දරුවා ගේන්න පාසැලට ගිය තාත්තට වෙඩි තියලා මරනවා..- මහින්ද

July 6, 2019 at 3:32 am | lanka C news
දරුවා ගේන්න පාසැලට ගිය තාත්තට වෙඩි තියලා මරනවා..- මහින්ද

මේ දිනවල බොරු ප්‍රචාරයක් ගෙන යනවා අපි කිවුවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැහැ කියලා. දේශපාලන පක්‍ෂයකට ඡන්ද අවශ්‍ය නැහැ කියන පුද්ගලයින් ඉන්නවාද? දේශපාලන පක්‍ෂයකට සෑම ජාතියකම, සෑම ආගමකම ඡන්ද අවශ්‍යයි. පක්‍ෂයක සෑම ජාතියක්ම, සෑම ආගමක්ම නියෝජනය කරන අය ඉන්නා බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඒ බව පැවසුවේ විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය වන පවුර ප‍්‍රධාන කාර්යාලය හා එහි වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමිනි. මෙම කාර්යාලය නුගේගොඩ පිටකෝට්ට පාරේ සියපත ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටා ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,

‘රටේ අනාගතය ගැන මෙන්ම සමාජ, ආර්ථික ප්‍රශ්න ගැන බැලුවාම රටක් අවුරුදු 04ක් තුළ මෙහෙම විනාශ කළ හැකි දැයි කියා සිතෙනෙවා. ප්‍රශ්න වලින් මඟ හරින්න ආණ්ඩුව දවස ගානේ අලුත් ප්‍රශ්නයක් මවනවා. පසුගියදා සිදු වූ සිදුවීමත් සමඟ රටට වගේම කිසිම ජාතියකට ආරක්‍ෂාවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම අනාරක්‍ෂිත තත්වයට පත්වෙලා. තාත්තට පාසලට ගිහින් තම දරුවා පාසලෙන් ගන්න බැරි තත්වයක් උදාවෙලා. ළමයා ගන්න ගිය තාත්තට වෙඩි තියලා මරනවා. එවැනි තත්වයක් රට තුළ උදාවෙලා. ජාතීන් අතර සැකය ඇතිවෙලා.   රටක් ඉදිරියට යන්න අරමුණක් තිබිය යුතුයි. 2005දී ජනතාව අපෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරදෙන ලෙසයි. වසර 30ක් තිබූ යුද්ධය වසර තුනහමාරකින් අපි අවසන් කළා. ඊළඟට තිබුණේ සංවර්ධනය ආරම්භ කිරීමයි. අපි එයත් කළා. වසර 30ක් යුද්ධයෙන් බැට කාපු උතුරු නැගෙනහිර පළාත්වලත් යටිතල පහසුකම් ගොඩ නගමින් සංවර්ධනය කළා.

අද රටට විවිධ බලපෑම් එන්න පටන් අරගෙන. විවිධ ගිවිසුම් වලින් රට පාවා දෙන්න හදනවා. සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර් වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට, අල්ලස් දෙපාර්තමේන්තුවට මෙන්ම රටේ අනෙකුත් ආයතන වලටත් විදේශකයින් ඇතුල් වෙන්න පටන් අරගෙන. එවැනි වෙලාවක අපේ රටේ උගතුන් විද්වතුන් හා වෘත්තිකයින් වැනි රටට ආදරය කරන පිරිසක් මෙවැනි සංවිධානයක් ගොඩනගාගෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට මුල්වීම ගැන අපි සතුටු වෙනවා. අපේ ගමන අතරමඟ නවත්වන්නේ නැහැ. සියලුදෙනා එකතු කරගෙන මෙම ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කරනවා’

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, පවුර විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති එස් අමරසේකර, ලේකම් එස් ලියනගම යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

16,363 Viewers

14 Comments to “දරුවා ගේන්න පාසැලට ගිය තාත්තට වෙඩි තියලා මරනවා..- මහින්ද”

  1. අනිවා says:

    අනිවා සර්
    මේ මිනිස්සු බොන්න වතුර ඉල්ලපු අහිංසක මිනිස්සු වෙඩි තියල මරා දාපු පාපතර රැලක්
    ජය වේවා අපි සර්ට සර්ට අපි

    • විස්කි මැඩම් says:

      පල්ලි ගිය මිනිස්සුන්ට බෝම්බ තියලා මරල දාන්න ඉඩ දීපු අමන රැල උබට හොද උනා එහෙනම්. උබ පවු බන් 🙂

      • aniwa says:

        කඩේ යන එක නවත්තල දෙපයින් නැගිටින්න උත්සහ කරන්න අංකල්.
        අවාසනාවට මුන් සේරම එකයි කියන සත්‍යය වටහාගන්න තරම් බුද්ධියක් තියෙන්නේ බොහොම ස්වල්ප දෙනාටයි.

