දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ..

August 24, 2021 at 6:20 am | lanka C news
දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ..

අද වන විට රට තුළ ඇති වී තිබෙන වාතාවරනය මත ජනතාව ලක්ෂ දහයක් පමණ එකවර පාරට බැසීමට ඉඩක් ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එසේ දස ලක්ෂයක් දෙනා පාරට බැස්සහොත් නීතිරීති හෝ පරමාධිපත්‍යය ජනතාවට අදාළ නොවුණු ඇති බවද උන්වහන්සේ පැවසූහ.

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දැවැන්ත මෙහෙයුමක් ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් සිදුකළ බවද පැවසූ වහන්සේ ඒ බව ජනාධිපතිවරයා දන්නවා දැයි තමන් නොදන්නා බවත් පැවසීය.

බීරි අලින්ට වීණා වයන්නා වැනි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ජනාධිපතිවරයා නොමඟ යවමින් සිටින්නේ ඔහු වටා සිටින කේවට්ටයින් පිරිසක් බවත් ජනතාව බියට පත් කරන්නේ කේවට්ට උපදේහකයන් හා ඇමතිවරුන් බවත් උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ‘රට රකින ජන හඬ’ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

69,230 views

57 Comments to “දශ ලක්‍ෂයක් ජනතාව පාරට බසීවි.. එවිට නීති වැඩක් නෑ..”

  1. sabbe laban says:

    නරකද දැන් විවාහයක් එහෙම කරගෙන පැත්තකට වෙලා කට පියන් හිටියනම්. දැන් ඉතින් අවුරුදු ගානක් තිස්සේ නර්ස් නෝනලා රවටලා එකතුකරගත්ත සල්ලි ඇති තරම් තියෙනවනේ. ලජ්ජා නැද්ද උන්නාහැ බුදුදහමටත් පටහැනිව ගිහින් අහිංසක වසංගත භීතියකින් මුළු රටම වෙලාගෙන ඉන්න වෙලේ සුරුට්ටු පත්තුකරගන්ට දගලන එක. ලබන මේ ආත්මේ නෙවේ තව ආත්ම සියයක් ගියත් නිවන් නම් යන්නේ නෑ. හැමදාම නිරයේම තමයි.

  2. Pissek says:

    Meyatanam hodatama pissu .oya korona wattuwakatawath yawanna. Pirikara lebila netha rajayen neda

  3. sanjay says:

    ඇත්තටම බැලුවොත් ගෝඨාභය මහත්තයාව ජනාධිපති කරන්න අවංකව වෙහෙස මහන්සි වුණේ මෙතුමන්, කාදිනල් තුමන් සහ මහින්ද රාජපක්ෂ මහත්තයා… වැඩ බැරි ඒත් ඔළුව ඉදිමිච්ච උද්දච්ච අසාර්තක චරිත වන ලලිත් වීරතුංගලා උදයංගලා නෑ කමට ඇවිත් හේත්තුවෙලා ජනාධිපත්තුමාව නොමග යවල රට අගාදෙට ඇදගෙන යනවා… ඒගොල්ලන්ගෙ චීන එන්නත් සහ රුසියන් සංචාරක කොමිස් ව්‍යාපෘති බලහත්කාරයෙන් ක්‍රියාවට නගනවා… මහින්ද මහත්තයව පරද්දපු නිලධාරි සෙට් එකම දැන් ගෝඨාභය මහත්තයවත් පරද්දන කොන්ත්‍රාත් එක හොදින්ම කරමින් සිටිනවා…. ඇත්තටම බැලුවොත් ඇමරිකන් ඩොලර් මිලියන දෙතුන් සියයක් වෙනුවෙන් මුළු රටම විනාශ කරමින් මේ කරණ වැඩ නිසා අනාගතේ මේ රටෙන් උපයන්න පුළුවන් ඩොලර් බිලියන ගණනක ලාභය ජිනීවා වලින් සම්බාධක පනවගෙන අහිමි කරගන්න පොටක් තමයි මේ ගොල්ලො මේ කරන ගොං උපදෙස් දීම් සහ බල කිරීම් නිසා වෙන්නෙ….

  4. assnga says:

    MEKATA dan theyenne mahajanathawa muge gedarata avith muwa pare edagena yayi kiyana baya.
    MEKA thawama karanne kade yana eka. Muta kiyala ethi sanuhere rakinna anduwata baninna kiyala ekath ganak denawa ethi.

  5. lalith says:

    උන්නාන්සේ කොහෙන් හරි ලොකු කුට්ටියක් අරන් වගෙයි දස ලක්ෂයක් පාරට බස්සන්න.
    ලංකාවේ එකම දුර්වල කම තමයි පුරවැසියන්ගේ ආදායම වත්කම් සෙවීමට ඒවා නීති විරෝධී නම් දඬුවම් දීමට නීති නොමැතිවීමයි.හොර දේස පාලුවන් මේ නීති නොගෙනෙන නිසා මෙවැනි මිනිසුන්ට කොහෙන් හෝ ගත් මුදල් කුට්ටියකට රට අස්ථාවර කල හැක .

  6. බින්ලා says:

    අපෙ බුදු හාමුදුරුවෝ හිටියනම් මෙ වගෙ බික්කුවක් මෙල්ල කරන්න කුමන ආකරයෙ ක්‍රම උපයාක් පාවිච්චි කරයිද?

    • සුරන් says:

      නොදැමුනු භික්ෂුවකට බ්‍රහ්ම දණ්ඩනයපදුන් අවස්ථාවක් සඳහන් වෙනවා

  7. Lanka says:

    This man (not monk) has a mental disorder.

  8. චන්ඩි කොල්ලා says:

    හරීනේ අපි හිතුවා තෝ තමයි අර රටේ කලබල ඇති කරන්න එන්ජීඕ සංවිධානයකින් කොටි පහක් ගත්ත ප්‍රසිද්ධ චීවරධාරියා! තොට ඕන විදියට වැඩ කරන්නැති නිසා ගොඨාභය ජනාධිපතිවරයාට එරෙහිව වැඩ කරන එක දැන් හොඳ ආදායම් මාර්ගයක් කරගෙන වගේ!

  9. RAYMOND says:

    දහමටයි සාසනයටයි එකට යන්න බෑ
    බුදුදහම විනාශ කරන්නේ හාමුදුරුවන් විසින්මය
    ⁣බොහෝ හාමුදුරුවන් බුදු රජාණන්වහන්සේගේ සිය සාස්තෘන්වහනසෙ හැටියට පිලගෙන කටයුතු කරන අතර පිරිසක්
    සිය දේශපාලන නායකයින් තමන්ගේ විමුක්ති මාරගය හැටියට පිලිගනි

    • Bani says:

      සුළු පිරිසකගේ වැරදි නිසා දහමයි සාසනයයි එකට යන්න බැහැ කියන්නෙ වැරදි මතයක්. දහමයි සාසනයයි තමයි එකට යන්නෙ. ඒක දැක්කහම හිතට අමාරු අයත් ඉන්නවා, ඒක ලෙඩක්. ඒ අයගේ සිත් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.

  10. පොරමෝලා says:

    මෙන්න මෙයාව අපවත් කරල දාන්න

Main News