දැඩි නියඟයෙන් පීඩා විඳින වන සතුන්ට ජලය සපයයි..

September 30, 2016 at 2:04 am | lanka C news
දැඩි නියඟයෙන් පීඩා විඳින වන සතුන්ට ජලය සපයයි..

දැඩි නියඟය හේතුවෙන් ජලය සොයාගෙන වන සතුන් ගම්වැදීම නතරකිරීම සඳහා ජාතික උද්‍යානවලට බවුසර් මගින් ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

යාල,  උඩවලව, විල්පත්තුව, ලුණුගම්වෙහෙර, බුන්දල, කුමන, ගල්ඔය ඇතුළු ජාතික උද්‍යාන රැසක මෙම ජලය සැපයීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ද සුමේධා ජී. ජයසේන මහත්මිය පෙන්වා දෙයි.

මෙම ජාතික උද්‍යානවල පිහිටි පොකුණු හා කුඩා වැව්වලට ජලය සැපිමේ කටයුතු බවුසර් මගින් සිදුකෙරේ. මීට අමතරව ඇතැම් ජාතික උද්‍යානවලට සුර්ය ශක්තිය (සෝලා) මගින් ක්‍රියාත්මක ජල පොම්ප මගින් ගංගාවල ජලය ලබාදීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වේ.

මෙම ජලය ලබාදීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍යවරිය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ඩබ්ලිව්. එස්. කේ. පතිරත්න මහතාගෙන් විමසූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

දැඩි නියඟය හේතුවෙන් ජලය සොයාගෙන වන සතුන් ඇතැම් ගම් ප්‍රදේශවලට  පැමිණීමට ඉඩ තිබෙන නිසා ඒ ගැන අවධානයෙන් සිටින ලෙසද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටී.

එසේ ගම්වදින වන සතුන් මරා දැමීමට කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බවද තිරසර සංවර්ධන හා වන ජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය වැඩිදුරටත් කියා සිටී.

– ප්‍රසාද් මංජු

58 views

2 Comments to “දැඩි නියඟයෙන් පීඩා විඳින වන සතුන්ට ජලය සපයයි..”

  1. ගිරවා says:

    විල්පත්තු වන රක්ෂිතයේ ගස් කැපීමේ සාපය ……රට ගිනි ගනිද්දී දේශපාලුවන්ගේ මඩිය පිරෙනවා අහෝ රටට සිදුවූ විපත

  2. Champa says:

    ඉතාම උතුම් කාර්යයයක්. අහන කොටත් මගේ හිතට හරිම පහන් හැඟීමක් ඇති වෙනවා. සතුන්ටත්, ගම් වැසියන්ටත් දෙගොල්ලන්ටම සැනසීමක් ගෙන දෙන දෙයක්.

    සුමේධා ජයසේන ඇමතිතුමිය කරන වෙනත් හුඟක් අර්ථවත්, යහපත්, ඵලදායී වැඩ ගැන මම කියවල තියෙනවා. හැබැයි සමා වෙන්න ඕනේ ඒවා අගය කරලා වචනයක් දෙකක් ලියන්න තරම් මට වෙලාවක් නැති වීම ගැන, ඒ මොකොද කිව්වා නම්, අපේ වැඩි අවධානය යොමු වෙන්නේ මේ ආණ්ඩුව කරන දේශද්‍රෝහී පාවාදීම් වලට සහ පලිගැනීම් වලට නිසා. We are compelled to give our priority to protect our country from the traitors. The dire situation of the country warrants us to be vigilant, cautious and extraordinarily perceptive of what is happening in the country pertaining to our sovereignty, national security, Buddhism, judiciary and Ranaviruvo.

    ගහ කොළ, සතා සීපාවා, කෘෂිකර්මාන්තය, භෝග වගාව සහ දේශීය කර්මාන්තය නංවන, ග්‍රාමීය ආර්ථිකය නංවන, දුප්පත් මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහල නංවන, රැකියා උත්පාදනය කරන වැඩ පිළිවෙලවල් ගැන දැන ගන්න මම හරිම කැමතියි.

    දයා ගමගේ ඇමැතිතුමාත් මත්ස්‍ය කර්මාන්තය ගැන මොකක් හරි මේ ලඟදි කියලා තිබුනා. Caption එක විතරයි කියෙව්වේ, ඉතුරු ටික බලන්නවත් වෙලාවක් තිබුනේ නැහැ. ඒ මොකොද කිව්වා නම්, අපිට හිත් වේදනා ඇතිවෙන විදියේ පලී ගැනීම්, රට පාවා දීම්, ව්‍යවස්ථා වෙනස් කිරීම වගේ වෙන දේවල් ගැන ලියන්න වෙච්ච නිසා.

    තමන්ගේ දේශපාලන පළිගැනීම් වලට ජාත්‍යන්තරව සහ දේශීයව ප්‍රචාරයක් දෙන්න මෝඩ ආණ්ඩුව දඟලන දැඟලිල්ල, “සමහර ඇමතිවරු” කරන හොඳ වැඩ වලට දෙන්නත් තරම් මොලයක් තිබුනා නම්?

    අර පේනවද, මෙලෝ වැඩක් නොකර හිස් කතා කිය කියම ඉන්න අගමැතිතුමාටයි, නිමක් නැති ගොන් කතා කියන කිරිඅල්ල ඇමතිතුමාගේ ගොන් කතා වලටයි මාධ්‍ය වලින් විශාල ප්‍රචාරයක් අරන් දීලා මිනිස්සුන්ගේ ලේ පුච්චන වෙලාව, මොකක් හරිම හොඳ වැඩක් කරන සුළු ඇමතිවරු සංඛ්‍යාවකගේ හොඳ වැඩ ගැන ප්‍රචාරයක් දෙන්න යොදවන්න තරම් සිහියක් තිබුනා නම්?

Main News