දළ ජාතික නිෂ්පාදනය 9.2%ට වැටිලා.. රට දුවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ..

November 14, 2021 at 12:02 am | lanka C news
දළ ජාතික නිෂ්පාදනය 9.2%ට වැටිලා.. රට දුවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ..

අද වන විට රටේ ආදායම කඩා වැටී ඇති බවත් දළ ජාතික නිෂ්පාදනය 9.2%ට ඇද වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ආදායමක් නැතිව රට දුවා ගන්න බැරි තත්ත්වයක් උද්ගත වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එවන් තත්ත්වයකදී ඉදිරිපත් කළ අයවැයෙන් සෑහෙන්න සහන ප‍්‍රමාණයක් ලබාදී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ගොවි ජනතාවගේ පොහොර ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් ඉතාම ඉක්මනින් ආණ්ඩුව දෙනු ඇතැයි තම තමන් බලාපොරොත්තු වන බවද ඔහුට සඳහන් කලේය.

මෙවර අයවැය පිලිබදව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කරන ලදී.

17,406 views

5 Comments to “දළ ජාතික නිෂ්පාදනය 9.2%ට වැටිලා.. රට දුවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ..”

  1. Dubba says:

    නොදන්නා මගුල් කියවනවා.

  2. 3% ට බය බයියා. says:

    රට නැවතත් දුවවන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  3. මකබාවා says:

    වර්තමාන් පක්ෂ නායකය හෝ තමුන්නාන්සෙ මේ රටේ ජනාධිපති උනොත් මේවට පිලියම් තියෙනවද? තියෙනවනම් කියන්න.

    • Dp says:

      මූට කියන්න තියෙන්නේ ඇලෝසියස් ගෙන් ගත්ත ලක්ෂ 50න් රට සංවර්ධනය කරනවා කියලා තමයි

  4. LalithM says:

    වගාවට පොහොර නොදෙන ලෝකයේ එකම රට. මුග්ධ තීරණ සහ උද්දච්ච කම….

Main News