ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපති වීමට බෑ.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීමට හැකියි..- 20 ගැන පත් කල කමිටුවේ යෝජනා මෙන්න..

September 16, 2020 at 10:32 pm | lanka C news
ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපති වීමට බෑ.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීමට හැකියි..- 20 ගැන පත් කල කමිටුවේ යෝජනා මෙන්න..

ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපති ධූරයට පත්වීමට පමණක් නොහැකි වන ලෙස විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු බව එම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු විසින් යෝජනා කර තිබේ.

දහනවවන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි බව ඇතුළත් කර තිබුණි.

නමුත් 20 වන සංශෝධනයෙන් ඒ සියලු සීමා ඉවත් කර තිබුණද ඒ සඳහා පත්කළ කමිටුවෙන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් එම සීමා පැනවීමටයි.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය විගණකාධිපතිගේ විගණන බල යටතට පත් කරන අතර විගණන කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය යෝජනා කර ඇත.

ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමකදි අධිකරණය හමුවේ වග උත්තරකරු කිරීමට අවස්ථාව ලබා දීමටද මෙම කමිටුව විසින් යෝජනා කර ඇත.

කැබිනට් ඇමැති මණ්ඩලය 30 දක්වා සහ කැබිනට් නොවන ඇමති ධුර 40 දක්වා පැවති සීමා තවදුරටත් පවත්වාගෙන යාමට මෙම කමිටු එකග වී ඇත.

ඇමති මණ්ඩල දිවුරුමේදී ඒකීයභාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්තිය කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට කමිටුවේ එකඟතාවය පළ වී ඇත.

මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයන් ප්‍රමාණය පස් දෙනකු දක්වා ඉහළ දැමීමට සහ එහි ඝන පූර්ණය තුන්දෙනෙකු කිරීමටත් කමිටුව විසින් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් අදාල කමිටුවේ යෝජනා අද දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර නැත.

මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර හෙට දිනට දින දාහතරක් සම්පූර්ණ වන නිසා හෙට සිට ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිවෙයි.

65,708 views

25 Comments to “ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපති වීමට බෑ.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීමට හැකියි..- 20 ගැන පත් කල කමිටුවේ යෝජනා මෙන්න..”

  1. appu says:

    ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියන් ඉන්න වලි කන හැටි !!!!
    කාගේ කුමන උවමනාවකටද?ලංකාවේ පුරවැසියෝ නුසුදුසුද?උන් සුවර් නැද්ද?

  2. kotharam ninidithada? rata jathiya gena nowe sithanne PAULE EWUN GENA> epara
    wenath parakin dangalanawa. MUNSANWAHAREMA ELAWA DAMAMU O.L karayo ratak bilagenA
    sure meya palakaranne nehe.

  3. පුරවැසියා says:

    ” උපුටාගැනීම -ඇමතිමණ්ඩල දිවුරුමේදී ඒකීයභාවය ආරක්ෂා කරනබවට පෙරතිබූ වගන්තිය කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙනයාමට කමිටුවේ එකඟතාවය ..”

    .ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදිහට දිවුරුම් දීමේදී එසේ නොවන හා අනවශ්‍ය බවද ?
    ව්‍යවස්ථාවේ ලෙසට ඒකීය රාජ්‍යක් ලෙස සඳහන් වෙන්නේ නැද්ද ?

  4. Wimal says:

    ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපති ධූරයට හෝ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ පත්වීමට නොහැකි වන ලෙස විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු වෙන්නේ නැද්ද ?

  5. nim says:

    ද්විත්ව පුරවැසියන්ට රාජ්‍ය රැකියා , තනතුරු හා චන්දය ඉල්ලීමට ඇති අවසථාව අහිමි කල යුතුමයි. මෙහෙ ඉන්න බැරි උන්ට මෙහෙ නීති හදන්න දෙන්න බැහැ . මෙහෙ මිනිස්සු නැතිව නෙවෙඉ නේ

  6. Saman says:

    ඉදිරියටත් අර්ජුන් මහේන්ද්‍රන් වගේ උන් රජයේ සේවයට ගෙන්න ගන්නනේ ඔය ද්විත්ව පුරවැසිකන් වලට තවත් ඉඩ දෙන්නේ

    • Gajaba says:

      Arjun is not a dual citizen. He is a foreigner. Many argue that we should not give dual citizens to enter to the parliament. There are parliamentary members who are permanent residents of other countries nobody talk about this why?

  7. සයිමා says:

    පුද්ගලයො ඉලක්කකරගෙන අපි ව්‍යවස්තා හදන්නෙ නෑ. බැසිල් කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි දෙයියෙක්. ඒනිසා දෙයියන්ට අවස්තාව දෙන්න ඕන.

  8. lokunilame says:

    oya kiyana deviyage MALWANE MALIGAWA EYAGE NOWE KIWWA DEN KAGEDA? PRAKOTI GANAN GASA KALA AMERICAWATA GENA GIYA MEYA LANKAWATAMA EPA

Leave a Comment

Main News