දයාසිරිට පාර්ලිමේන්තු ගැබේදි ලන්සා අමු තිත්ත කුණුහරුපෙන් බනී.. මැති සබේදී එතරම් කුණුහරුප ඇසූ මහ ලේකම් දයාසිරියි..

March 19, 2019 at 1:20 pm | lanka C news
දයාසිරිට පාර්ලිමේන්තු ගැබේදි ලන්සා අමු තිත්ත කුණුහරුපෙන් බනී.. මැති සබේදී එතරම් කුණුහරුප ඇසූ මහ ලේකම් දයාසිරියි..

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සබා ගැබ ඇතුලතදී ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා විසින් අමු තිත්ත කුනුහරුපයෙන් බැණ වැදී තිබේ.

අනුර ප‍්‍රියදර්ශණ, ලක්‍ෂමන් යාපා, නිමල් ලංසා යන මන්ත‍්‍රීන් තිදෙනා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන කතාබහ කරමින් සිටියවදී දයාසිරි ජයසේකර මහතා විසින් ලංසා මහතාට චෝදනා කර ඇත්තේ අයවැය විවාදයේදී ශ‍්‍රීලනිප ස්ථාවට සම්බන්දයෙන් මාධ්‍ය වෙත පල කල අදහස් සම්බන්ධයෙනි.

තමන් උසාවි ගොස් එද්දී මාධ්‍ය විසින් කල විමසීමකට පිලිතුරු දුන් බව නිමල් ලංසා පවසද්දී ජයසේකර මහතා දිගටම ඔහු දොස් පවරා ඇත.

ඉන් කෝපයට පත් මන්ත‍්‍රී නිමල් ලංසා අමු තිත්ත කුණුහරුපයෙන් සභා ගැබ තුලදීම මහ ලේකම්වරයාට බැණ වැදී ඇති අතර මෑතකදී හෘද සැත්කමකටද ලක් වූ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

ඉන් ටික වේලාවකට පසු පාර්ලිමේන්තු ලොබියේදී දයාසිරි ජයසේකර මහතා ලක්‍ෂමන් වසන්ත මහතා සමගින් කියා තිබුනේ තමන් චෝදනා කලේ වෙන අයෙකුට වුවත් ලංසා වැරදි තොප්පියක් දමාගත් බවත්ය.

මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා මෑතකදී ජන හමුවක කියා සිටියේ ශ‍්‍රීලනිප හොරිකඩයන් සිටිනා තාක් කල් අයවැය පරාජය කල නොහැකි බවයි.

අප වෙත මෙම තොරතුරු හෙලි කල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පක්‍ෂ මහ ලේකම්වරයෙකුට මෙතරම් අමු තිත්ත කුණුහරුපවලින් කිසිදා බැණ වැදී නැති බවයි.

80,650 Viewers

14 Comments to “දයාසිරිට පාර්ලිමේන්තු ගැබේදි ලන්සා අමු තිත්ත කුණුහරුපෙන් බනී.. මැති සබේදී එතරම් කුණුහරුප ඇසූ මහ ලේකම් දයාසිරියි..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඉල්ලුමට අනුව තමයි සැපයුම. යමක් යම් අයෙකුට ලැබෙන්න තියෙනවා නම් අනිවාර්යයෙ.න්ම labenawaamayi

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      කුඩ්ඩන්ට කුණුහරුප මොනවද?

  2. SL says:

    ඉතිහාසයේ මේවගේ කාලකන්නි .විලි ලැජ්ජාවක් නැති ,මොලේ කලඳක් නැති ,රටට බරක් වුනු ,කුඩු විකුණන, එතනෝල් ගෙන්වන,අරක්කු බාර් තියෙන ,හොරු ටිකක් පාර්ලමේන්තුවේ හිට්යෙත් නැහැ .මුන් ඔක්කොම එකවර දියවන්නාවට තල්ලු කරන්න ඕනේ එකේ ඉන්න කිඹුලට කන්න

    • Tommy says:

      අනිවා මේ කඩේ යන පොන්නයො හිතන්නෙ දේශප්‍රෙමි කුඩ්ඩ කුනුහරුප කිව්ව එක මහ වීර ක්‍රියාවක් බව.

