දයාන් ජයතිලක ඒකාබද්දයට ෆෙඩරල් අමුඩය ගස්සන්න එයි.. අලුත් ව්‍යවස්ථාවටත් අමුතු තියරියක් ගිල්ලවයි..
October 5, 2017 at 12:09 am | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල පිලිබද සාකච්ජා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘතිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් වැඩ මුළුවක් කොළඹදී පැවැත්විණ.
එහි දේශනයක් සඳහා පැමිණි දයාන් ජයතිලක මහතා ෆෙඩරල් ක්‍රමයකට අනියමින් පක්ෂව, ‘මැද තැනකට’ අප පැමිණිය යුතු බව දැක්වීමත්, ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ජාතිකත්වය හෝ ඒකීයබව ගැන කතා නොකර තරුණ පරපුර ආකර්ෂණය කර ගත හැකි නව මාතෘකා සොයා ගත යුතු බව පැවසීමත් සමග එහි සිටි මන්ත්‍රීවරු සහ ක්රියාකාරිකයන් ඔහුට විරෝධතාව දක්වා ඇත. එහිදී අදහස් දැක්වූ ජාතිකවාදී පක්ෂයක නායක මන්ත්‍රීවරයකු “දැනටමත් අප ඉන්නේ මැද නොවේද? දයාන් කියන මැද යනු ෆෙඩරල් නොවේදැයි” ඔහුගෙන් ප්‍රශ්න කළේය.
එම අවස්ථාවේ එහි සිටි වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු දයාන් ජයතිලක මහතාට පැවසුවේ ඔහුගේ තර්කය සම්පුර්ණයෙන් වැරදි බවත් ජනමත විචාරණයක් හෝ කවර ජන්දයක් හෝ ජයග්‍රහණයට ජාතිකත්වය සහ රටේ ඒකීයත්වය රැක ගැනීමට මුල් තැන දී කටයුතු කළ යුතු බවයි. තවද දයාන් ජයතිලක අද කරන්නේ එදා ජනාධිපතිවරණයේදී මලිත් ජයතිලක කළ කාර්යයම නොවේදැයි ඔහුගේ මුහුණටම පැවසීය. ඊට පිළිතුරු ලෙස ජයතිලක මහතා “ඔව් මලිත් කියපු දේ හරි” යැයි පැවසීමත් සමග සමග සභාව නොසන්සුන් විය. එහි සිටි බහුතරයකගේ මතය වී ඇත්තේ මලිත් කියන දේ හරියැයි කියන දයාන් අද සිටිය යුත්තේ මෙතන නොව වෙනත් තැනක බවයි. තවද දයාන්ගෙන් “බ්‍රේන් වොෂ්” කරගන්න අපිට පිස්සුද යනුවෙන් ඔවුහු පැවසුහ.
2015 නොවැම්බර් දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර යාන්ත්‍රනය තුල ක්‍රියා කළ මලිත් ජයතිලක, මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බව සංඛ්‍යා ලේඛන පෙන්වමින් දිගින් දිගටම පැවසීම නිසා රාජපක්ෂ මහතාට සමීප අය පවා ජනාධිපතිවරනයේදී අධෛර්යමත් විය. පසුව මලිත් ජයතිලක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප වූ අතර දැන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරයි. ඔහු ඉන්දියාවේ රෝ සංවිධානයේ ඔත්තුකරුවක බවට චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ජයතිලක මහතා නීතිමය පියවරද ගෙන ඇත.
කලකදි රසලු කලකදි වහ වෙනවලු….හැම ලබ්බෙම එල්ලෙන ඒකාබද්ධ ය …….පවු
Cannot understand him. lets ask him where the middle point is. It is so difficult to understand people these days knowing the money circulating behind. Whatever he suggests it will be difficult to satisfy Tamil greed.
for Tamil and Muslim minorities we no need any special constitution and they should obey for our country rules and regulations also for law & order.
ඊලමක් ඉල්ලපු වර්දරාජා පෙරුමාල් ගෙ පක්ශෙන් එක පාරක් චන්දෙ ත් ඉල්ලුව කෙනෙක් නෙ මෙයා. කැලේ මාරු උනාට , කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැලුනෙ.
ha ha ha ha ha umbalage Sarath N de silva th ohoma thama umbalata kerane