දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න… රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක්…

May 3, 2021 at 2:10 pm | lanka C news
දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න… රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක්…

දරුවාට රසකර ලබාදෙන සුප් කැටය තවත් අවුරුදු දහයකින් දරුවාට පිළිකා රෝහලට යාමට මග පාදන බවට සමාජයේ ප්‍රකට කියමනක් තිබෙන බවත් මේ ආකාරයෙන් වස විස ආහාර දිගින් දිගටම පරිභෝජනය කළහොත් ලංකාවේ අනාගත පුරවැසියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 ක් තරම් අඩු ප්‍රමාණයකට වැටෙනු ඇතැයි කර තිබෙන පුරෝකතනයද සත්‍ය වනු ඇති බවත් ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු අනතුරු හඟවයි.

රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල අස්වැන්න නෙලීමට දින 14 කට කලින් කෘෂි බෝග සඳහා රසායනික පොහොර සහ පළිබෝධ නාශක යෙදීම තහනම් වුවත් ලංකාවේ එවැනි තහනමක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි. එසේම, වෙළෙඳපොලේ තිබෙන ඇපල් ඉටි වැස්මක් මගින් ආවරණය කර තිබෙන බවත් වෙළෙඳපොළේ තිබෙන සමහර නූඩ්ල්ස් සහ සුප්කැට මෙන්ම කෙටි ආහාර වර්ග දරුවන්ට ලබාදීම ඉතාමත් අහිතකර බවත් ඔහු පෙන්වාදී ඇත.

එසේම, ඇෆ්ලටොක්සින් තිබෙන්නේ ආනයනය කරන පොල්තෙල්වල පමණක් නොවන බවත් නිසි පරිදි පොල් වියලා නොගන්නේ නම් ගෙදර හදන පොල්තෙල්වල පවා ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය හැදෙන බවත් ආචාර්ය පියල් ආරියනන්ද මහතා සඳහන් කර තිබේ. මේ නිසා, මෙම පිළිකා කාරක ආහාරවල තිබෙන විස අවම කරමින් ආහාරයට ගන්නා ආකාරය ඔහු විසින් පැහැදිලි කර ඇත.

151,772 views

17 Comments to “දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න… රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක්…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අපි හෙළයො බොලවු යක්කු බොලවු රාවණා බොලවු කිය කියා වැලලෙන්න හදන හෙළ පුත්තු හෙළ වෙදකමේ නාමෙන් මගෝඩි මැජික් පෙන්නල කඩා ගන්න නීලකාස හොරු පස්සෙ නොයා මේ වගේ දැනුමැති මහත්තුරු එක්ක එකතු වෙලා ජාතියේ ඉදිරි පැවැත්මට අවශ්‍ය මූලිකම දේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යම් දෙයක් කලා නම්

    • Alapaluwa says:

      නලින් ද සිල්වා සර්ගේ එක කතාවක් ඇහුවනමි ඔහේ ඔහොම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නෑ

      • Madushanka says:

        නලීන් ද සිල්වා ගොයියගේ කතා අස්සෝල තමා ඔය හෙළ හෙළ කිය කියා ලෝක අන්කූරොන්ට අහු වෙච්චි පිස්සො ටිකක් බිහි කරල තියෙන්නෙ.පපුවෙ අමාරුවට බයිපාස් කරල කලිසම් කමිස ඇදල ඉන්දියන් පරිප්පු එක ඇමරිකන් පිටි පාන් කන ගමන් ලමයින්වත් යුරෝප් සිටිසන් අරන් දීල අටිකිච්චො ටිකක් අල්ලන් ලෝක හිතලු ටිකක් කියෝල උන්ව හෙළ පිස්සො කලා

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඇයි බං උඹ පිස්සුවෙන් මිනිස්සුන්ට අපහාස කරන්නේ. උඹට ඔීනේ විදියට අනිත් මිනිස්සු ජිවත්වෙන්නේ නෑනේ අනික උඔ වගේ පටිට කුජිත ඩෑල් කියන ඒවා පිලිගනිද කියලා හිතපංකෝ පොඩිඩක්

      • අනුර කුමාර දිසානායක says:

        බොලා කියන විදියට ඉන්නේ 3% නෙහ්? ඉරිසියයී නෙහ්?

