දසුන් නිෂාන්ට අවසන් ගෞරව දක්වන්න ශලනී තාරකා යයි.. හෙලි නොවූ කතා හෙලිවෙයි..

September 28, 2017 at 1:20 pm | lanka C news
දසුන් නිෂාන්ට අවසන් ගෞරව දක්වන්න ශලනී තාරකා යයි.. හෙලි නොවූ කතා හෙලිවෙයි..

ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහපයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ ඔහුගේ දේහය තැන්පත් කර තිබූ මල් ශාලාවට ගොස් ඇත.

ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් වන අතර මියගිය දසුන් පන්නිපිටියේ බෝඩිමක සිටිද්දී ශලනී සිය මවුපියන් සමග නිවසේ සිට ඇත.

දසුන් නිශාන්ගෙන් වෙන් වන ලෙස ශලනී විසින් ඔහුගේ විවාහක බිරිද අමතා දැන්වූ යේ යයි පලවන වාර්තාද සත්‍යයෙන් තොර බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

644 views
Main News