දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ..

August 24, 2021 at 6:20 am | lanka C news
දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ..

අද වන විට රට තුළ ඇති වී තිබෙන වාතාවරනය මත ජනතාව ලක්ෂ දහයක් පමණ එකවර පාරට බැසීමට ඉඩක් ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එසේ දස ලක්ෂයක් දෙනා පාරට බැස්සහොත් නීතිරීති හෝ පරමාධිපත්‍යය ජනතාවට අදාළ නොවුණු ඇති බවද උන්වහන්සේ පැවසූහ.

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දැවැන්ත මෙහෙයුමක් ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් සිදුකළ බවද පැවසූ වහන්සේ ඒ බව ජනාධිපතිවරයා දන්නවා දැයි තමන් නොදන්නා බවත් පැවසීය.

බීරි අලින්ට වීණා වයන්නා වැනි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ජනාධිපතිවරයා නොමඟ යවමින් සිටින්නේ ඔහු වටා සිටින කේවට්ටයින් පිරිසක් බවත් ජනතාව බියට පත් කරන්නේ කේවට්ට උපදේහකයන් හා ඇමතිවරුන් බවත් උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

68,733 views

57 Comments to “දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ..”

  1. Silva says:

    කාපූ බීපු වේලාවට කියන කතා ගනන් නොගනු

  2. මාවතේ ජීවිතේ says:

    මේ කොරෝනා අවුඅස්සේ මහජනතාව පාරට බස්සන්න තියෙන ආසාව දැක්කහම අනේ අපොයි කියලා හිතෙනවා.

  3. සමනා says:

    හාමුදුරුවරුන්ටත් කතා වරප්‍රසාදය තියෙනවානේ උජුපටිපන්නෝ නේද? කෙලිං කියමු බලන්න. කව්ද කව්ද කියලා නැතිනම් අපිට හිතන්න වෙන්නේ දශ ලක්ෂයක් ලැබිලා කියලයි

  4. Sajiputha says:

    අනේ ලොඹු සාදු. මල්ලිගේ පුතාට TV චැනෙල් එකක් දමන්න අවසර දුන්නේ නැති එකේ වාරුව නේද මේ ගන්නේ. මංගලට උනදේ තමුන්ටත් ළඟදීම වෙනවා අනිවාර්යෙන්ම. නැතිනම් බුදු දහම බොරු.

  5. Amda says:

    මොන මල වදයක්ද මේක…මේයා හදන්නෙම මිනිස්සු අවුස්සන්න.

    මෙයා මිනිස්සුන්ට සලකන විදිය දැක්කා පන්සලට ගෙනත් එන්නත් දීපු දවසේ…

    මිනිස්සු පෝලිමේ පොරකනවා මෙයාගේ VIP සැදැහවතුන් වාහනයෙන් පන්සල ඇතුලට එනවා..
    බුදුදහමේ එන සමානාත්මතාවය ඒකද ???
    සිවුර දාගත්තට දහමවත් දන්නවද? ඉන්නේ නර්ස්ලගේ ප්‍රශ්න විසඳන්න නෙ

Main News