දයාසිරිට පණ නෑ.. ඔහු යටතේ ක්‍රිකට් විනාශ වීම ගැන මට කණගාටුයි..- අර්ජුන
December 25, 2017 at 6:30 am | lanka C news
නුසුදුසු පරිපාලනය ඉවත් නොකිරීම හේතුවෙන් මිනිස්සු ක්‍රීඩා ඇමැතිට හිනා වෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
මේ බව කියා සිටියේ තංගල්ල වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා වැඩසටහනකට සහභාගි වෙමිනි.
‘හැම වෙලේම අපි කරන්නේ තුවාලෙට පාස්ටර් දාන එක විතරයි. දැන් චන්දික හතුරුසිංහ ගෙනාවා. තව ටික කලක් ගිහිල්ලා තරග පැරදුණොත් ඒ සියලු වැරදි ඔහුගේ ඇඟට දාවි. ඒ කියන්නේ පාස්ටරය අලවලනවා. ගලවලා දානවා. නමුත් පරිපාලනය තාම ඉන්නවා.
සූදුකාරයෝ ක්‍රිකට් පරිපානයෙන් එළියට යනකම් මේ ක්‍රිකට් ක්‍රීඩාව හදන්න බැහැ. ඒක ගරු ක්‍රීඩා ඇමැතිතුමා තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තේ නැත්නම් ක්‍රිකට් ක්රීඩාවවේ තියෙන මේ නරක තත්ත්වය අනිත් ක්‍රීඩාවලටත් යාවි.
අපි අවුරුදු දෙකක් තිස්සේ නායකයෝ මාරු කළා. ඊළඟට පුහුණුකරුවෝ මාරු කළා. වැඩ කරන සෙනඟත් මාරු කළා. හැබැයි සභාපති උපසභාපති කවදාවත් යන්නේ නැහැ. ඇත්තටම ක්‍රීඩා ඇමැතිට ඒක කරන්න බැහැ. ඇත්ත කථාව ක්‍රීඩා ඇමැතිට කරන්න බැහැ. ක්‍රීඩා ඇමැතිට ශක්තියක් නැහැ වැරදි පරිපාලනය වෙනස් කරන්න. එතුමාට වඩා අද සමහර විට පරිපාලනය බලවත් ඇති. ඒ තත්ත්වය මත මිනිස්සු හිනාවෙන්නේ එතුමාට.
මම කියන්න ඕන එක කියලා තියෙනවා. අවසනාවකට මුකුත් වෙන්නේ නැහැ. ඉතිං මේ වගේ ක්‍රීඩා ඇමැතිවරයෙක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වීම ගැන මම ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විදියට මමත් දුක් වෙනවා. කණගාටුවෙනවා…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
– තමීර මංජු
මනුස්සයෝ කියන දේ තේරෙන්නේ නැද්ද දයාසිරිට පන තියෙනවද නැද්ද කියල බලන්න අර මෑණියෝ එහෙ යනවාලු තිලංගගේ ගෙදර ඊයේ හිටියාලු හෙට අනිද්දා තමුසෙගෙ ගෙදරත් ඒවි අන්න ඒ වෙලාවට වැඩ කිඩ පෙන්නලා ඔප්පු කරනව හැබැයි ඉතින් රටක් ජාතියක් හදා ගන්න බුද්දිය මෙහෙයවල රටක් ජාතියක් දියුණු කරගන්න බැරි ජාතියක් ක්‍රීඩාවකින් ගොඩ එන්න බලාගෙන ඉන්න එක තමා ලෝකේ තියෙන ලොකුම විහිලුව .ඒ මේ රටේ බහුතරයකටම නිවැරදිව හිතන්න පන නැති වීමේ විනාසය .
හැම හරකම කතාකරන්නේ රටේ ක්‍රීඩාව දියුණු කිරීම .පාසලට එන දේශපාලකයා කතා කරන්නෙත් එක මුදල් දෙන්නේ පුස්තකාල ,විද්‍යාගාර දියුණු කරන්න නෙවෙයි ක්‍රිකට් දියුණු කරන්න රටේ ක්‍රීඩා පිට්රනි වල රස්තියාදු වෙලා අන්තිමේ නන්නත්තාර වෙනවා අන්තිමේ ත්‍රිවිල් කාරයෝ කොම්පැනිවල සේල්ස් රෙප්ලා වෙන්ව රටට අවශ්‍ය බුද්දීමත්තු පිටරටින් ගෙන්න වෙනව අඩුගානේ රටට අවශ්‍ය කර්මාන්ත ගැන නිපුනත්වයක් තියෙන පරම්පරවක්වත් නෑ .රටේ දේශපාලකයෝ මැට්ටෝ වෙන කලක උන් දන්නා දේ තමා උන් හැමතිස්සෙම කියවන්නේ .මේ රටට වෙලා තිබෙන විනාශය මේකයි
mu hamadama oka mathura mathra idapan – musalaya
පන නෑ..දෙය්යනේ..මොකද උනේ?
‘කොයි පණ’ද නැත්තේ දෙවියනේ
බෙනේ රිලවාගෙ අරකෙත් පණ නැහැ, ඉතින් අශ්ව අයිතිකරුවෝ හොඳ හොඳ සෙල්ලම් කොරනවා
Ubath ekayi uth ekayi wenasak naha ban.
රිලාසිරියා හූ ඈම් පියත් කාලා ශ්‍රී ලන්කා එකත් කාලා අන්තිමට ක්‍රිකටුත් කෑවා. කොහොමත් මේ ආන්ඩුවෙ ඉන්නෙ ලෝකෙ හොඳම ඈමතිවරුනෙ. ලෝකෙ හොඳම මුදල් ඈමති. ලෝකෙ හොඳම සෞඛය ඈමති. ලෝකෙ හොඳම ක්‍රීඩා ඈමති.
Ratama winasai hallow….oya mala ilaw cricket wage neme.. ….thopita kondak thiyenawada kiyana eka thiya oluwak thiyenawada kiyalai api ahanne…
මම දන්නවා හොද වේද මහත්තයෙක් oya පන නැති ලෙඩේට බේත් කරන. නරයනය තෙල ගලා බලන්න.
oya weda lagata gihin balanna Amathithuma