දළදා මාලිගය අභියස මාර්ගය විවෘත නොකරන බවට මහා සංඝරත්නයට සහතික වෙනවා..- කිරිඇල්ල

March 28, 2017 at 8:02 am | lanka C news
දළදා මාලිගය අභියස මාර්ගය විවෘත නොකරන බවට මහා සංඝරත්නයට සහතික වෙනවා..- කිරිඇල්ල

‘ශ‍්‍රී දළදා මාලිගය අභියස මාර්ගය විවෘත නොකරන බවට ගරුතර මහා සංඝරත්නයට සහතික වෙනවා’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි

ඔහු මෙසේ කියා සිටියේ මහනුවර ගුරුදෙණිය ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව එහි පැවති ජන හමුවක් අමතමිනි.

‘පසුගිය දා පුවත්පත් වල පලවී තිබුණා ශ‍්‍රී දළදා මාලිගාව අභියසින් දිවෙන මාර්ගය විවෘත කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බවට . මම පැහැදිලිවම කියා සිටිනවා අපේ ගරුතර මහා සංඝරත්නයට , යහපාලන රජය තිබෙන තාක් ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය නැවත විවෘත කරන්න දෙන්නේ නැති බව . මහනුවර නගරයේ දිගු කලක් තිස්සේ පවතින වාහන තදබදය ඉතා කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල රජය විසින් සකස් කර තිබෙනවා . තව වසර දෙකකින් තැන්නේකුඹුරේ සිට දිවෙන යෝජිත උමං මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර මහනුවර නගරයේ පවතින මාර්ග තදබදය අවම කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ජපන් රජයේ ආධාර ඇතිව මහනුවර නගරය පුළුල් කර නව නගර සංවර්ධන සැලැස්මක් ක‍්‍රියාත්මක කරනවා.

මහනුවර සෙංකඩගල මැතිවරණ කොට්ඨාශයේ දිගු කලක් කිසිදු සංවර්ධනයකට ලක් නොවූ මාර්ග 03 ක් සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ගුරුදෙණිය මවුන්ට් පැරඩයිස් මාර්ගය , ගුරුදෙණිය උඩතැන්න මාර්ගය , ගුරුදෙණිය පැරණි හඟුරන්කෙත මාර්ගය කොන්ක‍්‍රීට් යොදා සංවර්ධනය කෙරිණි. ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 270 කි. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙය වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සංවර්ධන කටයුතු සිදු කර ඇත.

– රජිත සමරසූරිය

64 views

9 Comments to “දළදා මාලිගය අභියස මාර්ගය විවෘත නොකරන බවට මහා සංඝරත්නයට සහතික වෙනවා..- කිරිඇල්ල”

  1. සරත් says:

    මාලිගාව ඉස්සරහා පාර අරිය කියල වැඩක් වෙන්නේ නැහැ ,ඒක ඇරියොත් ටවුම ඇතුලේ තවත් තද්බදය වැඩි වෙනවා සහ මාලිගාවේ ඇති නිස්කලංක බව නැතිවෙනවා. ,තැන්නේකුඹුර පාර ලොකු කරන්න දිගනටම යනකල් (මංතීරු 4ක් ) ? නුවර හැම වීදියක්ම පොඩි යි .වීදි වල පළල වැඩි කරලා (කරන්න දෙන්නේ නැහැ ) ,වාහන නවත්වන එක තහනම් කරන්න.නුවර වැඩි මනත් තදබදය තියෙන්නේ නගරය ඇතුලේ සහ පේරාදෙණිය නුවර පාරේ ,ඊට අමතරව කටුගස්තොටට පාරේ.ඊට අමතරව මාතලේ පාරේ අකුරණ ලොකු කරන්න ඕනේ අකුරණ ටවුම 2කි.මි. විතර තියෙනවා ලොකු කරන්නේ නැතිව වැඩිම තදබදයක් තියෙන තැනක්

  2. Kamal says:

    මේ වගේ රදල මෝඩ ඇමතියෝ ඉන්නතුරු රටට හරියන්නෙ නෑ. මහනුවර වායු දූෂනය ඉහල ගිහින්. ඔය මහානායකල කියන්නෙ අඩු කුලේ කියලා අනිත් හාමුදුරුවෝ පන්නලාදාපු පිශාචයෝ ටිකක්.

  3. dev says:

    Maligawa gawa para wahapu nisa janathawata mara widiyata apahasutha wenawa.
    Eka eda wahuwe security prasana nisa unath ada ehema prasna naa.
    Eth ay minissu dan hithanne para ariyama agawrawayak wenawa kiyala.

    ape lankawe minissuntath tiyenne anda bhakthiya.
    para arala honda security ekak dennabarida.

    nath nam ikmanatama wena parak hadanna.eth kandy wala pihiteema anuwa ehema karanna puluwanda.

    bauddayo ka ghanne oya para arinawa wage gon dewal walata.

    eth katawath penne nadda dinen dina ape arthikaya wena jatheen aythi karagananwa.

    ko ekata wada piliwelak.

    andayan wage kaa gahanawa ape maligawata atha nothiyanu kiyala.
    eth maligawa wateta dan aaythi wena jatheenta.

    dinen dina aghadayata yana sinhala jathiya goda ganna oya mahanayaka himiwaru mokadda karanne.

  4. nima says:

    ona gonekuta paara arindath puluwan paare yannath puluwan.

  5. Sam says:

    Good move by the Minister 🙂

  6. Boo says:

    සහතික වෙනවා වචන වලින්, එච්චරයි, ඇයි අර දවස් 100 න් විධායකය ඉවත් කොරලා මොකක්ද විලම්බීතයක් කොරනවා කියල සහතික වෙලානේ 2015 ආවේ, කොලාද?
    සොභිතගේ ආදාහනය වෙලාවෙත් මුන් මොනවදෝ කොරන්න සහතික වුනා මතකයි.
    සහතික වශයෙන් කියන්න පුළුවන් මෙච්චරයි. ඇර කිල්ල වගේ ඕන ගොනෙකුට සහතික වෙන්න නං පුළුවන්, හැබැයි ඒවා කොරල පෙන්නන්න බෑ. වැඩ බැරි හරක් හොරු රැල.

  7. කුරුං මාමා says:

    මසුරං කථාවක් ඇමතිතුමා. මේක ඉතිමත් හොද වැඩක්

  8. inspector ලකී says:

    ඒකාලේ නුවර පාරවල් වහගෙන රේස් පැද්දා. මේ මිනිස්සු කරන්න පුළුවන් කම තියෙද්දිත් පාර අරින්නේ නැත්තේ ලකුණු දාගන්නවට වඩා දළදා මාලිගාවේ වටිනාකම රකින්න ඕන නිසා. මේවා තමයි කරනවනම් වැඩ

  9. Nuwara porak says:

    Hamuduruwo yanne BMW wala. Mahajanathawage amarukan eyalata therennenaha !!

Main News