දවසකට තිස්දාහක තෙල් වියදමක් යනවා.. මන්ත්‍රීන්ට සාමාන්‍ය වාහනවල යන්න බෑ.. ගෙදර හිටියනම් ලක්ෂ 25ක් හොයනවා..
December 1, 2016 at 12:00 pm | lanka C news
මන්ත්‍රීවරයෙකුට දිනකට රුපියල් විසපන්දහසක, තිස් දහසක පමණ ඉන්ධන වියදමක් දරන්න සිදුවන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
මන්ත්රීවරුනට සාමාන්‍ය වාහනයක ගමන් බිමන් යන්නට බැරි බවත් හොද වාහනයක් උවමනා බවත් ඔහු සදහන් කරයි.
තමනට දේශපාලනය නොකර සිටියේ නම් මාසිකව ලක්ෂ 25-30ක ආදායමක් ලැබෙන බවද ඔහු සදහන් කලේ කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අඉයෝ මාසෙකට ලක්ෂ 25 ද? ලොකු කතාවේ විදිහට අපි හිතුවේ කොටි පති කියලනේ, බලාගෙන යනවිට කතාවේ තරමට වැඩ නැහැ.
“දවසකට තිස්දාහක තෙල් වියදමක් යනවා. sure ekatama mu kotu paninawa ekai ochchara thel yanne
ඒකත් ලඟ පාතක නෙවෙයි 😀 😀 😀
කොකේන් ප්‍රති අපනයනයෙන් හම්බකරන ගානට අමතරව මාසෙට ලක්ෂ 100ක් විතර කොමිස් වලින් හම්බ කරනව ඇති. විපක්ෂෙ ඉන්නකොටත් ඩොලර් වලින් කොම්ස් කාපු බනාන මෑන් ගැන කුමන කතාද..
kudu wikunalada ?
අපිත් කීයක්හරි දෙන්නං ඉදපං ගෙදර!
දවසකට රුපියල් තිස්දාහක තෙල් ගහන්නේ තූත්තුකුඩියේ ඉඳන් ඇවිල්ලද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස දීල තියෙනවා. ඇමතිවරුන්ට කොළොඹ නිල නිවාස දීල තියෙනවා. අමාත්‍යංශ පිහිටලා තියෙන්නේ කොළොඹ. මන්ත්‍රීවරු හැමදාම තමන්ගේ ආසනේට යන්නේ නැහැ. ඇත්තම කිව්වොත් යන්න බැහැ. අතින් තෙල් ගහගෙන යනවා වගේ කතා කලාට ආණ්ඩුව ඉන්ධන දීමනාවකුත් දෙනවා. දවසට රුපියල් තිස් දාහක තෙල් ගහගෙන රෝන්දේ ගහන්න නෙමෙයි මහජනතාව උඹලව පාර්ලිමේන්තු යැව්වේ. පෙට්‍රල් හොඳට වැඩ කරන වාහන ගනිල්ලා. Toyota තමයි හොඳටම තෙල් වැඩ කරන්නේ
.
ජනාධිපතිතුමා, මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු තෙල් පුච්චනවා අපරාදේ දවසට රුපියල් තිස් දාහක. වාහන කීයක් පාවිච්චි කරනවද දන්නේ නැහැ. ඔබතුමා පරිවාර වාහන සංඛ්‍යාව දෙකට අඩු කළා නේද? එහෙම නිකම් කියල හරි යන්නේ නැහැ. ජනාධිපති ලේකම්තුමාට කියන්න වහාම චක්‍ර ලේඛයක් නිකුත් කරන්න කියලා (කලාද එහෙම දැනටම?) ඇමතිවරුන්ට දීලා තියෙන වාහන ආපහු අමාත්‍යංශ වල pool එකට බාර දීලා ඒ ගැන ජනාධිපති කාර්යාලයට වාර්තා කරන්න කියලා. ඊළඟට එහෙම කලේ නැත්නම් ඒ වාහන ගැන පියවර ගන්න පොලිස්පතිතුමාට දෙන නියෝගයත් ඒ චක්‍රලේඛයේම පිටපත් කරන කොටසේ සඳහන් කරන්න.
පරිවාර රථ දෙකට අඩු කලාට, නිල වාහන කීයක් දෙනවද? ඒ ගැනත් අවධානය යොමු කළා නම් හොඳයි නේද? නැත්නම් දීල තියෙන වාහන පරිවාර වාහන නෙමෙයි නිල වාහන කියලා කියයි. ඔබේ ආණ්ඩුවේ ඉන්නේ හරි අංකූරෝ. කම්බ හොරු. පට්ට හොරු. මෙච්චර කල් ආණ්ඩුත් තිබුන, වාහන වලට මෙහෙම පෙරේත, සල්ලි වලට මෙහෙම පෙරේත යක්කු ටිකක් නම් මහජනතාව කවදාවත් දැකලා නැහැ.
ඔන්න ඊළඟ ආණ්ඩුවට නඩු නිමිත්තක් දැනටම තියෙනවා. සේනසිංහ දවසට රුපියක් තිස්දාහක් තෙල් ගැහව්වේ මොකොටද කියලා හොයන්න පුළුවන්. එහෙම කරලා ආණ්ඩුවට පාඩු කළා කියලා මුදල් විශුද්ධිකරණය කළා කියලා විමල්ගෙන් අහනවා වගේ ප්‍රශ්න 160ක් විතර ඕනෙනම් දැනටම ලැහැස්ති කරගෙන ඉන්න පුළුවන්.
ගෙදර හිටහන්කො.
අයියෝ මුන්ගෙ බොරු වලට රැවටුනු යූ ඇන් පී කාරයො ….. පව් නේද?
ජනතාව පටි තද කර ගනිද්දී මුන් දවසට ලක්ෂ ගානක් තෙල් වලට වියදම් කරනව…
LOL … What a stupid joker…
Land Rover එකක රුපියල් 30000 කට කිලෝ මීටර් 3000 ක් විතර ධාවනය කල හැකියි. මේ දුර කොළබ සිට චීනයට ගුවනින් ඇති දුර හා සමානයි!! මේ කතා හොදයි මෝඩ ටොයියන්ට.