  2. Hora Gudda says:

    Onama ‘processed food’, kruthimawa nishapadanaya karana kama wala yam promanayak shareerayata anguna deval thiyanawa. Api ledawalata ganna okkoma beheth walath, ithama common behetha wana Paracitimol hewath Panadol walath shareerayata anguna rasayankika dravya thibenawa, Namuth ema rasayanka dravyawala percentage hewath prathishathayak thiyanawa, eeta aduwen thiyanawanam, Prashnayak wenne heha . Namuth, ehema kiyala behetha biwwe nathnam, processed food kamata nathnam mema Neweena lokaye apita jeewath wenda bariwenawa. Dan thiyana Wishalama prashnaya thamai, Rajapaksala ape rate Naya Kandarawa gewanda baruwa, Colombo Port City eka Cheenata wikunanda hadanawa ape Lankaika janathwawa rawattala, Mona Singapore Mona Malaysiada, Antimata wenne, Hongkong, Taiwan wage Cheenage kakuldeka langa watila indai, Rajapaksalata mewata Shapa Wenda puluwan anagatha paramparawen.

    • Alapaluwa says:

      උතුර දෙමළ ඉල්ලනකොට වැලලෙන්න ගිය එවුන් ලංකාවම චීනෙට දෙන්න යනකොට මීක් නෑ. දැන් සැපලු. Alapaluwa From SA

      • යකා says:

        ගොනෝ දෙමෙල්ලු වගේද චීන්නු? දෙමල්ලු කැතයි, දෙමල ගෑණු කැතයි, දෙමෙල්ලු ගාව ගඳයි, කළු, රැවුල කොන්ඩේ කපන්නේ නැති ජාතියක්, චීන්නු කොච්චර ලස්සනද? චීන ගැනුන්ගේ හම රත්තරන් පාටයි, චීන්නු එක්ක ඉන්න පුළුවන්, දෙමෙල්ලු ඒ වගේද ? 😀

  3. Love nature says:

    සිංහළේ සම්ප්‍රදායික ආහාර

    “හත්මාලුව” යනු එළවළු හතකින් සාදන ලද සාම්ප්‍රදායික ආහාරයකි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට අමුද්‍රව්‍ය වෙනස් වේ. එහි එළවළු, බීජ හා ඇට වර්ග, කොළ එළවළු සහ ධාන්‍ය අඩංගු වේ. ස්වාභාවික රස හයක් මිහිරි රසය, කටුක රසය, ඇඹුල් රසය, ලුණු රසය, තද රසය සහ කහට රසය මෙම පුදුමාකාර වට්ටෝරුවට සුවිශේෂී වේ. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මෙිදය, විටමින්, ඛනිජ, ප්‍රතිඔක්සිකාරක සහ ජලය වැනි සියලුම පෝෂ්‍ය පදාර්ථ වලන් එය සමතුලිත වේ.
    කජු, කොස් ඇට, වම්බටු, වට්ටක්කා කොළ, මෑකරල් හෝ දඹල, තිබ්බොටු , දම් පාට රාජ අල, කොල්ලු හෝ මුංඇට, උකු පොල් කිරි සහ කුළුබඩු වර්ග ශ්‍රී ලංකාවෙ පිළියෙළ කරන ලද “හත්මාලුව”සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය වේ. කුළුබඩු එකතු කිරීම විවිධ සෞඛ්‍යමය වාසි ලබා දෙන අතර උකු පොල් කිරි ආහාරයේ රසවත් බව සහ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි දියුණු කරයි.

  4. Ranjan says:

    මේ ඔක්කෝම විද්‍යාඥයන්ට දැන් තමයි පෙනිලා තියෙන්නේ පොල්තෙල් වල ඇෆලටොක්සින් තියනවා කියලා. ඒකත් රේගුවෙන් කරපු පරීක්ෂණයක් හින්දා. මේගොල්ලො දැන් තමන්ට නමක් හදාගන්න ඉන්ටවිව් දෙනවා. මෙච්චර කල් මොකද කළේ ? දැන් මෙතුමා කියන ආහාරවල පිළිකාකාරක තියනවා කියලා මෙතුමා පරීක්ෂණ කරලා හොයාගත්ත දෙයක්ද ? නැත්නං ඔබතුමාත් අපේ රටේ විද්වතුන් බහුතරය වගේ Google විද්වතෙක්ද ?

