දරුවන් 21කට කොරෝනා..

April 10, 2020 at 10:00 am | lanka C news
දරුවන් 21කට කොරෝනා..

දැනට මෙරට තුළ කොරෝනා ආසාදනය වී සිටින පිරිසෙන් 21 දෙනෙකු වයස අවුරුදු 16ට අඩු දරුවන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

නමුත් ඒ කිසිවකුගේ තත්ත්වය මේ වන තෙක් අයහපත් නැති බවද ඇතැම් දරුවන් ප්‍රතිකාර ලබා සුව වී නිවෙස් වලට ගොස් ඇති බවද ඇය සඳහන් කළාය.

මෙම දරුවන් වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇත්තේ තම මවුපියන් හා ළඟම ඥාතීන්ගෙන් යයි ඇය තවදුරටත් කියා සිටියාය.

කොරෝනා වෛරසය ආසාදනය දරුවන්ට එතරම් ප්‍රබල සංකූලතා ඇති නොවන බව ලෝකය පුරා වාර්තාවලින් හෙළි වී ඇත.

241 views
Main News