දළදා කරඩුව වැඩම වු මිල්ලන්ගොඩ ඇතා මිය යයි…

June 30, 2020 at 8:40 am | lanka C news
දළදා කරඩුව වැඩම වු මිල්ලන්ගොඩ ඇතා මිය යයි…

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ 29 පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා අප කරන ලද විමසිමකදි පැවසිය.

මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වන මෙම හස්තියා. වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා ( මිල්ලන්ගොඩ ලොකු මහත්තයා) විසින් එකල මිලදි ගත් හස්තියෙකි. මෙම ඈතා ජයන්ති නම් වන අතර පොඩි රාජා ලෙසින්ද හදුන්වයි. 1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඈතා මිලදි ගෙන තිබු නිසා ඈතාට ජයන්ති නම යොදා ඇත.

ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය. දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැුසකටම පෙරහැර අවස්ථාවන් වලට සහභාගි වි ඇති මෙම හස්තියා 2016 වසරේද කිහිප වතාවක් ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඩුව වැඩමා ඇති අතර 2017 වසරේ ප‍්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩමා ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ ( මිල්ලන්ගොඩ ලොකු මහතාගේ පුතණුවන් * මහතා පවසයි.

මිට පෙර මිල්ලන්ගොඩ ලොකු මහත්මයා ලග හැදි වැඩුනු 2011 වසරේ ආගොස්තු 07 වැනිදා මිය ගිය මිල්ලන්ගොඩ හස්තියා අසියාවේ දිගම දළ ඇති හස්තියා වන අතර ශ‍්‍රී දළදා කරඩුවම කිහිප විටක්ම වැඩම විමට පිං මහිමය ලබා තිබු හස්තියෙකි. මිය යන විට දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකම කරඩුව වැඩමවා තිබු එම හස්තියාද උතුම් යහපත් ගුණ ධර්මයන්ගෙන් පිරි හස්තියෙකි. කෑගල්ල මිල්ලන්ගොඩ මහතාගේ නිවස ඉදිරිපිට කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයට යාබදව මෙම හස්තියාගේ අනු කොටස් වලින් කෞතුගාකාගාරයක් සකස් කර ඇති අතර එහි යන ඔනෑම කෙනෙකුට මිය ගිය හස්තියාගේ පිළිරුව දැක බලා ගැනිමට හැකි වන්නේය.

මෙම හස්තියා මිය යන විට මිල්ලන්ගොඩ ලොකු මහතාට ඉතිරි වි සිටි අලි පරපුරේ එකම දල ඇති හස්තියා වන්නේ 29 පස්වරුවේ මිය ගිය ජයන්ති ඈතාය. තවත් හස්තින් තිදෙනෙක් පමණ සිටින අතර ඔවුන් දල ඇති හස්තින් නොවෙන බව අප මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා යන විට දැන ගැනිමට හැකි විය.

– සමන් විජය බණ්ඩාර

37,947 Viewers

10 Comments to “දළදා කරඩුව වැඩම වු මිල්ලන්ගොඩ ඇතා මිය යයි…”

  1. GU-SAKKILI SIRA says:

    මම සක්ලි සිරිසේන.
    ඔබ දන්නවාද? විජයකාල මහේෂ්වරන් මගේ සොඳුරිය.
    මම අපිරිසිදු සකිලි බල්ලෙක් වන අතර මට අවශ්‍ය නම් මට ජරාව කන්න පුළුවන්.

    මට සහ මගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් මට මේ රට සහ ජාතිය පාවා දිය හැකිය.

    මට බුදුන් ගැන විශ්වාසයක් නැති අතර මම ධර්මය ගැන විශ්වාස නොකරමි. ඒ නිසයි මම ඉන්දියාවට යන්නේ – තිරුපති මිථ්‍යා විශ්වාසවලට නමස්කාර කරන්න

    මෝඩයෙනි, මැතිවරණයෙන් පසු සාජාබා වෙත මගේ ඊගල් පැනීම ඔබට දැක ගත හැකිය

    මම මේ රටේ දේශප්‍රේමී ජනතාවගෙන් පළිගෙන රට විනාශ කර දමමි

    • ගොබිලා says:

      පිස්සෙක් ස්මාට් ෆෝන් එකක් අරගෙන හිටු කියලා කමෙන්ට් දානවා,, වදුරට දැලිපිහිය හම්බ උනා වගේ

      • GU-ගොබිලා says:

        මම සක්ලි සිරිසේන.
        ඔබ දන්නවාද? විජයකාල මහේෂ්වරන් මගේ සොඳුරිය.
        මම අපිරිසිදු සකිලි බල්ලෙක් වන අතර මට අවශ්‍ය නම් මට ජරාව කන්න පුළුවන්.

        මට සහ මගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් මට මේ රට සහ ජාතිය පාවා දිය හැකිය.

        මට බුදුන් ගැන විශ්වාසයක් නැති අතර මම ධර්මය ගැන විශ්වාස නොකරමි. ඒ නිසයි මම ඉන්දියාවට යන්නේ – තිරුපති මිථ්‍යා විශ්වාසවලට නමස්කාර කරන්න

        මෝඩයෙනි, මැතිවරණයෙන් පසු සාජාබා වෙත මගේ ඊගල් පැනීම ඔබට දැක ගත හැකිය

        මම මේ රටේ දේශප්‍රේමී ජනතාවගෙන් පළිගෙන රට විනාශ කර දමමි

        Reply

    • Saman says:

      මාතෘකාවට අදාල කමෙන්ට් එකක් දාපන් කාලකන්ණි පාපතරය. ඇත් රජාට නිවන්සුව.

    • Love nature says:

      මිල්ලන්ගොඩ ජයන්ති ඈතාට නිවන් සැප ලැබේවා

  2. JANAKA says:

    චන්දයක් ළඟ එන එකේ මෙය ඉතාම අසුබ ලකුණක්. අනාගතයේදී පාලකයන්ගේ වරදින් රට ලේ විලක් වෙලා, ආර්ථිකය වැටිලා, කන්න බොන්න නැතිව ලෙඩ රෝග වැඩිවෙලා සොර සතුරන් වැඩිවෙලා විනාසයට පත්වෙනවා සිකුරුයි. මහනුවර ප්‍රදේශයේ තොලෙහි කබර ඇති දේශපාලකයෙක් රට මජර කිරීමට උදව් වෙන බවක් පේනවා. ඔහුටත් අන්තිමේදී පනුවෝ ගහලා මිය යන්න සිදු වෙනවා

  3. Sam says:

    @ Gu -sakkiliya පොහොට්ටුවේ මහින්දගේ අනුගාමිකයෙක් කියල කමෙන්ට් එකෙන් මනාව පැහැදිලි වෙනවා.

  4. රට වැසිය says:

    පව් අසරණ සත්තු..

  5. mali says:

    no it it is a blessing for these animals to be able to worship sri dalada karaduwa.Do not say ‘pawu’. It should be said to all the animals{horses] worked for the queen Elsbeth etc in other countries as they have been used for illegitimate purposes.

  6. Gunaruwan says:

    Me pinthure inne Nadunagamuwe Raja. Waradi pinthurayak dala thiyenne.

Leave a Comment

Main News