ද්විත්ව පුරවැසි කියා නන්දලාල් ඉවත් කර ගජ මිතුරෙකු මහ බැංකු අධිපතිකමට…

September 2, 2022 at 1:20 pm | lanka C news
ද්විත්ව පුරවැසි කියා නන්දලාල් ඉවත් කර ගජ මිතුරෙකු මහ බැංකු අධිපතිකමට…

රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වගකිවයුතු තත්ත්වයක් තුළ,එය අමතක කොට මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බරපතළ අවලාද සහ චෝදනාවන් ගොන්නක් ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් වෙමින් තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙකු යැයි චෝදනා කරමින් ආණ්ඩුව තමන්ගේ ගජමිතුරෙක්ව මහ බැංකු අධිපති බවට පත් කිරීමේ කුමන්ත්‍රණ නාඩගමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, මහ බැංකු අධිපතිවරයා සහභාගිවූ වැඩ සටහනේ දී රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගේ හැසිරීම අතිශය පිළිකුල් සහගත වී යැයි ද පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩු ගැන විහිලු කතා කරනවට වඩා මේ මොහොතේ ආණ්ඩු පාර්ශ්වයේම ප්‍රධානීන් අතර මූලික එකඟතාවයක් පැවතිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නක්වත් නැති තත්ත්වයක් තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන හිතන්නටවත් පුළුවන් දැයි විමසා සිටියේය.

මේ තීරණාත්මක මොහොතේ රට ගොඩනැගීම වෙනුවෙන් තම සහයෝගය ඉල්ලා සිටීමේ කටයුත්ත මෙන්ම,ආණ්ඩුව පාර්ශ්වයෙන් ද,ඒ පිළිබඳව යහපත් එකඟතාවයක් තිබිය යුතු යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද(02) පාර්ලිමේන්තුවේ දී ය.

– Media unit

84,197 views

15 Comments to “ද්විත්ව පුරවැසි කියා නන්දලාල් ඉවත් කර ගජ මිතුරෙකු මහ බැංකු අධිපතිකමට…”

  1. Sahana says:

    අනේ මෙහෙම ගොන්නු රැලක්. මේ මනුස්සයට ඉන්න දෙන්නෙ නෑ. හොරට කන්න බැරි නිසා . මේ මනුස්සය ද්විත්ව පුරවැසි නෙවෙයි. Only Sri Lankan citizen.

    • තායිලන්තෙට වී රට රකින අපේ විරුවා says:

      අයිෂේ තමුසෙ නන්දලාල් නේද?
      මොකද මේ Sahana කියල එන්නේ.
      තව සහන ඉදිරියට!

      • Sahana says:

        තොට ප්ුුකේ ඉත්තෑවනද යකෝ. මම දන්න ලාලෙක් නෑ.
        නමුත් මම ඇත්ත දන්න කෙනෙක්

  2. Asanka says:

    Very cheap SAJITH

  3. Citizen says:

    Will SJB vote for the Budget as a team or vote against today ????

  4. Appuhamy says:

    YES or NO today ????? Or you are not sure of the team ?

  5. කැපුවත් පොහොට්ටුවට says:

    අපේ රනිල් ජනපතිතුමාට ඕන එකෙක්ව දාගනී. බූරු පුතා පැනල නොදි හිටපන්

  6. NuwanJ says:

    මෙක මාර කියමනක් නෙ පාර්ලිමෙන්තුවෙදි සජබෙ සෙට් එක මහ බැංකු අධිපතිව විවෙචනය කලා කියල නිවුස් ගියේ
    කිරි ඇල්ල, හර්ෂා නැගිටල ගිය සෙට් එක පොහොට්ටුවෙ කට්ටිය කියලද කියන්නෙ

  7. කිරිහාමි says:

    සබජ සෙට් එක නේද මහබැංකු අධිපති ට ගැහුවේ
    දැන් මහබැංකු අධිපති හොඳ වෙලා ද

  8. True Srilankan says:

    එක අතකට ඔය මිනිහව අයින් කරලා දාන එක හොඳයි. මොකද මිනිහා තවමත් ප්‍රායෝගික නැති ‘දේශීය නිශ්පාදන ආර්ථිකය’ කියන මිරිඟුව පස්සේ යනවා කියන එක පේනවා. හැම එකකටම ආනයන සීමා දාගෙන දඟලන්නේ ඒකයි. රුසියාව වගේ ස්වභාවික සම්පත් විශාල වශයෙන් තියෙන විශාල භූමි ප්‍රමාණයක් තියෙන රටකට ඕක කරන්න පුළුවන් වුනාට මේ වගේ පොඩි රටකට ඔය වැඩේ කරන්න බැහැ. ඔය වැඩේ කරන්න ගිහින් තමයි සිරිමාවෝ 1978දි හොම්බෙන් ඇනගෙන ආසන 8ට බැහැලා ප්‍රජා අයිතියත් නැති කර ගත්තෙත් මේ මෑතකදි ‘විරුවාට’ රටෙනුත් පැනලා යන්න වුනේ. අපි උත්සාහා කරන්න ඕන ‘ආනයන – අපනයන ආර්ථිකයක්’ ඇති කරගන්න සිංගප්පූරුව වගේ. අපේ රටේ නිශ්පාදනය වැඩි කරන්න ඕන් තමයි ඒත් එහෙම කරන්න ඕන රට ඇතුලේ අඩු වියදමකින් ඉහළ තත්ත්වයකින් ඵලදායී විදියට නිපදවලා විදේශ විනිමය හොයන්න පුළුවන් දේවල් මිසක් අර විදුලි වාහන හදනවා කියලා බාල කෑලි පූට්ටු කරලා හුච්චක්කු අටවලා ජපානයේ අළුත් ලීෆ් එකක ගානට මිල නියම කරනවා වගේ ගොන් පාට් නෙවෙයි. තව ඒ වගේම උගත්, පුහුණු ශ්‍රමිකයන්ට විදේශ රැකියා අවස්ථා ලබා දීම, වරාය ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, නූතන සංකල්ප ඔස්සේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, ආයෝජනයට හිතකර විදියට රටේ ප්‍රතිපත්ති වෙනස් කිරීම වගේ දේවල් වලින් රට ඇතුලට විදේශ විනිමය ගේන්න ඕන. එහෙම උපයන විදේශ විනිමයෙන් අපේ රටේ ඵලදායී විදියට නිපදවන්න බැරි දේවල් ආනයනය කරන්න පාවිච්චි කරන්න ඕන. එහෙම නැතිව අර රාවණාගේ අහවල් එක නැගිටිනකල් බලාගෙන ඉන්න හෙළු කක්කා පුත්තු කියන විදියට විදේශීය ආනයන වලට රට වහගෙන, අල බතල ගිල ගිල, දෙක තලාගෙන බයිසිකල් පාගගෙන ළිං ගෙම්බෝ වගේ හිටියා කියලා රට දියුණු වෙන්නේ නැහැ.

    • Sanath says:

      අම්මෝ මෙන්න හෙන ආර්තික ඔස්තාර් කෙනෙක්. දේශීය නිශ්පාදන ආර්තිකය ගොඩ ගන්නෙ නැතුව හැමදාම ණයට ගන්න තමයි වෙන්නෙ. ඒක තේරුම් ගන්න හොන්දයි.

      • ඌ “හෙන ආර්තික ඔස්තාර් කෙනෙක්” නොවෙයි; හෙන වැදිය යුතු “වැසිකිළි ඔස්තාර්” කෙනෙක්.

    • Kotiya says:

      Go and see in Netherlands. දෙක තලාගෙන බයිසිකල් පාගගෙන most people come to work in all major cities.

  9. Janaka from Matara says:

    These imbeciles in SaJaBa don’t even know if they are coming or going. A couple of days ago Kriella and Harsha were baying for CB Governer’s blood.

  10. වෙබ් බුවා says:

    මෙයා IMF නියෝජිතයෙක්.
    පස්සෙ තේරෙයි මොහුත් අර්ජුන මහේන්ද්‍රන්ට දෙවෙනි වෙන්නෙ නැති බවට.
    කොහොමත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට මෙන්ම රාජ්‍ය සේවය ගන්න හොඳ නෑ

Main News