    • කරු says:

      මේකෙ කොටන සමහර එවුන් හිතාගෙන ඉන්නෙ අපි ඇපලටොක්සීන් කන්නෙ රටින් ගේන පොල්තෙග්වලින් විතරයි කියල. පොල්තෙල්වල මේ ප්‍රහ්නෙ ඇතිවුනෙ රටින් පොල්තෙල් ගේන්න 2020 ගහපු ගැසට් එක නිසයි කියල SLS ලොක්කි කියපු කථාවත් ඇත්ත. ඒකට හේතුව තමයි පොල්තෙල් ආනයනයේදි නීතිමය අවශ්‍යතාවය නිසා ඒව තත්ව පරීක්ෂාවට ලක් කරන්න පටන් ගත්තෙ. නමුත් දේශීය පොල්තෙල් නිශ්පාදනයන් තත්ව පරීක්ෂාවට ලක් නොවූ නිසා ඇපලටොක්සීන් ප්‍රශ්නෙ මතු වුනෙ නැහැ. කුරුණැගල පැත්තෙ පොල්තෙල් මෝල්වල තියෙන අපිරිසිදු කම සහ ඒව ප්‍රවහනය කරන බවුසර් හා බඳුන්වල ඇති අපිරිසිදු කම අනුව 100% ක් ෂුවර් දේශිය පොල්තෙල්වල ඇපලටොක්සීන් ප්‍රතිශතය ආනායනික පොල්තෙල්වට වඩා වැඩියි.

  5. Love nature says:

    කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සෘජුව අනුභව කළ හැකි ආහාර නැතහොත් සකසන ලද ආහාර පරිභෝජනය කිරීමෙන් පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලය සිදුකළ ගවේෂණයකදී හෙළි වී ඇත.

    මිනිසුන් එක් ලක්ෂ පන් දහසකගේ ආහාර රටාවන් නිරීක්ෂණය කරමින් සිදු කරන ලද මෙම පරීක්ෂණයෙන් නිගමනය වූයේ සකසන ලද ආහාර අනුභවය කිරීමෙන් පිළිකා හටගැනීමේ දැඩි අවදානමක් ඇති බවය.

    පෙර සකසන ලද ආහාර පිළිබදව අනතුරු ඇගවීමක් එම ගවේෂණය මගින් සිදු කර ඇත. කෙසේ වුවද නිරෝගී දිවියක් පවත්වාගෙන යාම සඳහා හිතකර ආහාර වේලක් ලබා ගැනීම යහපත් බව විශේෂඥයෝ පවසති.
    සකසන ලද ආහාරවලට අයත් වන්නේ මොනවාද?

    •මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ඇසුරුම් කරන ලද පාන් සහ බනිස් වර්ග

    •පැණි රස හෝ වෙනත් රස කාරක යොදා ඇසුරුම් කරන ලද බැදපු අර්තාපල් කැබලි සහ වෙනත් කෙටි කෑම වර්ග

    •චොකලට් සහ පැණි රස වර්ග

    •සෝඩා සහ පැණි බීම වර්ග

    •මීට් බෝල්ස්, බැදපු මස් සහ මාළු කැබලි

    •ක්ෂණික නූඩ්ල්ස් සහ සුප් වර්ග

    •ශීත කරන ලද හෝ රාක්ක මත විකිණීමට තබා ඇති පිසූ ආහාර

    •සම්පූර්ණයෙන් සීනි, තෙල් සහ මේදය අධික ද්‍රව්‍යයන්ගෙන් සකසන ලද ආහාර

    පුද්ගලයකුගේ ආහාර අනුභව කරන රටාව පිළිකා ඇති වීමේ අවදානමට සෘජුව බලපාන බව පිළිගත් සාධකයකි.

    අධික තරබාරු බව, දුම්පානය සේම පිළිකා වර්ධනයට බලපාන අනෙක් හේතුව වෙයි. සකස් කළ මස් වර්ග අනුභව කිරීමෙන් ද පිළිකා ඇති වීමේ සුළු අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ප්‍රකාශ කරයි.

  6. Love nature says:

    “කට පරිස්සම් කර ගන්න” යයි අපට කිසිවකු අවවාද කරන විට ඉන් අදහස් වන්නේ ප්‍රවේශමෙන් කතා කරන්න යන්න ය. එහෙත් එම අවවාදය ම අද අපට වෙනත් අන්දමකින් තේරුම් කරන්නට හැකිව ඇත. එනම්, ‘ප්‍රවේශමෙන් ආහාර ගන්න, කටට දමා ගැනීමට හිතෙන හිතෙන දේ දමා නොගන්න’ යනාදී අර්ථයන් ය.

