෙ ගොනෙක් ආවොත් හොඳයි.මංගලත් කිසිම සුදුසු කමක් නැති අන්ත හරකෙක්. අඟේ ඉඳල කන කන්න පුළුවන්.මහින්ද වටේ උගත් අය ඉන්නවා. ගෝටාටත් පශ්තාප් උපාධි දෙකක් හා ආචාර්‍යය උපාධියක් තියනවා කියනවා. විචාර ශීලී පුද්ගලයෙක්.දයාන්ල වගෙ උද්දච්චයින්ට කනෙන් රිංගන්න බැහැ.

      • Bandq says:

        දයාන් අවස්‍තාවාදියෙක් නම් දයාන් දන්නවදා එයා සහය පල කරන අපේක්ශකය දිනන බව

  2. ajith says:

    මොහු කඩේ යන්නේ පෑඩ් ප්‍රේමදාසට නේද

    • Citizens says:

      පාදෙනිය ගොට්ටාට කඩේ යනවනං දයාන් ගියාම මොකද?

      • Ananda says:

        දුක ඇති නේද? තමන් කඩේ යන නායකයා ගූ හත් පොලේ ගා ගන්නා කල. පෑඩ් ප්‍රේමදාස 😢😢😢😢

    • හැකහැක says:

      ඇත්තටම PadMan කියන එකේ තේරැම පෑඩ් එකක් (පැම්පර්ස් එකක් ) ඇඳ ඇති මිනිහා යන්නයි.
      වයසට යාමෙදි පුරස්ති ග්‍රන්ථිය ඉදිමීමේ ප්‍රථිපලයක් ලෙස පාලනයකින් තොරව මූත්‍රා වහනය වීම (urinary incontinence) මෙවැනි පැම්පරයක් ඇදීමට හේතු විය හැක.ඒ අනුව PadMan කෙනෙක් වීමට වඩා ඉඩ ඇත්තේ කවුද ?

  3. බන්ඩා says:

    දයාන් සජිත්ට කඩේ යන එක දයාන්ගෙ පරන කතන්දර දන්න අයට අරැමයක් නෙවෙය්. මෙතන වැරැද්ද පට්ට පල් බොරැ මවන එකය්.

  4. suresh says:

    දයාන් ආර් ප්‍රේමදාස සම්පුර්ණයෙන්ම මෙහෙයවූ පුද්ගලයෙක් තමයි. අනවශ්‍ය ලෙස පුම්බල ප්‍රේමදාස නන්නත්තාර කලේ ඔහු තමයි

  5. ප්ලේටෝ says:

    ගෝඨා දිනුවොත් කවුද අගමැති ?? උත්තරය කිසිවෙකුත් නොහිතන දෙයක්…රනිල් !!!
    ගෝටා දිනුවොත් පමණි රනිල්ගේ අගමැතිධූරය රැකෙනු ඇත්තේ.
    රනිල් රාජපක්ෂ පවුලේ ඥාතියෙක්,සමීප හිතවතෙක්,ශිරන්තිට හා පුතාලට ඇති ක්‍රිස්තියානි සහෝදරත්වය යන කාරණා වලට වඩා තවත් ප්‍රභල කරැණු ගණනක් ඇත.ප්‍රභාකරන් සමග නාන තටාකයක දියබුං ගැසු රනිල් රාපක්ෂ රෙජිමය යටතේ නිරැපද්‍රිතව රැකුනා මෙන් දූෂණ වංචා අපරාධ චෝදනා ගණනක චූදිතයන් වූ රාජපක්ෂලා විස්මිත ලෙස රනිල් යටතේ රැකිනි.ගෝටා ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන අවස්තාව වන විට තම රටේ පුරවැසියෙක්ද නැද්ද යන වග ප්‍රකාශ කිරීමේ ට්‍රම්ප් කාඩ් එක තවමත් ඇමෙරිකාව සතුව ඇත.එම තුරැම්පුවද ගෝටාට රනිල්ව අගමැති ලෙස පිලිගන්නා තැනට දමනය කිරීමට බටහිර බලවේග වලට යොදා ගත හැක.රනිල් කූල් එකේ සිටීමත් යටින් ගෝටාභයට සහය දැක්වීටත් හේතුව මෙයයි.රනිල්ට තම ඇගමැතිදූරය රැක ගැනීමට වැඩි අවස්තා ඇත්තේ ගෝඨා දිනුවොත් පමණි.

  6. Deals Lanka says:

    රුසියාවේ වත්මන් ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතාට කඩේ යනවා යයි චෝදනා කරන අයට 2010 ජනාධිපතිවරණයෙදි එවකට රුසියාවේ තානාපති උදයංග වීරතුංග මහින්දට සුපර් මාර්කට් ගිය හැටි අමතක වී ඇත.
    උදයංග වීරතුංගට කල කෙරැවාව නිසා තම රටට එන්නට බැරි තත්වයක් තියෙන්නේ.

    • Me3 says:

      තවමත් ඉන්නෙ අතීතයෙමයි. අවදි වන්න! අවදි වන්න! අළුත් දිනක්…

  7. අළුත් දිනක් says:

    අැයි තවමත් අතීතයේ?
    අවදි වන්න! අවදි වන්න!

Main News