‘දැං ගල කැපුවෙ කවුද.. රනිල් වෙන්න ඇති..’ මුළු සභාවක් සිනා සයුරේ ගිලේ.. මහින්දටත් හිනාව සගවනු බැරි වේ.. [Video]

December 18, 2016 at 4:01 am | lanka C news
‘දැං ගල කැපුවෙ කවුද.. රනිල් වෙන්න ඇති..’ මුළු සභාවක් සිනා සයුරේ ගිලේ.. මහින්දටත් හිනාව සගවනු බැරි වේ.. [Video]

ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරී හමුවක් හම්බන්තොටදී අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට වරය ගැන අදහස් පල කරද්දී රැස්ව සිටි පිරිස නොනවත්වා සිනාසුනහ.

‘දැං ගල කැපුවෙ කවුද දන්නෙ නෑ.. රනිල් වෙන්න ඇති.. ඇයි හිනාවෙන්නෙ. මං එහෙම හිතල නෙමෙයි කිවුවෙ’ යයි කී හිටපු ජනාධිපතිවරයාටද සිනාව නවතාගත නොහැකි විය.

13 views

17 Comments to “‘දැං ගල කැපුවෙ කවුද.. රනිල් වෙන්න ඇති..’ මුළු සභාවක් සිනා සයුරේ ගිලේ.. මහින්දටත් හිනාව සගවනු බැරි වේ.. [Video]”

  1. jayamal says:

    සයුමි, අසරණයා ඇතුලු දේශප්‍රේමී මිතුරන් වෙත…

    ජය ජයම වේවා….!

    https://www.youtube.com/watch?v=_X3uFl-1wjs

    • xxx says:

      එයාට එහෙම දේවල් කරන්න බෑ, කාටහරි කියලා කප්පවගන්නවා මිසක්.

    • Alapaluwa says:

      අනේ මම මේ බැලුව හැමදාම කෝ මේ ජයමාල් ,පවර් ,සයුමි කෝ කියලා අසරණ ස්හොදරයව නම් දකිනවා කමක් නැ දැකීම පුදුම සතුටක් ඉන්න එකම් ඇති ඔබලා සියලුමදෙනා.මොකද අපි ළඟදීම හමුවෙන්න ඕනේ බැවින්.

      • jayamal says:

        ආලපාලු හිතවත, නිතර නොලිව්වත් රට වෙනුවෙන් ඔබ ඇතුලු මිතුරන් ලඟින්ම අපිත් ඉන්නවා. ලක්මව යලි හිනැහෙන නුදුරු දිනයේදී සතුටු සිතින් හමුවෙමු..!

        • asaranaya says:

          ජයමල් නැවත පැමිණීම ගැන හරිම සන්තොශයි, ආලපාලු සහෝ, අපි ලඟදීම හිනහෙමු, සැනසෙමු.
          රටවෙනුවෙන් ඇදහැලෙන සියලු ගන්ඟාවෝ මහ සයුරේදි හමුවෙති, එදාට ජයමල්ගෙ ජයමල් ගීතිකාව අප සැම ලස්සනට ගායනා කරමු.

          • Alapaluwa says:

            එදාට, අපේ රටට මල්පිපෙන දවසට, මගේ ගානේ ඔයාලව එක්කගෙන යනවා Kruger national park එක පෙන්නන්න (south Africa) වල.

        • sayumi says:

          ජය ජයම වේවා ! .මේ හෙළයේ ඔබ අපේම රජ වේවා !!!
          ——————————————————————–
          ජයමල් , ඔබ දැකීම ලොකු සතුටක් ! (නිවසට දැමූ කමෙන්ට් එක තාම පල වුනේ නෑ. )

          හිතවත් Alapaluwa, ජයමල් කියනවා වගේම නිතර නොලිව්වත්, රටවෙනුවෙන් මා ඇතුළු අපේ හිතවතුන් ලඟම ඉන්නවා .
          ඔබ සැමට ජයම වේවා !