  7. Love nature says:

    මෑතක දී කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇති සත්‍යය නම් ධනවතුනට වඩා මැද පංතියේ හා දුප්පත් ගනයට වැටෙන අය ජන්ක් ආහාර වඩාත් පරිභෝජනය කරන බව ය. මෙයට එක් හේතුවක් නම් ඔවුනට තම ජීවන අරගලය සඳහා වැඩි කාලයක් ගත කරන්නට සිදුව තිබීම, නියමිත රටාවකට, කාල සටහනකට ආහාර ගැනීමට ඇති ඉඩප්‍රස්තා අඩු වීම නිසා පහසුවෙන් ලබා ගත හැකි ආහාරවලට ඇදී යාම ය.

    ජන්ක් ආහාර ගැන වර්තමානයේ වැඩිපුර කතා කරනු ලබන්නේ ඒවා පරිභෝජනය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු නිසාවෙනි. නිතර ජන්ක් ආහාර පරිභෝජනය නිසා අධික මේදය, කාබෝහයිඩ්‍රේට් සහ සීනි මගින් තරබාරුකමට, දියවැඩියාවට, හෘද රෝගවලට, පිළිකාවලට, අධික රුධිර පීඩනය හා තවත් දරුණු රෝගවලට මග සලසයි. මෑතක දී කරන ලද පර්යේෂණවලින් ජන්ක් ආහාර සහ තරබාරුකම අතර ඇති ඍජු සබඳකම ඔප්පු කර ඇත. එම අධ්‍යයනයෙන් ම හඳුනාගෙන ඇත්තේ එම තරබාරුකම නිසා ඇති වන අනෙක් සංකීර්ණ තත්ත්වයන්, එනම් හෘදයාබාධ වැළඳීමේ අවදානම වැඩි වන බව ය. වයස 30 දී පමණ පටන් ගන්නා ධමනිවල අවහිරයන් පසු කල හෘදයාබාධවලට ඉඩ සලසන බව ය. හඳුනාගත් තවත් සිත් ගන්නා කරුණක් නම් ජන්ක් ආහාර ගන්නා අය එක් වරකට අධික ප්‍රමාණයන්ගෙන් අනුභව කරන බව සහ එලෙස ඇබ්බැහි වූවන් පලතුරු සහ එළවළුවලට එතරම් රුචියක් නොදක්වන බව යි.

    2008 දී කරන ලද පරික්ෂණයකින් පෙන්වා දී ඇත්තේ කොකේන් සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලින් මොළයට කරන ඇබ්බැහි බලපෑමට සමාන අන්දමේ බලපෑමක් ජන්ක් ආහාර මගින් මොළයට කරන බව ය. තවත් වාර්තාවක් ජන්ක් ආහාර අනුභවය දුම්පානයට සමාන ඇබ්බැහියක් බව ප්‍රකාශ කරයි. සීනි අධික ජන්ක් ආහාර මගින් මානසික සෞඛ්‍යයට බලපෑමක් ඇති කරන බව තවත් අධ්‍යයනයකින් යෝජනා කර ඇත.

  8. Love nature says:

    පවුලට මත්පැන් එපා.

    අද මත්පැන් නැති සාදයක් නැති තරම් ඒ වුනත් මත්පැන් පානය නිසා අක්මාවට හානි වීම, පිලිකා, හදවත් රෝග වගේම මානසික රෝග තත්වයන් පවා ඇති වෙන්න පුලුවනි.දැන් අලුත් මතයක් විදිහට මද පමණින් පානය ගුණයි කිව්වත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මත්පැන් පානයේ ඔය කියන ආරක්ෂිත මටට්මක් නම් නැති බවයි. ඒ නිසා නිවසේ දරුවන්ගේ උපන්දින සාද හා වෙනත් උත්සව වෙනුවෙන් මත්පැන් එපා කියන ස්ථාවරයේ ඔබට සිටින්න කිසිම බාධාවක් නැහැ.

  9. Chathura says:

    ඔය ලිස්ට් එක දාපන්කො මේකෙ..රෙද්ද. වීඩියෝ එක බලන්න ඔනිනෙ ඒක දැන ගන්න..මිනිස්සුන්ට ඔවා බලන්න වෙලාවක් නැහැ..

  10. Funeral Director says:

    People Know these foods are not good. Propose the Alternatives.

Main News