දලදාවට උඩින් පියෑඹූ මෝඩිගේ හෙලිකොප්ටර දෙක කැඬේ.. හොලවන්නවත් බැරිව තාමත් අස්ගිරි පිටියේ..

May 13, 2017 at 1:20 pm | lanka C news
දලදාවට උඩින් පියෑඹූ මෝඩිගේ හෙලිකොප්ටර දෙක කැඬේ.. හොලවන්නවත් බැරිව තාමත් අස්ගිරි පිටියේ..

මෙරට සංචාරයක යෙදුනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් එරට සිට පැමිණි තිබූ විශේෂ හෙලිකොප්ටර් යානා දෙකක් කාර්මික දෝෂයනට ලක්ව මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ නවතා තිබේ.

එම යානා අලූත්වැඩියා කිරීමට උවමාන උපකරණ හා කාර්මිකයින් කඩිනමින් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට නියමිත අතර යානා දෙකට මේ වන විට දැඩි ආරක්ෂාවක් යොදා ඇත.

මෙම යානා අවස්ථා කිහිපයකදීම මහනුවර අහසේ පියාසර කරනු ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඔවුන් සදහන් කරන්නේ දළදා මාළිගාවට ඉහලින් කිසිදු යානාවක් ගමන් නොකිරීමේ සම්ප්‍රදායක් එදා සිට මෙරට තිබූ බවයි.

236 views
Main News