ද්විත්ව පුරවැසි බාල්දියෙන් ගීතා ගොඩ.. ස්විට්සරලන්ත පුරවැසි මහින්දගේ මන්ත්රීකම අහෝසි වෙන්න යයි..
March 15, 2017 at 9:20 am | lanka C news
තම විවාහයත් සමග හිමිවූ ස්විට්සරලන්ත පුරවැසි භාවය ඉවත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
එය මෙතෙක් අධිකරණයට දැනුම් දී නොතිබීම තම නීතීඥයින්ගේ ප්රශ්ණයක් බවත් අදාල ලියවිලි ඉතා ඉක්මනින් අධිකරණය ටවත ලබා දෙන බවද සදහන් කරයි.
නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ ඇමති මහින්ද සමරසිංහ මහතාටද ස්විට්සරලන්තයේ පුරවැසි භාවය ලබා තිබෙන බවද සදහන් කරන ඔහුට එරෙහිවද නීතිය ඒ ආකාරයෙන් ක්රියාත්මක විය යුතු බවද කියයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණූ විමසීමට අප ඇමති මහින්ද සමරසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.