දයාසිරි ඉන්න තුරු ක‍්‍රීඩා අමාත්‍යංශයේ පස් පාගන්නේ නෑ.. ඒත් මාස දෙකක පඩිය ගන්න ගියා..- සුසන්තිකා

June 15, 2017 at 2:10 pm | lanka C news
දයාසිරි ඉන්න තුරු ක‍්‍රීඩා අමාත්‍යංශයේ පස් පාගන්නේ නෑ.. ඒත් මාස දෙකක පඩිය ගන්න ගියා..- සුසන්තිකා

තමන්ගේ මාස දෙකක වැටුප ලබා ගත්තේ ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ගේ දැඩි ඉල්ලීම මත බව ඔලිම්පික් රිදී පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

කෙසේ නමුත් දයාසිරි ජයසේකර ක‍්‍රීඩා ඇමති ධුරයේ සිටිනා තාක් එම අමාත්‍යංශයේ පස් නොපාගන බවද ඇය සදහන් කරයි.

ගැටුම් අවසන් යයි ඇමතිවරයා කීවද දෙමසක වැටුප් ගත් පමණින් ගැටළු නිරාකරණය නොවූ බවද ඇය කියා සිටී.

135 views
Main News