දහස් ගණන් ටිපර් ඇවිත් වැලි මංකොල්ලයක්.. හමුදාව දමා හෝ නවත්වන්නැයි ඉල්ලයි..

December 18, 2019 at 5:30 pm | lanka C news
දහස් ගණන් ටිපර් ඇවිත් වැලි මංකොල්ලයක්.. හමුදාව දමා හෝ නවත්වන්නැයි ඉල්ලයි..

වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග යාපනයේ ප්‍රදේශ ගණනාවක නීතිවිරෝධීව වැලි ගොඩදැමීම් සිදුවීම නිසාවෙන් යාපනයේ දහස් ගනනක් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ජනාධිපති අපේක්ෂකයෙකු වූ මෙන්ම උතුරු පලාත් සභා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවසුවේය.

යාපනයයේ වැලි ගොඩදැමීම් සමබන්ධයෙන් පවතින ගැටලු සහගත තත්වය සමබන්ධයෙන් විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මේ අතර වැලි ගොඩදැමීම් සිදුවන යාපනයේ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා සෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.සිවාජිලිංගම් සහ එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් පිරිසක්ද එක් වූහ.

යාපනයේ මේ වන විට වැලි මාෆියාවක් වී ඇති බවටත් දකුණේ ඇතුලු පලාත් රැසක ටිපර් දහස් ගාණක් යාපනයට පැමිණ රාත්‍රීකාලයේදී සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් ඇතුලු ප්‍රදේශයන්ගෙන් නීතිවිරෝධීව වැලි ගොඩදමා රැගෙන යාම නිසා මේ වන විට මුහුදු ජලය ගොඩ ගැලීමේ අවධානමක් පවතින බවටද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘වත්මන් ජනාධිපති වැලි ප්‍රවාහනයට විතරයිනේ බලපත්‍ර අවලංගු කරේ එහෙම නැතිව මේ මිනිස්සුන්ගේ ඉඩම්වල වැලි ගන්න කියල නෙමෙයිනේ වැලි ගන්න එක වෙනයි අරගෙන යන එක වෙනයි නමුත් මේ ජාවාරම් කරුවන් බලෙන් වගේ ඇවිත් යාපනයේ තියෙන ඉඩම්වලින් වැලි අරන් යනවා වැඩි වශයෙන් රෑ තමයි මේ දේවල් වෙන්නේ නමුත් රාජ්‍ය නිලධාරීන් , දිසාපති ප්‍රාදේශීය ලේකම්ලා බලන් ඉන්නවා උතුරට ආණ්ඩුකාර වරයෙක් නැහැ, පලාත් සභාවක් නැහැ, මහ ඇමතිවරයෙක් නැහැ සිවිල්පරිපාලනය කඩා වැටිලා.

අලුත් ජනාධිපති යුදහමුදාවට බලය දීලා තියනවා යුද හමුදාව පාරවල් වල පරික්ෂා කිරීම් රෑදවල් සිදු කරනවා එහෙනම් යුද හමුදාව දමලා හරි මේ වැලි ජාවාරම් නවත්තන්න පුලුවන් නේද කියලයි අපි අහන්නේ. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41,012 Viewers

11 Comments to “දහස් ගණන් ටිපර් ඇවිත් වැලි මංකොල්ලයක්.. හමුදාව දමා හෝ නවත්වන්නැයි ඉල්ලයි..”

  1. HENA says:

    NAWATHA PIYAW…

    MEKA ARA GON CHANDRASENA GE ..MAFIAWAK…

  2. Robinhood says:

    අප්පද බොල තොපිට දැන්ද පලාත් සභාවක් නෑ කියල මතක් උනේ. කාලකන්නි, දැන්වත් අහින්සක දෙමල මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීල තොලොන්චි වෙලා පල

    • buwa says:

      ඒ විතරක්ද, මුන්ට දැන් තමයි හමුදාවෙ පිහිටත් ඕනෙ වෙලා තියෙන්නෙ. හමුදාව එලවන්න කොයි තරම් දෙවල් කලාද මේ සක්කිලි. අහින්සක දෙමළ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න නොදී උන්ගෙ ඔලු වලට ජාතිවාදය දාලා බඩගෝස්තරය හදාගන්න අවලම් සක්කිලි මුන්.