    • Micro Man says:

      අප සුජාත මාතෘ භූමියේ සුභ අනාගතයක් උදෙසා නුදුරු අනාගතයේදීම නැවතත් සදෙව් ලොව සිටන් දෙව් රජෙකු දකුණින් වැඬිනු ඇත.ඒ අසිරිමත් දිනය උදාවන තෙක් හිතවත් ඔබ මා ඇතුළු අප සහෝදර හිතවතුන් විශාල පිරිසක් මඟ බලමින් සිටිනවා නොඅනුමානය.ඒ දිනය හැකි ඉක්මනින් ම උදාවේවා කියා අප සැවොම එක සිතින්ම ප්‍රාර්ථනා කරමු..෴

  2. දඹානේ ලංකා ශ්‍රී says:

    අනිවාර්යයෙන්ම කිව යුතු කරුණක් තියෙනව. මේ දිනවල ආණ්ඩුවේ ඉන්න ශ්‍රී.ලං.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීල එ.ජා.ප. යට විරුද්ධව ප්‍රසිද්ධියේ කථා කරණව. එ.ජා.ප. මන්ත්‍රීලත් (විශේෂයෙන් පසුපෙළ මන්ත්‍රීවරු) ශ්‍රී.ලං.නි.ප. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට විරුද්ධව කථා කරණව. ඒත් හොඳින් මතක තියා ගන්න, ඕක “හුදු රංගනයක්” පමණයි. ලබන වසරේ නොපවත්වා බැරිම වන පුංචි ඡන්දයේදි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පූර්ණ ආශිර්වාදයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන එ.ජා.ප. විරෝධී ඡන්ද හැකි උපරිමයෙන් කඩා ශ්‍රී.ලං.නි.ප. යට ලබා ගැනීමටත්, එ.ජා.ප. ඡන්ද, එ.ජා.ප. යට හැකි තරම් සුරක්ෂා කර දීමටත් පමණක් කරණු ලබන හුදු රංගනයක් පමණයි ඒ. එ.ජා.ප. මන්ත්‍රී වරු සහ ශ්‍රී.ලං.නි.ප. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන් මෙසේ රංගනයක නොයෙදීමෙන් විනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන ඡන්ද අඩු කිරීමට කිසිම හැකියාවක් ලැබෙන්නේ නැත. මෙම රහසිගත කුමන්ත්‍රණය දුර සිට අවබෝධ කර ගැනීමත්, මහජනතාවට ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා දැනුවත් කිරීමත් මේ මොහොතේ අත්‍යවශ්‍ය කර්තව්‍යයකි.

    ඉහත කුමන්ත්‍රණය රනිල් වික්‍රමසිංහගේ සැලසුම් අනුව, සිය ලාභ ප්‍රයෝජනය පිණිස ඕනෑම දහ ජරා දෙයක් කිරීමට නොපසුබට ලක් ඉතිහාසයේ පහළවූ නිර්ලජ්ජිතම පාවා දෙන්නා වූ මෛත්‍රීපාල සිරිසේන විසින් දුන් උපදේශයන්ට අනුව ක්‍රියාත්මක වන බව මාගේ හැඟීමය.

    කුමන්ත්‍රණ මඟින් මහජන ඡන්දය මංකොල්ල කෑම ආණ්ඩුවේ ක්‍රමවේදය වී ඇත. ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයකට පෙරදීම ඉතා සුළුතර ආසන සංඛ්‍යාවක් තිබූ එ.ජා.ප. නායකත්වය අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම අමු අමුවේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමකි. ඉන් පසු පැවැත්වූ මහ මැතිවරණයෙන් අනතුරුව වත්මන් පාර්ලිමේන්තු සංයුතිය කුමන්ත්‍රණකාරී ලෙස වෙනස් කොට ඇත්තේ මහජන පරමාධිපත්‍යය තුට්ටුවකට ගරු නොකොටය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතුය මහ පොළොවේ මහජන මතයට සමානුපාතිකව බෙදී යායුතු වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය මූලිකාංකයක් මුත්, මෙම සංකල්පය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මරා දමා ඇත. වර්තමාන විපක්ෂ නායකවරයා එම තනතුර දැරීමට කිසිඳු ඡන්ද පදනමක් නොමැත්තෙක් වන නමුත් ඔහු එම තනතුරට පත් කොට ඇත. ඇමරිකාවට පක්ෂ සියලු අන්තර්ජාතික ප්‍රජාව මෙම තත්වයන් ඉතා ඕනෑකමින් මඟ හැරයමින් සිටී. එහෙත් මෙම තත්වය කෙසේ හෝ මර්ධනය කල යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මෙම අති බරපතල අපරාධ මෙතැනින් නොනැවතී තවදුරටත් ශ්‍රී ලාංකික ජනතාව රවටා අනාගතයටත් බලය මංකොල්ල කෑමට සිරිසේන සහ වික්‍රමසිංහ සැලසුම් කරණ බව අපගේ අවබෝධය විය යුතුය.

