ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු නොආ යුතුයි.. බැසිල්ට තනතුරක් දීම ජනාධිපතිට ඇති බලයක්..- විමල්

July 10, 2021 at 10:01 pm | lanka C news
ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු නොආ යුතුයි.. බැසිල්ට තනතුරක් දීම ජනාධිපතිට ඇති බලයක්..- විමල්

ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් තමන් දරන ලද මුල් ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා වූ වෙනත් පුද්ගලයකු පාර්ලිමේන්තු පැමිණීමට විරුද්ධව තමන් අදහස් පළ නොකළ බවත් තමන් අදහස් කලේ 20 වැනි සංශෝධනයේ දී ද්විත්ව පුරවැසිභාවයට අදාළ ගැටලුව නිරාකරණය විය යුතු අදහසේ සිට බවද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් අයෙකුට තුරක් දීමට ජනාධිපතිට අයිතියක් ඇති බවත් ඒ අයිතිය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් පැවසූ අමාත්‍යවරයා ආර්ථිකයේ පවතින අභියෝගය ජයග්‍රහණය කළ හැකි නම් එය ඉතාම වැදගත් බවත් බැසිල් රාජපක්ෂ මහතාට එය පුළුවන් වේවිද බැරි වේවි දැයි තමන් නොදන්නා බවත් එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි නම් ඉතා වැදගත් වේ ද සඳහන් කළේය.

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එද්දි ආණ්ඩුවේ පක්ෂ කිහිපයක් දක්වන ලද විරෝධය මත ජනාධිපති වරයා විසින් පොරොන්දු වී තිබුනේ හෙයින් ඉතා ඉක්මනින් ගෙන එන නව ව්‍යවස්ථාවක් සඳහා අදාල වගන්තිය ඇතුළත් කරන බවයි.

71,237 views

18 Comments to “ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු නොආ යුතුයි.. බැසිල්ට තනතුරක් දීම ජනාධිපතිට ඇති බලයක්..- විමල්”

  1. Thilak says:

    ද්විත්ව පුරවැසිභාවය ගැන මෙහෙම දෙයක් නෙවෙයිනෙ මෙයා කලින් කිව්වෙ

  2. Panikkiya says:

    A member of NATO organization -No Action Talk Only.

  3. අල්ලා says:

    යනවා නම් තනියම කෙලින් ගමනක් යන්න…

  4. Prasad says:

    අනේ කොහොම හිටපු පොරක්ද නේ
    කිච වෙලා, නන්න වෙලා, ගූ හතයි වැලි මුට්ටි දෙකයි
    දුකේ බෑ

  5. ks says:

    ද්ත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න 20 ට අතඋස්සපු විමලෙල දැන් කියනව එහෙම එනවට විරුද්ධලු. මොකෝ් විමලෙ මේක පුද්ගල විරෝධයක්ද ? වරද ‌තේරැම් ගැනීමක්ද ?

  6. saman says:

    විමලෙ පවු බන්, මූට මුකුත් කියන්න එපා ප්ල්ස්

  7. Darshana abayakoon says:

    මාවර මන්ඩියෙ කම්යුනිකශන් එකක් දාගෙනා අමාරුවෙන් ජීවත් වෙච්ච වීරවන්ශ සහොදරයා මැදමුලනේ වලව්වෙ සට්ටැබිකම් කරල යන්තම් ගානක් හොයාගෙන හොකන්දර සැප ගෙදරක් හදා ගත්තා. ජෙප්පෙක් වෙල හිටිය නම් ඔය සැප නෑ නෙ. හැබැයි වලව්වේ බල්ල දැන ගන්න ඔනේ ඉන්නෙ වලව්වෙ වුනාට බල්ල බල්ලමයි කියලා. හාමුට උඩින් යන්න ගියොත් පයින් ගහලා එලවනවා කියලා. බල්ල වගේ 20ට අත උස්සල දැන් බොරුවට දේශප්‍රෙමි ටොක්ස් දෙනව

Main News