දරුවන් දෙදෙනෙකු අතුරුදහන්…

June 24, 2019 at 8:02 am | lanka C news
දරුවන් දෙදෙනෙකු අතුරුදහන්…

වවුනියාව, නෙඩුන්කේනි, නයිනමඩුව ප්‍රදේශයේ සිට වවුනියාව නගරය වෙතට පසුගිය 20 වැනිදා පැමිණ සිට දරු දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බව දරුවන්ගේ පියා වවුනියාව පොලීසිය (23) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

නෙඩුන්කේනි නයිනාමඩුව ප්‍රදේශයේ පදිංචි විජයසුන්දර දර්ශන් නමැති 19 හැවිරිදි තරුණයෙක් හා විජයසුන්දර් නිදර්ශන් නමැති 16 හැවිරිදි සිසුවෙකු මෙසේ අතුරුදහන්ව ඇති බවට එම පැමිණිල්ලෙහි සඳහන්ව ඇත.

වව්නියාව නගරයට පැමිණි දරුවන් දෙදෙනා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර පියා පවසන්නේ දරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් 0775415912 හෝ 0775261259 දුරකථන අංකයන්ට හෝ ළගම පොලීසිය වෙත දැනුම් දීමක් කරන ලෙසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

One Comment to “දරුවන් දෙදෙනෙකු අතුරුදහන්…”

  1. Me3 says:

    එනපොට හොඳනැත

Main News