  3. Ravana Parapura says:

    සිංහලයේ සියලුම ඉඩම් හෙළ ඉඩම් උබලා කලබල වෙන්න ඕනේ නැහැ උබලගේ ඉඩම් දකුණු ඉන්දියාවේ මොඩිගෙන් ඉල්ලා ගනිල්ලා

    • catseye says:

      අන්තිමට උඹට ඉතුරු වෙන්නේ හෝද පාළු වෙච්ච රටක් තමා ඔහොම වැලි සීරුවොත් ….උමබටයි රවණා ටයි දෙන්නටත් මෝදී ගෙන් තමා ඉඩමක් ඉල්ලගන්න වෙන්නේ …….සල්ලි හම්බවෙනවා නම් ඕන ගූ හැලියක් සුවඳයි කියයි උඹල ……parapura Rawana unata wedak nehe hari adarayak ratata nethnam

  4. LION says:

    යටත්විජිත සමයේ එකල පාලකයන් වූ ඉංග්‍රීසි උගතුන් විසින් දමිළ ලිපිකරුවන්ගේ සහය ඇතිව දෙමළ ඌරුවට පැරණි සිංහල ග්‍රාම නාමයන් රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුල සිතියම් ගත කිරීම නිසා අද වන විට උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ බොහෝ ග්‍රාම නාමයන් මෙන්ම අනෙකුත් පළාත්වලද යම් යම් සිංහල ග්‍රාමනාම වෙනුවට දමිළ නම් භාවිතා කර තිඛෙන බව පෙනේ. අද වනවිට මෙම වැරදි ක්‍රමවේදය නිසා ඇතිව තිඛෙන තත්වය තුල වඩාත් දරුණුම කාරණය වන්නේ ඒවා දැන් දැන් දමිළ නිජබිම් වශයෙන් සමාජගත වෙමින් තිබීමයි. පසුගිය තිස් වසරක් පුරා පැවති යුධමය වාතාවරණය තුල LTTE සංවිධානයේ නොයෙකුත් අනිසි බලපෑම් හේතුවෙන් මුල් පදිංචිකරුවන් වූ සිංහල ජනකොට්ඨාශ ක්‍රමයෙන් එම ප්‍රදේශවලින් ඉවත්වී තිබීමත් මේ තත්වය ඇතිවීමට බලපා තිඛෙන බව සිතිය හැක. අද වන විට යුද්ධය අවසන්ව තිඛෙන නමුත් නැවත මුල් පදිංචිකරුවන් එහි පදිංචි කිරීමට උත්සාහ කිරීමේදී මෙය තවමත් නොවිසඳුණු බරපතල දේශපාලනික ගැටළුවක් ලෙස ඉතිරිව තිබේ. මේ කාරණයට වඩාත්ම ආසන්න හේතුව වශයෙන් වත්මන් අධ්‍යාපනික ප්‍රවාහය තුල සමාජගතවන පසුකාලීනව එකතුවූ දමිළ ග්‍රාම නාමකරණය බව අනුමාන කල හැකිය.

    ඒ නිසා භූමියේ මුල් නම පිලිබඳ සත්‍යය මතු කිරීම තුලින් භුමියේ උරුමය පිලිබඳ ජනවර්ග අතර ඇතිවී තිඛෙන වැරදි ආකල්ප ඉවත් කිරීම සඳහා ඌණ පූර්ණයක් සිදු කළ හැකිවනු ඇති බව අපි විශ්වාස කරමු. එමෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුක්ත වටිනා ප්‍රදේශ යටපත්වීම වළක්වා ගැනීමට නැවත පැරණි නම් ගම් නිවැරදිව සමාජ ගත කිරීම වැදගත් වේ. මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී පරිපාලන ඉතිහාසය පිලිබඳ ක්‍රමවත් අධීක්ෂණයකින් පසු මහාචාර්ය චන්ද්‍රා ධර්මවර්ධන මහතා ඇතුළු පිරිස විසින් http://www.dh-web.org වෙබ් අඩවිය ඔස්සේ නිවැරදි සිංහල ග්‍රාම නාම පිලිබඳ හෙළිදරව් කරන ලද ශාස්ත්‍රීය වාර්තාව තුලින් වත්මන් පරිපාලන ව්‍යුහය තුල භාවිතා වන දමිළ නාමයන්හි මූලික ස්වරූපය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. මෙය හැකිතාක් සමාජගත කිරීම ඔබේ වගකීමයි.

  5. ranga says:

    nithi garuka ratak hadanna kiyala awith mulu ratama kanawa hora haththa…rata rakna dewiyane munta wahama hena laba denna.

  6. Parakum says:

    Donkeys, Buffaloes, & Yellow Robed Cheewaradharees do you want this to happen to the environment?

  7. Amarapaala says:

    Haal Mafia Wali Maafia …Mewata Thitha Thabiya Youthui

Main News