දයාසිරි කියන්නේ පට්ටපල් බොරු.. ගම්මන්පිල විවාදයකට අභියෝග කරයි..

June 23, 2019 at 8:40 am | lanka C news
දයාසිරි කියන්නේ පට්ටපල් බොරු.. ගම්මන්පිල විවාදයකට අභියෝග කරයි..

පිවිතුරු හෙළ උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මීළඟට පත්වන ජනාධිපතිට කිසිම බලයක් නොමැති නිසා ජනපතිවරණයට වියදම් කරන මුදල නාස්තියක් බව කවුදෝ නීති විශාරදයෙක් කියා තිබෙනවා. මේක පට්ටපල් බොරුවක්.

අපේ දේශපාලනඥයින් තල් ගෙඩියක් වැටුණාම ලෝකය පෙරලෙනවා කියා බියට පත් වී දිවූ හාවා පසුපස දිවූ සත්තු රෑන වගේ කිසිම වග විභාගයකින් තොරව මාධ්‍ය ඉදිරියට ඇවිත් ඒ මතය යළි යළිත් කියනවා. අවාසනාවට ඒ අතරේ මා මිත්‍ර උගත් නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමාත් ඉන්නවා. ඒ නිසා අනාගත ජනාධිපතිට වත්මන් ජනාධිපතිට වඩා බලතල අඩු වන්නේ කෙසේදැයි පෙන්වීමට මා සමග රූපවාහිනී විවාදයකට එන්න කියා මම දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමාට ඉතාම ගෞරවයෙන් සහ මිත්‍රශීලීව අභියෝග කරනවා. ඇත්තෙන්ම මේක පට්ටපල් බොරුවක්.

ඔය බලතල කප්පාදුව කළ වගන්ති මොනවාද කියා ඇසුවාම ඔන්න කවුරුත් නිරුත්තර වෙනවා. එවැනි වගන්ති ව්‍යවස්ථාවේ නෑ. ඒකයි ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දැක්වීමකින් තොරව තෙර තෝංචියක් නැතිව කියන්නේ. මේ පිළිබදව මුලින්ම ලියපු කෙනාත් බරපතල නීති විශාරදයෙක් බව ඇත්ත. එතුමා වියපත් අපි අතිශ්‍යයින්ම ගරු කරණ පුද්ගලයෙක්.

මා හිතන විදිහට එතුමන් 19 සංශෝධනයේ කෙටුම්පත බලලයි මේ ප්‍රකාශ කරන්නේ. නමුත් ඒ කෙටුම්පත අපි ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කලා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය එහි වූ බලතල සාතිශ්‍යය බහුතරය ජනමත විචාරණයකින් තොරව සිදු කල නොහැකි බවට තීරණය කලා.

සමහරු කියනවා මී ළඟ ජනාධිපතිට තමන් යටතට ගත හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණයි කියා. ඒකත් බොරුවක්. ඕනෑම අමාත්‍යාංශයක් තමන් යටතට ගන්න ජනපතිට පුළුවන්. 19 වන සංශෝධනයේ දී කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනපති ධූරය දරණ තෙක් මහවැලි සංර්වධන සහ පරිසර අමාත්‍යාංශය එතුමා යටතේ තිබිය යුතු බව පමණයි. ඒකෙන් කියැවෙන්නේ නෑ ඒ අමාත්‍යාංශය පමණක් තබා ගත හැකි බව. ඔය අපූරුවට නීතිය සහ සාමය අමාත්‍යාංශයත් තමන් යටතට ගත්තේ.

19 සංශෝධනය හරහා ජනාධිපතිට අහිමි වුණේ ප්‍රධාන වශයෙන් බලතල තුනයි. ස්වාධීනව ඇමතිවරුන් පත් කිරීම, වසරකට පසු පාරලිමේන්තුව විසුරුවා හැරීම සහ සෘජුව ජනතාවගේ අනුමැතියෙන් නීතියක් සම්මත කිරීම ඒ බලතල තුනයි.

– අරවින්ද අතුකෝරල

18,866 Viewers

13 Comments to “දයාසිරි කියන්නේ පට්ටපල් බොරු.. ගම්මන්පිල විවාදයකට අභියෝග කරයි..”

  1. අප්පුහාමි says:

    මේ වසලයෝ 225ම කියන්නේ බොරැ…කරන්නේ ප්‍රෝඩාව
    වසලයෝ 225ටම එක ගොඩකට දාලයි ජනතාව සලකන්න සූදානම.
    මේ මූනත්තහඩු මුළු රටටම අප්පිරියයි…

    • Pal says:

      Mokada 225 …
      Warada thopilage gonpalena anduwa bawa Danne nathida?

      • 225 එපා says:

        පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු හැඟවීම් තමන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම ලැබී තිබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
        මිනිසුන් බෝම්බයට බිලි වන්නට ඉඩහල මේ අපරාධකාරයන්ට ජනතාව ඉදිරියට එන්න සදාචාරාතමක අයිතියක් ඇත්ද?මොවුනව ගිලටීනයට ගෙන යායුතු නොවේද?

