දසුන් නිෂාන් ගෙල වැලලාගෙන ඇත්තේ ශලනි තාරකා හා පෙම් හබයක් නිසා.. මරණ පරීක්‍සණයේදී හෙලි වෙයි..

September 26, 2017 at 10:46 pm | lanka C news
දසුන් නිෂාන් ගෙල වැලලාගෙන ඇත්තේ ශලනි තාරකා හා පෙම් හබයක් නිසා.. මරණ පරීක්‍සණයේදී හෙලි වෙයි..

යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇත්තේ රංගන ශිල්පිනී ශලනී තාරකා සමග තිබූ පේ‍්‍රම සම්බන්ධතාවයකදී ඇති වූ ප‍්‍රශ්නයක් නිසා ඇති වූ සිත් තැවුලෙන් විය හැකි මරණ පරීක්‍ෂණයේදී හෙලිව ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් පලව ඇත.

ඔහුගේ මව විසින් සාක්‍ෂි දෙමින් සදහන් කර ඇත්තේ තමන් හා විවාහ වන ලෙස දසුන් විසින් ශලනි තාරකාට බල කර ඇති බවත් ශලනි තාරකා විසින් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා සිත් තැවුලෙන් සිටි බවත්ය.

කෙසේ වෙතත් මිය ගිය දසුන් නිෂාන් පාසල් කාලයේ පටන් තිබූ 13 වසරක ප්‍රේම සම්බන්ධතාවයකින් පසු ඇය සමග විවාහ වී සිටි අයෙකු බවද හෙලිව ඇත.

මරණ පරීක්‍ෂණයේදී ඔහුගේ විවාහක බිරිදද සාක්‍ෂි දෙමින් පවසා ඇත්තේ දසුන් නිෂාන් විසින් තමනට නිතරම දික්කසාද වීමට යෝජනා කල බවත් තමන් ඇය සමග සිටිනා බවත් කියූ බවයි.

263 views

5 Comments to “දසුන් නිෂාන් ගෙල වැලලාගෙන ඇත්තේ ශලනි තාරකා හා පෙම් හබයක් නිසා.. මරණ පරීක්‍සණයේදී හෙලි වෙයි..”

  1. aparade merune EMATHI KENEK WENNA SUDUSUKAMA

  2. මෙහෙමත් මෝඩයෙක් ගොන්වැස්සියෙක් නිසා ජීවිතයට සමුදුන් නුඹට නිවන් සුව​???

    • kaniya says:

      කවුද බන් ඒ විරිත්තාගෙන ඉන්න ගෑනි මානසික රෝගියෙක්ද ?
      සුපර් ස්ටාර්ස්ලා බලෙන් බිහිකරන්න නොහැකි බව මේ ගොන්වාහිනි තේරුම් නොගැනීම සහ රටේ ජනතාවද ඒ ගොන්වාහිනි වලින් දෙන මෝඩකම් වැළඳ ගැනීම තමා මේ රටේ තියෙන කෙදවාචකය .
      දැන් බලන්න මේ මනුස්සයා (මිට කලින් දැක නැත ) මේ කොහෙවත් නැති යස්සනියක් නිසා ජිවිතේ අහිමි කරගත්ත .තමා විවාහවෙලා නේද තමාට දෙමාපියන් සිටිනවා නේද වෙනත් කෙනෙක් වෙනුවෙන් මා සියදිවි නසාගන්නේ ඇයි කියා තේරුම් ගන්න තරම් දැනුමක් බුද්දියක් මේ මනුස්සයාට තිබී නෑ නේද ?
      අද මාද්‍ය කරන්නේ මෙන්න මේ වගේ චරිත බිහි කිරීම මිස රටේ තරුණ පරම්පරාවට ප්‍රබුද්ද බව ලබාදීමට උත්සාහ කිරීම නොවේ .ලාබ රසය විකුණමින් නිරුවත මියුසික් වීඩියෝ වල විකුණන ගණිකා නිලි පන්තියක් බිහි කිරීම හැර මේ මෝඩ වාහිනී කර ඇති වැදගත් ක්‍රියාව කුමක්ද ?

  3. Saradiel says:

    දසුන් නිෂාන් ඔබට නිවන් සුව ලැබේවා …
    මෙය අනිත් තරුණ තරුණියන්ටත් මෝඩ වැඩ කර නිකරුනේ වටිනා ජිවිත නැති නොකර ගැනීමට පාඩමක්
    පෙම් හබ වලට පැටලේන්න එපා …ඉක්මන් තීරණ නොගන්න …

  4. Dilini says:

    Shalini dakka gaman kasada gani amathakauna jara yakek.Charithayatama galapena lokayata yanna gihin thiyenne.

Main News