ද්විත්ව පුරවැසියෙකුට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න බෑ කියා 19 සංශෝධනයේ නෑ…

September 13, 2020 at 12:00 pm | lanka C news
ද්විත්ව පුරවැසියෙකුට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න බෑ කියා 19 සංශෝධනයේ නෑ…

ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි බව 19 ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්ව නැතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

19 සංශෝධනයේ සඳහන්ව ඇත්තේ ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයකට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි බව පමණක් බවද ඔහු පැවසීය.

මෙරට උපන් පුද්ගලයෙකුට, මේ රටේ ඡන්ද හිමිකම ඇත්තෙකුට පාර්ලිමේන්තුවට යන්න බැරි කුමන හේතුවක් නිසා දැයි ඔහු ප්‍රශ්න කරයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අඩුම තරමේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය වත් නොතිබූ පුද්ගලයෙකු බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඇෂිළිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

20 සංශෝධනයට ඡන්දය දීම සඳහා 160කට ආසන්න පිරිසක් දැනටමත් සිටින බවත් එය සම්මත කිරීම හැකිනම් විපක්ෂයට නතර කරන ලෙස ද ඇමතිවරයා කියා සිටියේය.

43,091 views

14 Comments to “ද්විත්ව පුරවැසියෙකුට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න බෑ කියා 19 සංශෝධනයේ නෑ…”

  1. Hesh says:

    2010දී ආසන 144ක් දිනලා 2015 වෙද්දී මයිත්‍රීපාල වගේ මිනිහෙක්ටත් පරදින්න උනේ ඔන්න ඔය උද්ධච්ච කම නිසා තමයි. මුන් කවද හරි පරදින්නේ ගෝටාභයවත් පරද්දගෙන වීම තමයි තියෙන එකම ප්‍රශ්නේ.

    • නාමල් says:

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරලාද ?

    • ඇම්ඩා says:

      2/3 ගෝඨාභය ආණ්ඩුව 20 අකුලා ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ19යේ කුමන්ත්‍රණකරුවෝ රැක ගැනීමටද?

  2. Jehan says:

    ඈ බන් රටට ඔච්චරම සේවය කරන්න අමාරුවක් තියෙනවනම් අපි වගේ මේ රටේ කකුල් දෙකම තියාගෙන ඉන්න බැරිද?

  3. සිංහල බන්ඩා says:

    අපි පොහොට්ටුවට ජන්දෙ දුන් ජාතිකවාදීන්. ලැයිස්තුවෙන් හෝ මොකෙන්වත් ද්විත්තයන්ට මංත්‍රී වෙන්න තියා රජයේ ඉහල රැකියාවන් වලට වත් ඉඩදිය යුතු නැහැ. 19 යෙ නැත්නම් 20 ට දමාපියව්. ගෝටා කෙරෙහි ඇති විශ්වාසය කඩ නොකරව්.

    • Alapaluwa says:

      බැසිල් කියන්නෙ ජනාධිපතිතුමාගෙ මල්ලි. උඹ මොන හිවලෙක්ද එතුමට රට කරන,හැටි කියාදෙන්න.

      • Nish says:

        ඔහොම හිතන එවුන් ඉන්නේ ජවිපේ. ජාතිකවාදීන් කියන්නෙ පක්ශෙට පෙර රට තියාගෙන ඉන්න කොටසක්.

  4. Seppita horen kotan thatta orwin says:

    Mu ae putuwa atha arala kiyawala yhiyenne hariyata mu vibageta paadam karapu vidiyatama🙄🙄🙄🙄

  5. කොළඹ බයියා says:

    Good point to be discussed. If it is not declared that a person having dual citizenship cannot be appointed a member of parliament as a national list MP, this point could be taken up by legal fraternity for discussion.

  6. Aurora says:

    කැනඩා ශ්‍රී ලoකා ද්විත්ව පුරවැසියකු වන ආචාර්ය සුරේන්ද්‍ර රඝවාන් ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු වුනේ මේ නීතිය යටතේ විය හැකිය.

  7. කොටාමුල්ලෙ විල්සන් says:

    ව්‍යවස්ථාවේ සිදුරක් පෙන්නල, රිංගන්න බලන්නෙ නැතිව, ලෝකයේ වෙනත් බොහෝ රටවල් අනුගමනය කරන පරිදි ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම නුසුදුසු බවට නීති තිබීම ගැන ඔබගේ මතය කියන්න. 88/89 වකවානුවෙි JVP දේශපාලනය කරල බූස්ස බන්ධනාගාරයේ ඉඳල, පසුව ශ්‍රීලංකා නිදහස් පක්ෂ දේශපාලනයට එක්උන ජානක වක්කුඹුර වගේ අයට මෙහෙම සිතිවිලි එන එක ගැන පුදුම වියයුතු නෑ. ගමෙි අය කියන පරිදි අපොස සාමාන්‍ය පෙළ ගණිතය පාස්වෙලා තිබුන නමි මෙහෙම හිතන එකක් නෑ.

  8. Herath Banda Karaliyada says:

    No way that Dual Citizens can be enter into Parliment by after change 20th Constitutional amendment by Gotabay Rajapakse. ?
    The Dule Citizens means that their working on Double Stand ,Not for that Country Sovereignty and Independence of our land . They are working on Foreign Interest.We cannot support this proposal .

  9. sinhale le says:

    තමන් උපන් රට හැර වෙන රටක් ගැන සිතීම මුලාවක් කොරෝනාවෙන් එය දන්වා සිටියා

  10. Ranjith says:

    ද්විත්ව පුරවැසි කම් රටට වැඩකිරීමට බාදාවක් නොවේ. දැන් ඔය රනිල් සහ හොර නඩය මුළු ලංකාවේම රාජ්‍ය දේපොළ විකුණුවේ ද්විත්ව පුරවැසිකම තියාගෙනද? කර්නල් ඕල්කට් ලංකාවේ ආනන්ද, නාලන්දා, මහින්ද, ධර්මරාජ වගේ විශාල බෞද්ධ විද්‍යාල විශාල ප්‍රමාණයක් ඇතිකරලා සුද්දන්ගේ කාලයේ යටපත් කරපු බෞද්ධ අද්‍යාපනය නැගුවේ ලංකාවේ පුරවැසියෙක් වෙලා නෙමෙයි. අපේ වුන්ට ඕනේ උනාම කබරයත් තලගොයා වෙනවා

Main News