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවද ඉතා දරුණු ලෙස රැවටීමකට ලක් කොට ඇත. බටහිර කරණය තුළ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවගේ අනන්‍යතාවයන් දියකර හැරීමටත්, පලස්තීනයට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනීසිටීමටත්, සිරියානු සිවිල් යුද්ධය හරහා මුස්ලිම් ජනතාව ඝාතනය කරවන පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටීමටත් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේම සහය ලබා ගැනීමට රජය වංචාකාරීව සහ සූක්ෂමව කටයුතු කොට ඇත. බුදු දහම කෙරේ මුස්ලිම් ප්‍රජාවගේ ඇති ඊර්ෂ්‍යාවත්, ඉස්ලාම් දහම කෙරේ සිංහලයන්ගේ ඇති තරහවත් රජය කුල්මත් කරවන බව අප තරයේ මතක තබා ගත යුතුය.

    ඔබ අකමැති පක්ෂයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වන විට නිහඬව සිටීමත්, ඔබ කැමති පක්ෂයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වන විට කෑමොර දීමත්, හුදෙක් මුග්ධ බව බැව් එක්සත් ජාතික පාක්ෂිකයින්ද වටහා ගත යුතුය.

    අද රට හමුවේ ඇති බරපතළම අභියෝගය නම් රටට මූලික ප්‍රජාතන්ත්‍රවාදයේ අවමය දිනා දීමය. පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනා බුද්ධිමත්ව ඒ සඳහා කටයුතු කළ යුතුය.

  3. vishwa says:

    පට්ටයි ඕයි .

  4. අකිල says:

    සාගල වෙන්න ඇති

  5. Vishva says:

    Dayasirigenma ahanna . Ditta damma wedani kiyanne owata manthrii thumo….. kurunegala.

  6. Dorsan says:

    සාගලගේ දැන් කපන්න දෙයක් නැහැ. අනෙක සාගලට කියලා රනිල් කප්පවාගත්තා මිසක් රනිල්ට සාගලට කැපුවේ නැහැ. සාගල ඔය කපන කොල්ලෝ එක්ක තමයි දැන් ලෝකේ වටේ ඇමෙරිකාව නවසීලන්තය වගේ රටවලට පළමු පන්තියේ ගුවන් ගමන් යන්නේ සහ තරු හතේ හෝටල් වල ඉන්නේ. අනෙක සාගල ලඟින්ම ආශ්‍රය කරන්නේ පල හොරෙක් වන කුපාඩි කම් වලින් රජකු වන වනචර හොර දොස්තර රොහාන් විජේසුන්දර කියලා චීන කෝකියෙක්. උ දොස්තර කියලා ලංකා හොස්පිටල් එකේ අද්‍යක්ෂ මණ්ඩලයේ හිටියට ලෝකේ කිසිම වද්‍ය සබාවක ලියාපදිංචි වෙලා නැහැ. දැන් බලපල්ලා සාගලට දෙනියායවත් දිනන්න බැරිවුනා. කඹුරුපිටිය නම් හොර ඩොකා හින්දා නිල්.

  7. Micro Man says:

    🙂 ඔබතුමාත් ඉඳලා ඉඳලා පට්ට ටෝක් තමයි දෙන්නෙ.

    ඇත්ත සර්. එදා ඔබතුමන්ගේ රාජ්‍ය පාලන සමයේදී ශ්‍රී ලංකාවේ අනාගත සුභ සිද්ධිය උදෙසා දායද කරන්නට වූ මත්තල ගුවන් තොට සහ හම්බන්තොට වරාය හා එකි මෙකී නොකී අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් වලට හොර ගුහා කී එවුන්ට අද එවැනි ව්‍යාපෘතීන් තුළ කිසිඳු දෝෂයක් නොමැති වී ඇත. කප්පරක් පට්ට බොරු ගොතා ඔබතුමා පුමුඛ රාජපක්ෂ සහෝදර ශක්තිය ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලනයෙන් නෙරපා හැරීමට ගැසූ කතිරයේ ප්‍රතිඵලයන්හි රඟය වර්තමානය වන විට මුළු රටටම හොඳහැටි දැනී අවසන්ය.ඉඳිරි අනාගතයේදිවත් එවැනි අමන තකතීරුකම් ශ්‍රී ලාංකේය බහුතර ජනතාව නොකිරීමට කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරමු.

