දරුවන් එකොලහක් පැහැරගෙන මරා දැම්මා නම් කරන්නාගොඩට දඬුවම් ලැබිය යුතුයි…

October 14, 2021 at 11:20 am | lanka C news
දරුවන් එකොලහක් පැහැරගෙන මරා දැම්මා නම් කරන්නාගොඩට දඬුවම් ලැබිය යුතුයි…

අහිංසක දරුවන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා එය නොලැබුන විට ඝාතනය කලේ නම් හමුදාපති නොව කවුරු වුවත් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

වසන්ත කරන්නාගෙඩ මහතා එවකට නාවික හමුදාව හමුදාපතිව සිටි බවත් තමන් ද ඒ කාලයේ යුද හමුදාවට අණ දුන්න ද එවන් තිරිසන් වැඩ අනුමත නොකරන බවත් ඔහු පැවසීය.

මෙවන් වැඩ කරන අයට දඬුවම් කළ යුතුයි කියන මතයේ තදින්ම ඉන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔහුට යම් නිදහසක් ලැබෙයි නම් හෝ නඩුව ඉවත් කර ගන්නවා නම් තමන් පෞද්ගලිකව එය අනුමත නොකරන බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

හමුදාපති කෙනෙක් හෝ කවුරුන් හෝ අපරාධයක් කළ හොත් එම පුද්ගලයාට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් විමසීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වමිනි.

33,835 views

26 Comments to “දරුවන් එකොලහක් පැහැරගෙන මරා දැම්මා නම් කරන්නාගොඩට දඬුවම් ලැබිය යුතුයි…”

  1. noair says:

    keith noair innata ath deka thiyagena!

    rivira kathru innata ath deka thiyagena!

    Iqbal athas innata ath deka thiyagena!

  2. Ronsura says:

    Karannagodayata dharuwo nattheth okama thamai. Maha aparada karayek. Shaapa weewa. Miniimaruwa uge maha evunma beranawa. Shaapawewa un hamotama. Yahapala Government also responsible, so fight for justice, dont let this man to get release from this brutal case.

  3. ඉස්කෝලේ යන කාලේ ඉදලම කරන්නගොඩ තමුසෙගේ සතුරෙක් කියලනේ සැලකුවෙයි..වැඩ කලෙයි! අපි නොදන්නවායි තමුසෙගේ පෙර කතාව..එක ඉස්කෝලේ ඉගෙන ගත්ත. තමුසේ හමුදාවට ගියා.. වසන්ත නේවි එකට ගියා. ඒත් සංසාරේ ඉදලමද කොහෙද තමුසෙගෙ ඔය පළිගැනීමේ විනාස කිරීමේ වෛරී හිත.තමුසේ වෛරයක් එක්ක “හොච හොච” ගෑවට , අපිටනම් , වසන්ත ජාතික වීරයෙක්. යහපාලන අසූචි නොකෑවා නම් තමුසෙත් එහෙම තමා!

    • Dil says:

      So he can abduct 11 children’s because he is a hero.

      • John says:

        I am beginning to think that you are out of your mind. This is a ‘Bai’ website and most people read these articles are baiyo. Most arrogant them of all. You are just wasting your words and time.

        • Janka says:

          බයි වෙබ් සයිට් වල ටොයි කොමෙන්ට් ලියල පුලුවන්නම් බයිස් ලාව ටොයියො කරන්න නෙද තොපෙ ස්වාමියො තොපිට සල්ලිගෙවන්නෙ මෙ ජොබ් එක කරන විදියද?

  4. Nisal says:

    යුද්ධයකදී ස්ත්‍රී දූෂන අපචාර මංකොල්ලකෑම් මිනීමැරුම් සිදුවිම අතිශය සාමාන්‍ය යි

    • Dil says:

      this incident happen after the war (2009 march) in Colombo. know the fact before you comment. it is up to you to become an ass licker but don’t show it to the world.

  5. Adwakaath says:

    Neethipathigen/ Usaviyen nidahas unata/kalaata, weradi keruwanam hardhya saakshiyen nidahas wenawa boru. Galaweemak natha!

  6. baiya says:

    gon baiyane mokakda me kathawe waradda? methuma kiyanne hamudaapathi nemeyi ona kenek minee maruwa nam danduwam dena eke waradak naa kiyalai. umbala kiyanne mokek hari kappam ganda minee maruwa nam hari kiyalada?

  7. Banda says:

    Army eke kello දූෂණය kala kala wadda. Thota mathaka nadda thooo marenna ගිහිල්ලා බේරා gගත්තේ kකවුද kiyala, hiwalo

    • Dil says:

      So, so called war heroes can do any criminal activities in Sri Lanka. So I hope you become a victim of crime real soon. then you will understand