දහම්ගේ විවාහය හෙට හිල්ටන් හෝටලයේ.. ෂැංග‍්‍රිලා බෝම්බය නිසා තැන මාරු වෙයි..

May 8, 2019 at 3:00 pm | lanka C news
දහම්ගේ විවාහය හෙට හිල්ටන් හෝටලයේ.. ෂැංග‍්‍රිලා බෝම්බය නිසා තැන මාරු වෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ විවාහ උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට දිනයේ පැවැත්වෙයි.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිටත් හෝටලය වසා දමා ඇති නිසා විවාහ උත්සවය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබේ.

මෙම උත්සවය කලින් සැලසුම් කර තිබූ පරිදි නොපවත්වා දෙපාර්ශවයේ ඥාතීන් සහ අත්‍යවශ්‍ය හිතවතුන් කිහිපදෙනෙකුගේ පමණක් සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වසරේ ඉදිරි කාලයේදී නැකැත් සම්බන්දයෙන් ප‍්‍ර‍්‍රශ්නයක් ඇති නිසා යොදාගත් නැකැත් වේලාවන්වලදීම විවාහය ඉතා චාම් සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇත.

ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුරලිය වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්න සමඟ දහම් සිරිසේන මහතා විවාහ වීමට නියමිතය.

හිල්ටන් හෝටලය හා ආසන්න ප‍්‍රදේශයන්ට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇත.

31 views

2 Comments to “දහම්ගේ විවාහය හෙට හිල්ටන් හෝටලයේ.. ෂැංග‍්‍රිලා බෝම්බය නිසා තැන මාරු වෙයි..”

  1. David Milli-banda says:

    Why was the Temple Trees not offered?
    Why could not the President postphoned this wedding when the people of the country are dead and in mourning and another 500+ injured?
    Has he not got any concern for the people?

  2. sunimal says:

    ජය මංගලම්.. සුබ මංගලම්..
    යුග ජීවිතේ වාසනා…
    පෙම් සිහින හෙලිවී සියල්ලෙන් පිරී..
    පිපේවා පැතුම් මල් හිනා…

Main News