    • jayamal says:

      ඔබතුමා තිස්වසරක දරුණු යුද්ධයක් ඉවර කරලා රට ඉහලටම එසෙව්වා මහා දැවැන්ත සංවර්ධනයෙන්. වෙන රටවල් ඔවැනි අඳුරු යුග පසු කලේ ආර්ථිකව හුගක්ම පහතට ඇද වැටිලා. ඔබතුමා මේ රට ඉහලටම එසෙව්ව බව හැමෝම පිලිගන්නවා පක්ශ පාට භේද නැතිව. ජනතාව බොරු මඩ ප්‍රචාර වලට රැවටුන බව බහුතරයක් දැන් තේරුම් අරන්. අනික මේ විදියට එක්සේසත් කල රට කෑලි කෑලි වලට කඩන්න ව්‍යවස්තා ගේන්න කිසි සේත්ම ඉඩ දිය නොහැක. ජනතාව නැගී සිටිනවා මෙයට විරුද්ධව අනිවාර්‍යයෙන්.

      හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල ඔබතුමා ජාතියට තිළිණ කල දායාද. මේවා විකුණන එක මහ පොලොව නුහුලන අපරාධ. තව දුරටත් මේ රට මහා අගාධයකට ඇද දමන තුරු තුරු ජනතාව බලා නොසිටින බව සහතිකයි!

      http://www.yuthukama.com/2016/12/YuthukamaSeminar.html

  8. සකල බුජං says:

    එදා,,
    කොළයෝ,හෙළයෝ,ගිණි සිළුවෝ,රත්තෝ,සාධාරණයෝ, කොටි ඔලුවෝ එක්ව ඉහල පෙලේ සාකච්ඡාවකි.උන්ට මුක්කු ගැසූ නිලයෝ අසුන් මද බැවින් බිම ඇන තබාගෙන එකත්පස්ව ඉන්නෝය​.
    කොළයෝ,, මාගම්පුර ලොකු ගලක්ලු.
    හෙළයෝ ,, නැවක් තියා ලී තෙප්පමක්වත් ඇතුල් කරන්න බැරිලු.
    ගිණිසිළුවෝ,,ගිණි තියමු වරායට.
    රත්තෝ ,,ඕක තියෙන්නෙ සේද මාවතේනෙ,ඊටත් වරායට ගිණි තියන්නෙ
    කොහොමද​?වරායෙ තියෙන්නෙ වතුරනෙ.
    සාධාරණයෝ,,සේද ඕන නම් බොම්බායෙන් හරි මදුරාසියෙන් හරි ගන්න පුළුවන්නෙ.
    මුක්කු නිලයෝ,,ඒක තමයි.
    කොටි ඔලුවෝ,, අපට නම් ඔය මොකුත් යෙපා, මේ ඉඩම් නඩුව විෂඳල දෙන්න​.
    අද​,,
    කොළයෝ ,,අපි ගල කැපුව​.
    හෙළයෝ ,,අපිනෙ උදව් කලේ.
    ගිණිසිළුවෝ ,, අපිට මොකුත් කියන්න බැහැ,දැන් අපේ ගිනි නිවුන.කොළ එලිය
    දැම්ම​.
    රත්තෝ ,,ගල කැපුවට අපි විරුද්ධයි.
    සාධාරණයෝ,,ඒකට විරුද්ධ වෙන්න එපා.සල්ලි ඕන නම් අපි දෙන්නම් රුපියල්
    නෙමේ ඩොලර්වලින්.
    රත්තෝ ,, ඒව කරදර වැඩ.දෙනව නම් දියන් රුපියල්,අපි දෙන්නම් දාන්න ඕනෙ
    ගිණුම් අංක​.
    කොටි ඔලුවෝ,, අපේ වෙඩේ නම් අරි අයියා,අපිට අරි ෂතුටුයි,යිඹ ගන්න ඉතෙනව
    අයියා..
    මුක්කු නිලයෝ,,අපිට මොකුත් නැද්ද​?
    කොළයෝ ,,තියනව​,උඹලට එදත් දුන්නෙ මුක්කු,අදත් දෙනව මුක්කු තද කරල අල්ල
    ගනිල්ල මේක වැටෙන්න නොදී?????

Main News