දරු ප‍්‍රසූති නිවසේදීම කරන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් සූදානම් කරවයි..

June 23, 2022 at 11:20 am | lanka C news
දරු ප‍්‍රසූති නිවසේදීම කරන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් සූදානම් කරවයි..

ගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූතියන් නිවෙස්වල දීම සිදු කිරීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය දැනුවත් කර තිබිය.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මව්වරුන් රෝහල්ගත කළ නොහැකි අවස්ථාවල නිවසේදීම දරු ප්‍රසූතිය සිදුවිය හැකි බවයි.

පවතින වාතාවරණය යටතේ ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඕනෑම අවස්ථාවක දරු ප්‍රසූතියක් සඳහා මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට තමන් නිලධාරිනියන් සූදානම් කරන බවද ඇය සඳහන් කළාය.

දරු ප්‍රසූතිය සඳහා මැදිහත් වීමේ අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම දැනුම් දීම කරන ලද බවද ඇය තවදුරටත් කියා සිටියාය.

37,504 views

6 Comments to “දරු ප‍්‍රසූති නිවසේදීම කරන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් සූදානම් කරවයි..”

  1. On the spot says:

    පවතින තත්වය වඩාත්ම සාධනීය විසඳුම මෙයයි.මේ පිළිබඳව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අපේ ප්‍රණාමය​.බැන වැදීම්,පිකටින් අනවශ්‍යයි,ප්‍රශ්ණවලට පිළිතුරු අවශ්‍යයි.

  2. S. Vitharana says:

    දරුවෝ හදන එක ගෙදරදි කරන්න පුලුවන් නමි හම්බවෙන එක ගෙදරදි කරන්න නොහැකි මන් ද?

  3. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුවට ජය නියතයි.
    ගෙදරදීම ඉස්පිරිතාලෙයක් හදා ගනිමු.
    වහල්ලු වදමු.
    රාජපස්ස ට රෙද්ද උස්සමු.
    මහින්ද ඉල්ලා අස්වෙන්නෙ නෑ.
    බැසිල් මුදල් ඇමති.
    නාමල් මීලඟ ජනපටි කරමු.
    අල බතල කාලා කැලෑකොල ඇඳලා නෙලුම් කුලුන වටේට වැදි නැටුම් නටමු.

    පොහොට්ටුවට ජය නියතයි
    පුටානොට හුලං
    ලපයාටත් හුලං
    රනිල් ට ඇපත් නෑ.
    හූ….හූ….

  4. Aniwa says:

    Good decision. This is very common practice in developed countries. Actually many prefer home births as opposed to wasting your time at the hospitals.

    • උදාර says:

      ඔව්, දියුණු රටවල් වල Home delivery තමයි promote කරන්නේ. මොකද මවට හොඳම පරිසරය තිබෙන්නේ ගෙදර. හොඳම සහයෝගය තිබෙන්නේ ගෙදර. මානසික ලොකු සහනයක් ගෙදර ඉන්න එක. එම රට වල එහෙම කරන්නේ හදිසි අවශ්‍යතාවක් වුවහොත් විනාඩි කිහිපයක් තුළ රෝහල් ගත කර ගැනීමට අවශ්‍ය පහසුකම් සහිතව. සියලු පහසුකම් සහිත Ambulance එකක් සුදානම්ව තබා ගෙන. Eg. මවගෙන් දැඩි ලෙස රුධිරය වහනය වන්නේ නම් ඉක්මනින් ශල්‍යාගාරය වෙත ගෙන සැත්කම් ආදිය කල යුතු වෙනවා. දරුවා ප්‍රසූත නොවී සිර වන්නේ නම් ඉක්මනින් ශල්‍යාගාරයට ගෙන සැත්කම සිදු කල යුතු වෙනවා. ලංකවේ ගෙදරදී ඔහොම තත්ත්වය ආවොත් නරක ප්‍රතිඵල එන්න ඉඩ වැඩිය. ඉන්ධන නෑ. මග පාරවල් blocked. ඒවා ඔක්කොම තිබ්බ උනත් සමහර පැති තියේ පැයක් වත් යන Hospital එන්න. මේ ඔබ සමග වාදයක් නොවේ. 🙏

  5. Ranjanee says:

    දැන් abortion එකත් ගෙදරදීම කරගන්න වෙය් එහෙනම්…

Leave a Comment