දල ඇතාගේ මරණයට යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට
May 23, 2018 at 6:23 am | lanka C news
මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්රදේශයේ විදුලි සැර වැදීමෙන් මිය ගිය ඇතාගේ සිදුවීම සම්බන්ධයෙන් අදාල විදුලි රැහැන් ඇද තිබූ බවට සැකකෙරෙන යුද හමුදා කඳවුරක කපිතාන් වරයෙකු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.
මුලතිව් වන ජීවි නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් මුලතිව් 68 වන සේනාංකයට අයත් කපිතාන් වරයෙකු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට මුලතිව් මහෙස්ත්රාත් තුමන් නියෝග කොට ඇති අතරම නඩුව ජුලි මස 17 වනදා කැඳවීමට නියෝග කොට ඇත.
දල ඇතා ගමන් කරන ලද මාර්ගයේ විදුලි රැහැන් ඇද තිබීම නිසා දල ඇතා එම විදුලි රැහැන්වල පැටලී ඇති අතර ආසන්නයේ යුද හමුදා ගොවිපලක් හා සිවිල් ආරක්ෂක බලකා ගොවිපලක්ද පිහිටා ඇති අතරම විදුලි රැහන් ඇද ඇත්තේ ආසන්නයේ පිහිටි කෝවිලකට විදුලිය ලබා දීමට බවට යුද හමුදා නිලධාරීන් ප්රකාශ කොට ඇතත් අදාල රැහන් අනාරක්ෂිතව ඇද තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලතිව් වනජීවි නිලධාරීන් පවසා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Prabakaran monatharam naraka minihek unath uge hodakuth thibba, kawadawath wananthara, saththu maeruwe naeha, swabadarmaya araksha kala, ekata anduwe wipakshaye inna palakyo un serama wanasanawa, ranil, my3, mahinda , gota mun serama ekai, wilpaththuwa wanasanna dunne DA rajapaksa kiyana mada gaagaththu goviyage putha, Basil wisil
උඹ දන්න කෙහෙල්මලක් කතා කරපං. ප්රභාකරන්ගෙ එවුන් අලි ඇත්තු කීදෙනෙක් මැරුවද කියල ඒදවස් වල පත්තර හොයල කියවලා බලපන් දන්නෙ නැති ඉටිගෙඩියට කතා නොකර. උඹලාවගේ මොලේ කචල් අම්බරුවො නිසා තමයි රටට කෙළවුනේ.
මෙන්න රණවිරුවන්ගෙන් පලි ගන්නවෝ