දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

January 27, 2021 at 12:40 pm | lanka C news
දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනන බවත් මෙමගින් හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති බවත් බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.

සංවිධානාත්මක ලෙස මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් දිළිඳු පුද්ගලයින් යොදාගෙන රක්ෂිතය එලි කරවා ඔවුන්ට මුදල් දී එම ස්ථානයෙන් ඉවත් කර බලපත්‍ර සාදමින් තම අයිතිය පවසන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

මේ සඳහා රජයේ කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ගේ සහයෝගයද ලබා ගන්නා බවද එම සංවිධානය කියයි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය යටතේ මං මාවත් සකස්කර හොර ඔප්පු සාදා මහා රක්ෂිතය මැද හෙක්ටයාර ගණනාවක් කුඹුරු කර ඇති බවත් පුරාවස්තුවලින් ගැවසුණු විශාල භූමියක සියලුම පුරාවස්තු විනාශ කර ඇති බවත් එම අවස්ථාවේදී ඥානසාර හිමියෝ සඳහන් කලහ.

මෙම සිදුවීම්වලට විරුද්ධව වන සංරක්ෂණ හෝ වනජීවී දෙපාර්තමේන්තු මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ග කුමක්දැයි ප්‍රශ්න කර සිටි උන්වහන්සේ අනවසරයෙන් අදාළ ප්‍රදේශයේත් නොවන පුද්ගලයින් පැමිණ සිදුකරන වනාන්තර විනාශය වැලක්වීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

– media unit

 

38,135 views

17 Comments to “දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..”

  1. ගොන් බයියා says:

    අපේ ස එක්ක සෙල්ලම් බෑ කියන්නෙ අන්න ඒකයි.

    • B4 UNP now Gota says:

      ජැටිය දීම සදහා වක්‍ර උදව්වක් ආණ්ඩුවට!

  2. රන්වල says:

    පැණි නාඩගමත් කෙලෝගෙන නාට්ටිය අවුල් ගිය වෙලාවෙ ඊලග නලුවව සබයට බස්සල නලුවො වෙනස් උනාට පිටපත අනුග්‍රහය එකම නැනකින්.ඩොලරෙ දෙසීයට ගිහින් එදා වේල ණයට කන රට කෑලි වලට විකුණන එව්ව අමතක වෙන්න නියම ඔසුව.

  3. ක්‍රිමිනල් says:

    මේ අවුරුදු එකහාමාරේ කොච්චර කැලෑ එලිවුනාද , ගැසට් ගහලා රටේ වන ගහනය බහුජාතික සමාගම් වලට දෙන්න ගේම් ගැහුවද ? සිංහරාජය ,මුතූරාජවෙල ,කඩොලාන වියාපාරිකයන්ට දුන්නද ? මේ එකක් ගැන වචනයක් නොදඩවපු ඥාණසාර උන්නාන්සේ එකපාරටම හීනෙන් බයවෙලා ,මෙන්න හම්බයො එළිකරලා ,ජනාවාස හදනවලූ , V8 එකකට තමන්ට දුන්න චන්දේ පාවාදීපූ ගනින්නාන්සෙලාගෙන් මේ රටේ මිනිස්සු පරිස්සං වෙන්න ඔනේ. අධෝමැය ,කුජීතැය..😂😂

    • kawinda says:

      me ratata ayithikaarayek nehe… kiyala Elle Gunawansa Himi Salakunedi kiuwa. balagena yanakota eka eththa. ane agamethi thumani mewa gena hoya balaa kramaya hari gaswanna. obathumata PIN.

  4. Api helayo says:

    හාමුදුරුවනේ ජිහාඩය දරුනුයි.ප්‍රවේසමෙන්.

  5. saman says:

    කලින් ආණ්ඩුවේ නම් වැරදියි. දැන්නම් අවුලක් නෑ

  6. කොළඹ බයියා says:

    මේ රට ඔක්කොමලා එකතුවෙලා කනවා ලමයිනේ. තව ටික කාලෙකින් කාන්තාරයක් බවට පත්වෙයි මෙහෙම ගියොත්. වතුර පිටරටින් ගේන්න වෙයි. ඔක්සිජන් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. භෂාව හා සංස්කෘතිය පදනම් කරගෙන මේ විදියට වන විනාශ කලොත්, දරුවන්ට යන එන මං නැතිවෙනවා. අයියෝ.

  7. Sinha le says:

    නීති ඇමතිගේ බලේ මුන් පෙන්වන්නේ අනේ අපේ රටට ගිය කල කෝ අපේ විමල් කෝ අපේ ගම්මන්පිල?

  8. a sad Fellow says:

    Sri Lanka will become a treeless, dry country like Middle east, and India and Saudi Arabia will fight for supremacy. Native Sinhala Buddhist will perish.

  9. Swordfish says:

    මිනිස්සු මේ වගේ දේවල්වලට දේශපාලකයින්ට බනිනවා හැබැයි උන් විතරක් නෙවෙයි මේවට වගකියන්න ඕනෙ.

    රාජ්‍ය නිලධාරීන් කියලා ඉන්න උන් ටිකත් කරන්නේ තම්බින්ගෙ සල්ලි අරගෙන උන්ට නටන්න දෙන එක. මුන් ඔක්කොම සල්ලිවලට රට ජාතිය පාවාදෙනවා.

    • Jepi buster says:

      අනිවාර්යෙන්, ජහපාලනේ තියනකම් රාජ්‍ය අනුග්‍රහය ඇතුව කැලෑ කැපුව. උන්ව එලෝල දාල රටට ආදරේ මිනිස්සුන්ව රජ කලාම හොර නිලදාරි හැත්ත පගාවට යටවෙලා හම්බයින්ට රෙද්ද උස්සනව. දැන් ඉතින් කුහක ජෙප්පොයි සමනළ ගූඑන්පී සජබ පොන්සියොයි පෝළිමේ එයි ස්’ ෆේල් කියාගෙන.

  10. Sun says:

    Our politicians do not know the importance of forestry. We all survive because of the trees. The ministers and the managers need to undergo training of this matter. Otherwise, we are going to loose our water resources and no ground water for us.

Main News