    • මව්බිම says:

      අප්පුහාමි උබ ගියපාර හංසයා ට චන්දය දීල මෙම පාර නාගානන්ද යට දෙන්න ඉන්න එකෙක් නෙද. ඒ වගෙ උන් තමයි 225 එපා කියන්නේ. උබලට ගම්මන්පිල වගෙ තාර්කිකව කතා කරන අය ඇලජික්. මොකද උබලට ඕන කාටද හරි රැවටිලා කතිර ගහන්න විතරයි.

  2. Rata Wenuwen says:

    බෙනේ රිලවා කොහෝමටත් කියන්නේ බොරු, රාජිතයටයි දෙවෙනි වන්නෙ, පාල මහතා, රනිලයා කියන්නෙ ගල් පැලෙන බොරු, විමල්ලා ගම්පන්පිලලා නොකෙරෙන දේවල් ගැන බොරු කියමින් අපිව උද්දාමයෙන් රවටනවා, දේශපාලුවෝ කවදත් බොරුකාරයෝ, කොමෙන්ට් දමන අපි තමයි ආතල් මෝඩයෝ

  3. එක්නැලිගොඩ says:

    දයාසිරි විවාදයට එනේ නෑ. කට තිබුණට කියවන්න මිසක

    • kawinda says:

      dayasirita viwaada allergic. mathakane kalin avuruddaka RATHU IRA sanwaada weda satahanedi penala giya heti. iilangata badulle amathi kenek ekak waadayakadi guti kaapu heti. e nisa eya sanwaada walata enne nehe.

  4. Jagath daraniyagala says:

    දයාසිරි වගේ අවස්තාවාදී දේශපාලකයෝ තමයි අපේ රට විනාසකිරීමට නායකත්වය දෙන්නේ,කුඩා දරුවෙකුටපවා තේරෙනවා මුන් කරලා තියෙන විනාසය.ගම්මන්පිලලා වගේ උගත් බුද්ධිමතුන් නායකත්වයට පත්කර ගැනීමට ජනතාවත් බුද්ධිමත් වෙන්න ඕනේ….

  5. gamarala says:

    දයාසිරි කියන්නේ පසු ගිය මැතිවරණයෙන් ජනතාව ගමෙන් පන්නා දමාපු නරියෙක්

    • දයා says:

      හිටන් හුටන් කියල පහුගිය ජනාදිපතිවරණෙදි කෑගහපු හැටි ආතල් දුන්න හැටි කාටද අමතක? මිනිහ නියම රිලවා. පනින්න හොදටම දන්නවා.

  6. Aurora says:

    දයාසිරිට දේශපාලන මතයක් නැහැ. ඒ අනුව රුපයක් තිබුනට මානවයකුට වෙනස් සත්වයෙක්. ඉදිරියේ එන මැතිවරණයකදී මහජන චන්දයෙන් මංත්‍රීකමක් දිනාගැනීමේ ගැටළුවට මුහුණපා සිටින නිසා SLFP එකට හිමිවේයයි සිතන ජාතික ලැයිස්තු මංත්‍රීකම් අතරින් එකක් වෙනුවෙන් ඔහු කරන ව්‍යාපෘතියක් තමයි සිරිසේන ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස promote කරන්නේ. නමුත් අනිවාර්යෙන්ම ඔහු අසාර්ථක වෙනවා.

  7. 77 UNP says:

    19 වන සංශෝධනයේ මුඛ්‍ය පරමාර්ථය වුනේ මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල් යන රාජපක්ෂ වරුන්ට ජනාධිපති තනතුරට තරඟ කිරීමට බාධා ඇති කිරීමයි. ඒ අනුව 2019 අග එන ජනාධිපතිවරණයේදී රනිල්ට ප්‍රබල ප්‍රතිවාදියෙක් නැතිකිරීමයි. ඒ වගේම පටන්ගත් තැනම දෙවනවර ජනාධිපතිවරනෙට තරඟ නොකරණ බවට සිරිසේන ලවා ප්‍රකාශයක් කරවලා ඔහුත් තරඟ බිමෙන් ඉවත්කරලා තිබුණේ. නමුත් දිනේෂ්, විමල්, උදය, වාසු, ප්‍රසන්න ඇතුළු බලවේගයන් නැවතත් මහින්ද වටා මහජන බලවේගය ගොඩ නගපු නිසා අද රනිල් නන්නත්තාර වෙලා ඉන්නේ ඉදිරි ජනාධිපතිවරණය ගැන සිතනවිට.

  8. Gayantha says:

    දායාසිරි කියන්නේ හරි හමන් මතයක් නැති හැම එකාත් එක්කම බුදියන ඩයල් එකක්නේ. බැන්කු හොරුන්ගෙන් ලක්ශ 10යක් ගත්තු මනුස්සයා සල්ලි දෙනවනම් ඕන කුපාඩි වැඩක් කරයි

Main News