දයා මාස්ටර්ට පහරදීම ගැන මාධ්‍ය සංවිධාන සද්ද නෑ.. ඒ ඇයි..

January 11, 2018 at 8:40 am | lanka C news
දයා මාස්ටර්ට පහරදීම ගැන මාධ්‍ය සංවිධාන සද්ද නෑ.. ඒ ඇයි..

දයා මාස්ටර්ට පහරදීම පිළිබඳව විධිමත් පරික්ෂණයක් පවත්වන්නැයි ජාතික හෙල උරුමයේ බස්නාහිර පලාත් සභා මන්ත‍්‍රි නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කෙබල් රූපවාහිනි නාලිකාවක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දයා මාස්ටර්ට පහරදීම පිළිබඳව විධිමත් පරික්ෂණයක් පවත්වන්න.

යාපනය විකාශනය වන දෙමළ කේබල් රූපවාහිනි නාලිකාවක් වන ඩෑම් ටීවි නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන දයා මාස්ටර්ගේ කාර්යාලයට පැමිණ යම් පුද්ගලයෙක් ඔහුට පහරදීමට උත්සාහ කර ඇත. මෙම පහරදීමට පැමිණි පුද්ගලයාගේ මානසික තත්ත්වය පිළිබඳව තවම පැහැදිලි නැති අතර ඔහු මත් ගතියෙන් සිටි බවට පොලීසිය ප්‍රකාශ කර ඇත.

කවර හේතුවක් මත මෙය සිදුවීදැයි නිශ්චිත නැති අතර පොලීසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීම පිළිබඳව සිංහල, දෙමළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සංවිධාන නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම පුදුමය දනවන්නකි.

මාධ්‍ය නිදහසට හා මාධ්‍ය වේදීන්ට තර්ජන, හිරිහැර, බලපෑම් එල්ල වූ සෑම අවස්ථාවකදීම ක්ෂනිකව ප්‍රතිචාර දක්වන මාධ්‍යවේදී සංවිධාන මෙම සිදුවීම සම්බන්ධව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් කියා පාන්නේ දයා මාස්ටර්ගේ හා අදාළ කේබල් රූපවාහිනි නාලිකාවේ නිදහස අහිමිවීම ගැටළුවක් නොවන බවද? දෙමළ මාධ්‍ය සහ මාධ්‍ය සංවිධාන ද නිහඩවීමෙන් ඔවුන් නොඉවසන බවක් පෙන්නුම් කරන්නේද? එසේ නැත්නම් මෙම සිදුවීම සරල සිදුවීමක් ලෙස සලකන්නේද?

එබැවින් එම සිදුවීම මාධ්‍ය නිදහසට එල්ල වූ තර්ජනයක් ලෙස හෙළා දකින අතර එම පහරදීම පිටුපස ඇති සැබෑ හස්තය සොයා විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් අදාළ කේබල් නාලිකාවට හා එම කාර්යාලයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙසත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් හා අදාළ අංශ වලින් ඉල්ලා සිටිමි.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී

 

18 views

3 Comments to “දයා මාස්ටර්ට පහරදීම ගැන මාධ්‍ය සංවිධාන සද්ද නෑ.. ඒ ඇයි..”

  1. shantha says:

    Great…..sihala urumaya appearing for pro LTTE….. Where s your slogans when all our patriot soldiers were arrested…shame on you money talks….

    • PSG says:

      People like you are so stupid as you really don’t grasp [or don’t want to ] the essence of the letter by SU.

  2. shantha says:

    ha…ha…ha..Bilnd fools…Not the letter just check the truth beyond the letter…Just check who is this Dan Tv cable network…What they do….good for Nishantha and champika ranawaka that we have fools like you in this country

Main News