දලයිලාමා තුමා සමස්ත ජීවිතයම බුදු සසුන වෙනුවෙන් කැප කල භික්‍ෂූවක්..- දලෙයිලාමාගේ උපන් දිනය ඇඹිලිපිටියේ සමරයි..

July 7, 2020 at 6:48 pm | lanka C news
දලයිලාමා තුමා සමස්ත ජීවිතයම බුදු සසුන වෙනුවෙන් කැප කල භික්‍ෂූවක්..- දලෙයිලාමාගේ උපන් දිනය ඇඹිලිපිටියේ සමරයි..

‘අපි උපන් ජීවිතේටම දැක්කේ නැහැ මෙහෙම මැතිවරණයක්. අපි කවදාවත් මේ වගේ සාමකාමී මැතිවරණයක් දැක්කේ නැහැ.මහ මැතිවරණයක් මේ යනවා කෑ කෝ ගැහැලි නැහැ. සද්ද බද්ද නැහැ. ඩෝප් කාරයෝ නැහැ. කෑකෝ ගහගෙන යන පෙළපාලි නැහැ. දැන් අර විදුලිවේගයෙන් අපිව මරාගෙන යන්න හදන වාහන දකින්න නැහැ. රට පුරා පෝස්ටර් නැහැ.තාප්ප අපිරිසිදු වෙලා නැහැ. ගහ ගැනිලි නැහැ’ යයි ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ දලෙයිලාමා තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති  උත්සවයක් අමතමිණි.

ටිබෙට් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණී. මෙහිදී ආගමික වතාවත් සිදු කර පහන් පත්තු කර කේක් වෙනුවට දේශීය ක්‍රමයට කිරිබතක් කපා දලයිලාමා තුමන්ගේ උපන්දිනය සමරීම සිදු කරන ලදී.

මෙහිදී ඒ  පැල ප්‍රධානයක්ද සිදු කෙරිණ.

මෙම උත්සවය අමතා වැඩිදුරටත් කතා කල ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්,

වෙනද ගහගන්නේ පක්ෂ අතර මිනිස්සු නොවෙයි,එකම පක්ෂයේ අයත් ගහ ගන්නවා.

මේ ගහගන්නා ඒවා මේ දුක්ක අදෝනා දැන් අපට දක්නට ලැබෙන්නේ නැහැ. ඉතාමත් හොදින් මහ මැතිවරනය සාමකාමීව පවත්වා ගෙන යෑම සදහා  මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සෘජු ලෙස ක්‍රියාත්මක කරවීම  අපේ රටට කවදාවත් දකින්න නොලැබුනු ආදර්ශයක්. දැන්වත් පාලකයෝ දායකයෝ අනුගාමිකයන් දැන්වත් නීතිය ඉගන ගන්න. දලෙයිලාමාතුමාගෙන් අන්න ඒ විනය අපි ඉගන ගන්නවා.

අපිට පේනවා ඉතාමත් හොද ආදර්ශයක්. ඒ ආදර්ශය අපි නොපිරිහෙලාම කිව යුතුයි. ඒ අපේ රටේ වර්තමාන මැතිවරණ කොමසාරිස්තුමා‍. එතුමා අනුගමනය කරන මහත්මා ගති ලක්ෂණය  මේ යුගයේ අපට මහත් ආශිර්වාදයක්.

මහා කාන්තාරයකට වැටෙන වැස්සක් සේ  නියං සායේදී වැටෙන වැසි බිදක්සේ අපිට පේනවා නීතිය කඩ කරන  නීතිය අයාලේ යන සමාජයක වත්මන් මැතිවරණ කොමසාරිස් තුමාගේ  ක්‍රියා පටිපාටිය අපි අයග කරනවා.

දලයි ලාමා තුමා සමස්ත ජීවිතයම බුදු සසුන වෙනුවෙන් කැප කොට ක්‍රියා කරන හාමුදුරු නමක්.

– ඇඹිලිපිටිය ප්‍රගීත්  ජනක

146 views

19 Comments to “දලයිලාමා තුමා සමස්ත ජීවිතයම බුදු සසුන වෙනුවෙන් කැප කල භික්‍ෂූවක්..- දලෙයිලාමාගේ උපන් දිනය ඇඹිලිපිටියේ සමරයි..”

  1. WMFernando says:

    Sobitha himitath bargeta pissu

  2. makal says:

    දලයිලා යනු බටහිර අධිරාජ්‍යවාදයේ ආසියානු බලල් අතයි… සිවුරවත් හරියට අඳින්නැති මහායානික අර්ධ මිසදුටුවෙකි… මෙවැන්නන්ගෙ ජීවිත බුදුදහමේ එක පදයක් තරම් නොවටී… එවැන්නෙක්ගෙ ගුන වයන මෝඝ පුරුසයන් ලංකාවේ සිටීම කනගාටුවකි…

  3. බාලි 6 යි says:

    දලයිලාමා කියන්නෙ සී.අයි.ඒ. ඒජන්තවරයෙක් කියන එක ප්‍රසිද්ධ රහසක්

Main News