දහඩිය ගද උහුලන්න බෑ කියා මහජන දිනය පවත්වන්න බෑ කියයි..

March 7, 2021 at 10:00 am | lanka C news
දහඩිය ගද උහුලන්න බෑ කියා මහජන දිනය පවත්වන්න බෑ කියයි..

මහජන දිනය පවත්වන ලෙස ඇමතිවරයෙකු විසින් කල දැනුම් දීම රජයේ ආයතනයක සභාපතිවරයකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ තමනට දහඩිය ගද උහුලා ගැනීමට නොහැකි බවයි.

අදාළ ආයතනය භාර අමාත්‍යවරයා විසින් මහජන දිනය පවත්වන්නැයි දැනුම් දුන් විට ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ අතර රජයේ ආයතන ගණනාවකට පත්කර සිටින සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ බොහෝ දෙනකු දේශපාලන අධිකාරිය සමග එක්ව කටයුතු නොකරන්නේ යැයි ඇමැතිවරුන් කිහිපදෙනකු විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ ඇමතිවරයා ගන්නා තීන්දු උපදෙස් නොතකා හරිමින් කටයුතු කිරීම නිසා සේවාවන් නිසි ලෙස කරගෙන යාමට නොහැකි බවයි.

35,187 views

8 Comments to “දහඩිය ගද උහුලන්න බෑ කියා මහජන දිනය පවත්වන්න බෑ කියයි..”

  1. Anuradha says:

    මෝවුන්ට මහාජනයාගේ දුක දැනෙන්නේ නැතිනම් මුන්ව වහාම අයින්කර දමන්න.මොවුන්ව පත්කර තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න අඳුනාගෙන ඔවුන්ගේ ඒ අවශ්‍ය තාවයන් ඉටුකර දෙන්න නේද? එවැනි අය මෙසේ ප්‍රකාශ නිකුත්කරයිනම් වහාම කණෙන් ඇදලා දොට්ට දමන්න දේපාරක් නොසිතා!

    • Jagath says:

      කලබල නොවනු අනුරාධය, ඌ කීවේ උගේ ගඳ මහජනයාට උහුලන්නට බැරි බව මිස වෙනෙකක නොවේ. මහජනයා පීඩාවට පත් නොවීමටයි

    • වන්නියා says:

      කණෙං අල්ලන්න ලඟට යන්න බැරිවෙයි , දාඩිය දාන්නැති අය නෑ නොවැ .

  2. රට වැසියා says:

    මෙක ගැන හොයලා බලලා තීරනයක් ගන්න එක තමයි හොඳ. මේ සභාපති වරුන් පත් කරේ ජනාධිපති තුමා. ඇමතිලා මේ සභාපති වරු ඉවත් කරන්න හදන්නේ තමන්ට ගැති සෙට් එකක් දාගන්න වෙන්නැති.

  3. Love nature says:

    තමන් දැන ගන්න ඕනේ තමන්ගේ සරිරයම වැසිකිලියක් බව. අනුන්ගේ දහදිය ගදට වඩා.

  4. Love nature says:

    කුමටද කා බී නිති සැර සෙන්නේ
    කොතැනද මේ කය අරගෙන යන්නේ
    ඇම සඳ නොමැළිව පින් කර ගන්නේ
    එම වද සගමොක් සැප සාදන්නේ

    “කා බී ඇඳ පැළඳ හැඩ වැඩ වන්නේ කුමටද? මේ ශරීරය රැකගෙන කොහි යන්නද සියලු කල්හි කම්මැලි නැතිව පින්කරගන්න සංසාර සාගරයෙන් එතෙර කරන්නේ එම පින්ම නොවෙද?”

    ලෝ වැඩ සඟරාව.

  5. sana says:

    oita wada ganda gahana dewal passe duwana munta …me wage harak elawanna thiyenne.

  6. gamini says:

    kauda oya amathiya

Main News