  3. Saradiel says:

    ‘‘මචං , අපි දැන් මෙහෙම ආණ්ඩුවේ හිටියා කියලා ආයෙත් වතාවක් නම් අපිට මේ පැත්තෙන් ඉල්ලලා ඡන්දෙන් දිනන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිටත් ඉස්සරහට මොනවා හරි පැත්තක් තෝරගන්න වෙනවා. එක්කෝ අපිට ආපහු මහින්ද ළගට යන්න වෙනවා. නැත්නම් යූඇන්පියට එන්න වෙනවා. මගේ අදහස නම් තියෙන්නේ යූඇන්පියට එන්න. ’’ලංසා අලවතුවලගේ කරට අතක් දාගෙන කියූ ආකාරය තේ පැන් සංග‍්‍රහයේ අසුන්ගෙන සිටි බොහෝදෙනෙකුට ඇසිණි. ‘‘ඉතිං මොනවද බල බලා ඉන්නේ. එන්නකො මේ පැත්තට.’’ලංසාගේ පිල්මාරුවට උඩගෙඩි දෙමින් ජේ. සී. ලංසාට පොහොර දැම්මේය. ‘‘ මිනිස්සු අපිට ඡන්දේ දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිටත් තියෙන්නේ යූඇන්පී එකේ පිහිට තමයි. ’’ ලංසා කීය.

  4. Sampath says:

    Kudu wikunana migamuwe inna lokuma pathale ekekgen oita wada monawa balaporathu wennada. Lankacnews wage sakkili web ekakata owa hoda news. Mokada meke aithi karayath patta sakkiliyek nisa

  5. කපුටා says:

    නිමල් ලංසා දෙර්ශප්ප්‍රේමි පිලේ නේද
    දේශප්‍රේමි තිත්ත කුනුහර්ප වෙන්න ඇති කිව්වෙ

  6. Namal says:

    ජී.ඇල් ගේ ගොටු කොල්ලා.

  7. Nandasoma says:

    මුන්ට බැනල මදි…..!

    මිනිස්සු එකතු වෙලා ගහල පන්නන්න ඔිනැ…. අවජාතකයො…..බොරුවට ශ්‍රී ලංකා කිය කියා යූ ඇන් පී එකට සහයෝගය දක්වනව…..!!

  8. Open mind says:

    කුණුහරුප භාවිතා කරන පුද්ගලයන් හෙළිදරව් කරන්නේ තම ප්රතිරූපයයි

  9. අප්පුහාමි says:

    මේ වසලයෝ 225ත් උන් නියෝජනය කරන පක්ෂත් වසලයන්ගේ නායකයනුත් මෙවර සියලු මැතිවරණ වලින් පරාජය කරන්න මේ රටට ආදරේ ජනතාව කටයුතු කරත්වා.
    රට බේරා ගැනීමට ජනතාව අතරින් මතුවන අළුත් නායකයෙකුට හා අළුත් වැඩපිලිවලකට සහය දෙමු.
    වසලයෝ 225 ස් දෙනාගෙම වැරදි වලට නිසි දඩුවම් පමුණවා උංගේ දේපල රාජසන්තක කරමු.
    -වසලයෝ රාජ්‍ය දේපල අවභාවිතා කලා
    -වසලයෝ මහ බැංකුව කොල්ල කෑවා
    -වසලයෝ උන් උන් ඩීල් දාගෙන උන් උන්ව බේරගත්තා
    -වසලයෝ හැම එකාටම තව රටක් තියෙනවා මේ රට කාලා විනාස කලාට පස්සේ යන්න.නමුත් අපට මේ රට විතරයි !!!

    • Karu says:

      ඔක්කෝම වසලයෝ නෙවි.මිස්ටර් රතන ගෙවලයෙක්.

  10. buruputha says:

    Dayasiriyata banapu eka sadaranai. Oka thama hangila paavadenna. Hari Nam okata gahanna thibune.

  11. Nuwan says:

    Do you promote speaking filth as a great victory for Nimal Lanza? cnews get your act together.

Main News