  2. George says:

    ජනාදිපති තුමනි, දැන් මේ රට පාලනය කරන්නේ ඔබ නොව සුමන්තිරම් රිශාඩ්ල ඔබ දැන් අවලන්ගු කාසියකි. නාමික ජනාදිපති වරයෙකි. ඔබ ඉදිරි මාස කීපය ඔය තනතුරේ සිටියා කියා ඔබට කලහැකි දෙයක් නොමැත. සිදුවන්නේ තවත් රට ආරාජික වීමයි. කලයුත්තේ කඩිනම් මැතිවරනයක් පවත්වා රට විනාශ කරන මේ නපුන්සකයා ගෙදර යැවීමයි.

  3. සිංහල බන්ඩා says:

    විමල් වීරවශලා කිව්වෙ ඊලඟ ආණ්ඩුව පිහිටුවන්න වහබි අන්තවාදීන් (බදුර්දීන්ලගෙ) ගෙ සහාය ගන්නෙ නැහැ කියලය්. ඒක නාගානන්දත් කියනවා. ඇතිත කතා කරනවා නම් මහින්දට මුස්ලිම් චන්ද 2005 ලැබුනෙත් නැහැ. 2015දි ලැබුනෙත් නැහැ. 2019 දි ගෝටාට ලැබෙන්නෙත් නැහැ.

    • harsha says:

      2005 දී බේරුවල අසානයේ මහින්දයි රනිලුයි අතර පරතරයට වඩා 2015 දී විශාල පරතරයක් ආවා.

    • ඉතින් යේක තමයි අපිලා කියන්නේ යෙපිලගේ යූඑන්පී ඡන්ද ටික එතුමට යෙන්ඩ කියලා.. එතකොට යෙපිළගෙ සමනල නායකයොත් එලවතෑකි. අපි නැතුව ආණ්ඩු කොරතෑකි.. අර කිව්වෙ යාපනේ පාරවල් 5 යි ගිය පාර.. මේ පාර හදල තියෙන්නෙ එකයි..

  4. rosh says:

    ලොක්කා ගොං ටෝක් දාන්න එපා… ඒ ආමි නිළධාරියා නිකන් චූන් එකට වෙඩි තිබ්බා නෙමෙයිනේ.. ඔහුගෙ රාජකාරියට බාධා පමුණුවමින් ආයුධය ගන්න වෙලේ තමයි තුවක්කුව පත්තු වුනේ… ඔයා ඔහොම ගොන් ටෝක් දෙන කොට අපිට පොඩ්ඩක් සැක හිතෙනවා ඔයා එන්ජීඕ කාරයන්ව චූන් කොරනවද කියලා!!

  5. Hirantha says:

    What Rosh say is Correct,
    Ex President should think twice before made statements

  6. SL says:

    බලකාමය තමයි ඉතින් . නිලධාරියා වෙඩි තිබ්බේ ඇතුලට ගිය කෙනාගේ වරද නිසා මිසක් වෙන හේතුවකට නෙවි.කන්න ඕනේ උනාම කබර ගොයත් තලගොයා වෙනවා.දේශපාලකයෝ බහුතරයක් කරන්නේ අපිව රවට්ටන එක.ඇත්ත ඇතිසැටියෙන් හිතට එකඟව කතා කරන්නේ නැහැ .

  7. alagiyavanna says:

    මේවා ඔබතුමන්ලාගේම කුමන්ත්‍රන

  8. Aurora says:

    මහින්ද මහත්තයෝ ඔබතුමා ජාතියට නිවැරදි මඟ පෙන්වාවි කියා දේශප්‍රේමී ජනතාව අපේක්ෂාකරනවා. ඒ වගේම UNP, JVP පාක්ෂිකයෝ වගේ නායකයෝ කියන ඕනෑම ගොන්කතාවක් පිළිගන්න කණ්ඩායමක් නොවේ ඔබතුමාගේ නායකත්වය අපේක්ෂාකරන්නේ. රටේ පවතින අස්ථිර සහ අනාරක්ෂිත තත්වය නිසා පාසැල්වලට දැඩි ආරක්ෂාවක් අවශ්‍යවී ඇති තත්වය යටතේ හමුදා ආරක්ෂාවක් යොදා ඇති නිසා ආරක්ෂක හමුදා සාමාජිකයන්ට දැඩි තීරණ ගැනීමට සිදුවිය හැකිය. සිදුවූ මරණය ගැන කණගාටුවන අතරම ස්ථානයේ පැවති තත්වය පැහැදිලි නොකරගෙන කිසිවකුට චෝදනා කලනොහැකිය. හමුදා භටයන් පමණක් ආරක්ෂාවට යොදාගැනීම මහත් වරදක් වන අතර හිටපු නාවික සෙබළා කෙසේ හැසිරුණද යන්න පැහැදිලි නැත. ඒ නිසා මැදිහත්ව සිතන්න. ඒවගේම මේ ප්‍රකාශය වාර්තා කිරීමේදී නිවැරදිව සිදුවී ඇත්ද යන්න සොයා බැලීම වැදගත්.

  9. piyumi says:

    This incidents is also to the Government Account. What a nonsense?

Leave a Comment

Main News