දයාසිරි ඇමතිකමෙන්, මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වන්න සූදානම්…

September 28, 2021 at 10:01 pm | lanka C news
දයාසිරි ඇමතිකමෙන්, මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වන්න සූදානම්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ නම් ඒ මොහොතේ තීරණයක් ගැනීමට සූදානම් බව රාජ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස යලි තරඟ වදින්නැයි තමන්ට දැනටමත් ඉල්ලීම් ගණනාවක් ද ලැබී ඇති බවද පැවසූ ඔහු පක්ෂය එම ඉල්ලීම කරන්නේ නම් තමන් ඒ සඳහා සූදානම් බවද පැවසීය.

වයඹ පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස තමන් පළාතට විශාල වැඩ කොටසක් ඉටු කර ඇතැයිද ඔහු පැවසීය.

පක්ෂය ඉදිරියේදී සන්ධානයක් ලෙස ඉදිරියට එන්නේ නම් නැවත වතාවක් පළාත් මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට යයිද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය වෙනුවෙන් කුරුණෑගල ප්‍රදේශයේදී පැවති ලේ දන්දීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.

මීට පෙරද ජයසේකර මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී වයඹ මහ ඇමති ධුරයට තරග කර ජයග‍්‍රහණය කලේය.

54,963 views

10 Comments to “දයාසිරි ඇමතිකමෙන්, මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වන්න සූදානම්…”

  1. 3% ට බය බයියා. says:

    රටට වැඩක් කරන්න හිතෙන්නේම නැහැ .කොහෙන් හරි ඇමති තනතුරක් අරගෙන වරප්‍රසාද භුක්ති විදිමින් ඉන්න තමයි කල්පනාව .

    • sunimal says:

      දයාසිරි වගේ වාසි වැඩි පැත්තට පනින නරුම දේශපාලුවන්ගෙන් රටට වැඩක් නැහැ ..කරුනාකර දේශපාලනයෙන්ම සමුගන්න

  2. GulSiri Lal Nanda says:

    So soon that man “DAYASIRI JAYASEKARA ” is going sacrifice his position of MP for kicking upstairs BY another power grid ….! People knows that he has very good relationship with CB Bond scam …..@

  3. kumara Amarasekara says:

    excellent idea, please implement. in order to reduce the burden to the country.

  4. MD says:

    ලොකු දෙයක් වෙනව නම්.කිසිම පක්ෂයකට කිසිම විශ්වාසයක් තියාගත නොහැකි පපුවක් නැති දේශපාලකයෙක්.කොයි වේලාවෙ(මෛත්‍රීපාල වගේ)කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරයිදෝ සිතාගත නොහැක.

  5. ගෞම් ඊයාරාජ් says:

    බෙනේ රිලවා හදන්නේ තවත් රාජපක්ෂ කුමාරයෙක් දේශපාලනයේ මුහුරත් කරන්නද ? නැත්තං කුමාරයාව කුජීත කරලා දාන්නද ? දෙයියො තමයි දන්නේ සිරාගේ ප්ලෑන් මොනාද කියලා., 2015 රාජපක්ෂලා ගෙදර යැව්වෙත් සිරිසෙන කෙනෙක් , මේ රාජපක්ෂටත් එලො එලො ගහන්නේ වෙන සිරිසේන කෙනෙක් , සිරිසේනලා එක්ක සෙල්ලං බෑ බ්‍රෝ ! 😂😂😂

  6. ජනජය says:

    හරි බං එළ !

  7. Niru says:

    Dawalda

  8. Mark Anandappa says:

    These guys continue to hunt for positions – not looking for welfare of its people.

  9. සිරිසේන says:

    පළාත්සභා මේ රටට ගැලපෙන්නේ නැති වැඩකට නැති කෙම්මලක්. එහෙන් වෙන්නේ වැඩකට නැති රටට බරක් වන දේසපාලුවෝ හැත්තක් නඩත්තු කරන එක විතරයි. උන්ගේ ප්‍රදාන ජොබ් එක හොරකන් කරන එක. දයාසිරි පළාත්සභා චන්දයට පක්ෂව වැඩ කරොත් වයඹ සිංහලයන් ඔයාට හොඳ පාඩමක් උගන්නයි. ඒ නිසා ඔය මහා ඇමති සිහිනය අත හරින්න. පාර්ලිමේන්තු දිගටම එන්න කැමතිනම් තමන්ගේ එකා කියලා පාස්කු ප්‍රහාරයට සම්බන්ද එවුන් බේරන්න හදන්න එපා. මුළු ලංකාවම දැන් දන්නවා සිරිසේන මේකේ කොටස් කාරයෙක් කියලා.